මැතිවරණය කඩාකප්පල් කිරීමට ගන්නා සෑම උත්සහයක්ම පරාජය කළ යුතුයි – නීතිඥ සංගමය

මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ගන්නා සැම උත්සහයක් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි .

2023 මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නීතියෙන් නියම කර ඇති පළාත් පාලන ඡන්දය කඩාකප්පල් කිරීමට රාජ්‍ය බලධාරීන් විසින් මෑත දී ගත් උත්සහයන් පිළිබදව තම සංගමය දැඩි කණස්සල්ල පල කරන බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි .

රජයේ මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව කියමින් ආණ්ඩුව මැත සතිවල ගත් තිරණ කිහිපයක් මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම බලපැමක් ඇතිකර ඇතැයි එම නිවේදනයේ සදහන් වේ .

සියලුම මැතිවරණ ඉතා වැදගත් බව නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය මගින් අවධාරණය කරයි .

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් ‌මෙසේ සදහන් වෙයි .

මැතිවරණ කටයුතු සදහා අයවැයෙන් රුපියල් බිලියන 10 ක් වෙන්කර තිබියදීත් පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාරය ලේකම්වරයා ,රජයේ ුද්‍රණාලයාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතන වල ක්‍රියාකලාපය මැතිවරණ නතර කිරීමට දැඩි උත්සහයක් ගත් ආකාරය පැහැදිලිවම පෙන්නුම් කරන බවත් ඒමගින් ජනතාවගේ ජන්ද බලය හැල්ලුවට ලක්වන බවත් නීතිඥ සංගමය පවසයි ‍.

ඉදිරි මැතිවරණ වලදීත් මුුුුුදල් නැතැයි ඡන්ද කල් දැමීම ව්‍යවස්ථාදායක මෙන්ම විධායක පුර්වාදර්ශයක් කරගතැයි අනතුරු අගවන නීතිඥ සංගමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සදහන් වන්නේ සියලුම රාජ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බැදී සිටින බවත් එය ප්‍රතික්ෂේප කිරීම හෝ අපොහොසත් වීම දඩුවම් ලැබිය හැකි අපරාධ වරදක් බවත් පෙන්වා දෙයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා නිසි කොන්දේසී නිර්මාණය කිරීමට සහතික කිරීමට ජනාධිපතිවරයාට ද බලය පවරා ඇති බව ද නීතිඥ සංගමය පෙන්වා දෙයි .

රටේ අත්‍යවශ්‍ය කටයුත්තක් වන මැතිවරණය පැවැත්වීම සදහා මුදල් ලබාදීම සහතික කිරීම පාරිශූද්ධ යුතුකමක් බවත් තවදුරටත් ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ භාධා කිරීමේ කිසිදු උත්සහයකිිින් තොරව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට ලරු කරන ලෙසත් නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටවග බලා ගන්න ලෙසත් නීතිඥ සංගමය රජයෙන් සහ සියලුම රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *