මීලග පොලිස්පති මමයි -දේශබන්දු කියයි

මී ලග පොලිස්පති වශයෙන් තමාව පත් කිරීමට ජනාධිපතිිිිිවරයා අනුමැතිය ලබාදී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිසීය ආවරණය කරන මාධ්‍යවේදීන් හට පවසා ඇත .

ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අතර මාර්තු 16 වෙනිදා විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති අතර ඒය ඊලග පොලිස්පතිවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් බවත් වාර්තා විය .

වත්මන් පොලිස්පති සී .ඩි . වික්‍රමරත්න මාර්තු 25 දින විශ්‍රාම යෑමට නියමිත අතර ඔහුට සේවා දිගුවක් ලබාදෙනවාාද නව පොලිස්පතිවරයෙකු පත් කරනවාද යන්න පිළිබදව සාකච්ජාවක් සිදු වෙමින් පැවැතිණ.

පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රමවේදය වන්නේ ඒ සදහා සුදුසු පුද්ගලයන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට යොමු කිරීම හා එම සභාව ඒ සදහා සුදුස පුද්ගලයෙකු අනුමත කර පත් කිරීම සදහා ජනාධිපතිවරයාට යැවිමය .

නව පොලිස්පති සම්බන්ධයෙන් වු ජනාධිපතිවරයාගේ නාම යෝජනා ලැබී ඇත්දැයි දැන ගැනීමට කතානයක මහින්ද යාපා අබේවර්ධන දුරකතනයට සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය අසාර්ථක විය .

ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *