මැයි 09වෙනි දා ගෝඨා ගමට පහර දීම, රාජ්‍ය මිලේච්ජත්වය ප්‍රදර්ශනය කිරීමක්

The attack on Gota village on May 9, a display of state loyalty

පසු මැයි 09 වන දා රාජ්‍ය බලය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලා සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබු ක්‍රියා මාර්ග කවරේදැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාස පැවැසීය.

ආණ්ඩුව මැයි 09 දා අරගලකරුවන්ට පහරදුන් මැරයන්ව ආරක්ෂා කර බවත්, එවෙනුවට ආණ්ඩුව දමිතා අබේරත්න වැනි කලා ශිල්පිනියන් සහ තරුණ, තරුණියන් අත්අඩංගුවට ගනිමින් රාජ්‍ය මිලේච්ජතවය ප්‍රදර්ශනය කිරීමක් බව විපක්ෂ නායකයා පෙන්වාදුන්නේය.

එවැනි ප්‍රචණ්ඩත්වයකට කිසිසෙත් ඉඩදිය නොහැකි බවත් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංඟන ශිල්පී දමිතා අබේරත්න සුවදුක් සොයා බැලීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය අමතා එසේ පැවැසීය.

ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට කිසිසෙත් ඉඅඩ නොදෙන බව කී විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් කොන්දේසි විහිතව පෙනි සිටින බවත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *