මැර තිස්ස විතාරණට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

සමසමාජ පක්ෂයේ  ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් කරන ලද මහාචාර්ය තිස්ස විතාරණට බරපතළ විනය විරෝධී චෝදනා එල්ල වි තිබුනත් පක්ෂ සමාජිකත්වයේ ඉල්ලීම මත ඔහුව තවදුරටත් පක්ෂයේ සමාජිකත්වයේ තබා ගැනීමට සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තිරණය කරයි . එම තිරණය ගෙන ඇත්තේ ජුලි 22 වනදා කොළඹ ඉබ්බන් වල සමසමාජ පක්ෂ මුලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්විමේදීය .  

මධ්‍යම කාරක සභාව 2022 අප්‍රේල් 22 වන දින මහාචාර්ය විතාරණව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ඩබ් . අබේසේනව පත්කරගෙන ඇත.

පක්ෂ මධ්‍යම කාරක සභාවේ බහුතරයේ එකගතාවය මත මහාචාර්ය විතාරණව ඉවත් කර අබේසිංහව පත් කර ගත්තද  ඔහු මධ්‍යම කාරක සභාවේ බහුතරයේ මතයට ගරු නොකරමින් සහ පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරමින් එකාධිපතියෙකු ලෙස හැසිරී ඇතැයි සමසමාජ පක්ෂ සමාජිකයෝ පවසති.

  2023 මැයි 27 රැස් වු මධ්‍යම කාරක සභාව විතාරණට එරෙහිව කරුණු 22 ක් ඇතුළත් චෝදනා පත්‍රයක් භාර දී ඇති අතර ඊට දින දාහතරක් (14) ඇතුළත පිළිතුරු බදින ලෙසත් එම ලිපියේ සදහන් කොට තිබිණ . දින දාහතරක් ඇතුළත පිළිතුරු නොදුනහොත් එම කරුනු ඔහු පිළිගත් බවට තිරණය කටයුතු කරන බව නව ප්‍රධාන ලේකම් ඩබ් . අබේසේනගේ අත්සනින් විතාරණට ලිපියක් යවා ඇත. ඔහු  මේ වනතෙක් එම චෝදනා පත්‍රයට පිළිතුරු බැද නැත.

විතාරණගේ මැරයෝ සමසමාජ පක්ෂ මුලස්ථානයට කඩාවැදි සිදුකරන මැර ක්‍රියා නතර කිරීම සදහා අතුරු තහනම් නියෝගයක් පනවන්නැයි සමසමාජ පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ධර්මසේන ඇතුළු නීතිඥ පිරිස කොළඹ දිසා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලු කොළඹ දිසාවිනිසුරු සදුන් විතානගේ අතුරු තහනම් නියෝගයක් නිකුත් ක‌ෙ‍ළ්ය .

2023 මැයි 30 වන දින මහාචාර්ය විතාරණමධ්‍යම කාරක සභා රැස්විමක් කැදවන මුවාවෙන් මැරයෝ පිරිසක් සමග පක්ෂ මුලස්ථානයට පිවිසෙන ගේට්ටු කඩාගෙන ඇතුල් වී නියෝජ්‍ය ලේකම් එස් .හපුආරාච්චිට සහ ශිරාන් සමරතුංගට මැරයෝ ලවා පහරදීම.

බොරැල්ගේ ආචාර්යඑ එන් .එම් .පෙරේරා මාවතේ පිහිටි ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය පිහිටි ඉඩම හෝ ඉඩමෙන් කොටසක් විකුණා දැමීමට කටයුතු කිඑරීම .

පක්ෂයේ නිලතල වලට යම් යම් පුද්ගලයන් අත්තනෝමතිකව පත් කිරීමට උත්සා කිරීම .

විතාරණ පක්ෂ ලේකම් ධුරය දරපු කාලයේ පක්ෂ ව්‍යවස්තාවෙන් මධ්‍යම කාරක සභාව වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල අත්තනෝමතික ඔබ අතට ගනිමින්  පක්ෂයේ නියෝජ්‍ය ලේකම් එස් .හපුආරච්චි දේශපාලන බල මණ්ඩල සභික උපුල් රාජිත ,පක්ෂයේ නිල පුවත් පත වන සමසමාජ පුවත්පතේ ප1දාන කර්තෘ සමන් සී .ලියනගේ ,  මධ්‍යම කාරක හා තරුණ සමිති සංවිධායක නිර්මල හාපුආරච්චි  රත්නපුර දිස්ත්‍රික් සංවිධායක හා මධ්‍යම කාරක සභික සහ මධ්‍යම කාරක සභික ශිරාන් සමරතුංග යන සහෝදරවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්තනෝමතිකව තහනම් කිරීම යන බරපතළ වෝදනා ඇතුළු චෝදනා විසි දෙකාක් විතාරණට එරෙහිව ගොනුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *