මුදලිගේ නිදහස් කරන්නැයි මහජනයා පාරට

අඅනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල ඹණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවා තබාගෙන දින 150 ක් විම නිසා , ඔහු වහා නිදහස් කර , ත්‍රස්ත පනත වහා අහෝසී කරන්නැයි රනිල් රාජපක්ෂ – ආණ්ඩුවට බල කර කොළඹ තුන් මුල්ල හංදියේ ඊයේ (16) පැවැති විරෝධතා උද්ඝෝෂණයට පොලිසිය කදුළු ගැස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරින ලදි .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින්ය . එම විරෝධතා උද්ඝෝෂණයට බහුජන සංවිධාන හා වෘත්තීය සමිති නායකයින් සහ මහජනය ද සහභාගි වි සිටියහ .

විරෝධතා උද්ඝෝෂකයින් පිරිසක් මුලින් පොලිසිය නොමග යැවිම සදහා ටවුන්හොල් වලට රැස් වු අතර පසුව උද්ඝෝෂණය පැැත්වුයේ තුන් මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටය . පොලිසියට එම ස්ථානයට ලගා විමට පැය භාගයක පමන කාලයක් ගත විය .

පසුව උද්ඝෝෂකයින් මුල්ලේ සිට පෙළපාලියෙන් ගාලු පාරට පැමිිණ එතැන් සිට බම්බලපිටිය දෙසට ගමන් කරද්දි ,වතුර ටැන්ක් තුනක් යොදා පාර හරස් කළ පොලිසිය විරෝධතාකරුවන්ට පහර දෙන්නට ුදානම් වෙද්දි මැරයින් ඩ්‍රයිව් පාර වැටි එතැන් සිට ගොල්ෆේස් දෙසට ගමන් කළහ .එම පාර හරස් කළ පොලිසිය නැවත ජල පුහාරයක් එල්ල කළේය . ජල ප්‍රහාරයත් සමග නැවත ගාලු පාරට පැමිනි උද්ඝෝෂකයෝ සාන්ත අන්තෝනි මාවත හරහා වැලිකඩ දෙසට හෑමට උත්සහ දැරූහ . පසුව උද්ඝෝෂකින් පසු පස හඹා ගිය ජල ප්‍රහාරක රථ සහ පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර උද්ඝෝෂකයින් පලවා හැරියේය . විසිර ගිය උද්ඝෝෂකයින් නැවත එකතු වි ඉදිරියට ගමන් කරද්දී , පොලිසිය සෞන්දර්ය විශ්ව විද්‍යාල අසල (නෙළුම් පොකුණ අසල) දි උද්ඝෝඝෝෂකයින් කොටු කර ගත්තේය . එහි දි විරෝධතාකරුවන් සහ ‌පොලිසිය උණුසුම් තත්ත්වයක් හට ගැණින . පොලිසිය විශ්ව විද්‍යාල භුමීයට ඇතුල් වෙන්න උත්සහ කරද්දි , උද්ඝෝෂකින් එය වැළැක් වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *