මැ. කොමිසම මුදල් ඉල්ලා යවපු ලිපිය අමාත්‍යවරයාගේ අනුමැතියට

පළාත් පාලන මැතිවරණය සදහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපිය ,මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කර ඇතැයි එහි ලේකම්වරයා එම කොමිසමට දැනුම් දී ඇත .

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා එසේ දැනුම් දි ඇත්තේ ,මැතිවරණ කොමිසම, ලේකම්වරයාට පසුගිය 07 වෙනිදා යවන ලද ලිපියට පිළිතුරු යවමින්ය .

පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරීම සදහා ප්‍රමානවත් බලයක්ව නැතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වවරයා තමන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සදහන් කළේය .

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා මුදල් නුදුරේ දී ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සභාපතිවරයා පැවැසීය .

ආණ්ඩුව මුදල් ලබා නොදිම හේතුවෙන් මාර්තු 09 වෙනිදා පැවැත්වීමට තිබු පළාත් පාලන ඡන්දය අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ආණ්ඩුව 2023 අයවැයෙන් මැතිවරණය සදහා වෙන් කර ඇති මුදල් රදවා තබා ගැනීමෙන් වළකින්නැයි දන්වමින් , ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යඃශයේ ලේකම්ට , මුදල් අමාත්‍යවරයාට සහ නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරිමෙන් අනතුරුව මැතිවරණ කොමිසම නැවත ඡන්දයට දිනයක් නියම ‌ කෙරිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *