මැනුම් විද්‍යා උපධිධාරීන් පිළිගැනීමට සහ ලියාපදිංචියට ආයතනයක් නැහැ

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ භු විඥාපන පීඨයෙන් (faculty of Geomatics ) පිටවන උපාධිධාරීන්ට වෘත්තීමය භාවය පිළීබද ගැටලුවකට මුහුණ දිමට සිදු ඇති බවත් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්මේන්තුවට වසරකට බදවා ගන්නේ ඉතාම සීමිත පිරිසක් බවත් භු විඥාපන පිඨයෙන් පිටවන සිසුන්ගේ වෘත්තීමය භාවය පිළිගැනීමට හා මිනින්දෝරුවෙකු ලෙස කටයුතු කිරීමට ලියාපදිංචිය ලබා ගැනීමට විධිමත් ආයතන ව්‍යුහයක් සකස් කර දෙන ලෙසට සබරගමුව භු විඥාපන පිඨ ශිෂ්‍ය සංගමයේ සහාපති සමිත විදුරංග ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය .

සබරගමුව විශ්ව විද්‍යාලයෙන් පිටවු මැනුම් විද්‍යා උපාධිධාරීන් බහුතරයකට වෘත්තීමය පිළීගැනීම හිමි වි නැති බවත් මෙරට බොහෝමයක් වෘත්තීන් සදහා වෘ.ත්තීමය පිළිගැනීමක් ලබා දීමට ඉජිනේරු වෘත්තීය සදහා IESL වැනි වෘත්තීමය ව්‍යුහයන් පිහිටුවා ඇති බවත් භු විද්‍යා පීඨයෙන් පිටවන උපාධිධාරීන්ට මැනුම් ක්ෂත්‍රය තුළ තම වෘත්තීමය පිළිගැනීම ලබා ගැනීමට ව්‍යුහයක් තවමත් සකස් වි නොමැති බව විදුරංග පෙන්වාදුන්නේය .

මැනුම් විද්‍යා උපාධිධාරීන්ට ලංකාව තුළ වෘත්තීමය පිළිගැනීමක් නැති වුවද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුමුඛ පෙලේ (Royal intitution of Chartered Surveyors and International Federation of Surveryors ) ඉහළ ආයතන වල පි‍ළිගැනිමක් ඇති බව ඔහු කීය .

ඔහු එසේ පැවැසුවේ අද (25) කොටුව චිත්තම්පලම් ගාඩන්හි ලංකා ගුරු සංගම් ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදීය.

මැනුම් විද්‍යා උපාධිධාරීන් සියල්ලම අනාවරණය වන පරිදි විධිමත් වෘත්තීමය ව්‍යුහයක් සකස් කර නොමැති නිසා පුද්ගලික අංශයේ රැකියාගතව සිටින 45% ක් වු මැනුම් විද්‍යා උපාධිධාරීන් සදහා කිසිදු ආකාරයක පිළිගැනීමක් මැනුම් ක්ෂත්‍රය තුළ සැකසී නැති බවත් 2002 අංක 17 දරණ මැනුම් පනතේ 39 වන කොටසේ (11) මගින් මැනුම් සභාවේ මිනින්දෝරුවෙකු ලෙස ලියාපදිංචි වීමට සම්පුර්ණ කළ යුතු පුහුණුව පැහැදිලි කර ඇතත් එය ලබා ගත හැකි නිශ්චිත ආයතනයක් හෝ ස්ථානයක් හෝ පැහැදිලිව සදහන් කර නැති බව ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පැවසීය .

මැනුම් විද්‍යා උපාධිධාරීන්ට රාජ්‍ය අංශය තුළ රැකියාගත වීමට ඇති ප්‍රධානම ආයතනය ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්මේන්තුව බවත් වසර හතරකට පසු 2020 11 06 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව මැනුම් විද්‍යා උපාධිධාරීන් එකසීය හතර දෙනෙක් (104) බදවා ගැනීමට තරග විභායක් පවත්වා 97 දෙනෙක් බදවා ගත් බවත් මිනින්දෝරු දෙපාර්මේන්තුව තුළ ආධුනිත මැනුම්කරුවන් සදහා පුරප්පාඩු තිබියදී ඉල්ලුම් කරන සියලුම මැනුම් උපාධිධාරීන්ට එම අවස්ථාව ලබා දීමට ආදළ පාර්ශව කටයුත් නොකිරීම බලවත් ගැටළුවක් බව විදුරංග පෙන්වාදුන්නේය .

මේවන විට මැනුම් විද්‍යා උපාධිධාරීන් 800 ක් පමණ පිරිසක් පිට වි ඇති අතර ඉන් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්මේන්තුවට බදවාගෙන ඇත්තේ 400 ක පමණ පිරිසක් බව කී විදුරංග මැනුම් විද්‍යා උපාධිධාරීන් විශාල පිරිසක් මිනින්දෝරු දෙපාර්ම්න්තුවට සම්බන්ධ විමට බලාපොරෝත්තුවෙන් සිටින බවත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *