මුදලිගේ නිදහස් කළ නියෝගය බලරහිත කරන්නැයි නීතිපතිගෙන් අභියාචනයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කකරු වසන්ත මුදලිගේ චෝදනා වලින් නිදහස් කිරීමේ නියෝගය වහා බල රහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇත.

පසුගිය සිකුරාදා අභියාචනය ගොනු කළ බව නීතිපති දෙපාර්මේන්තුව පැවැසීය .

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවටගෙන නීතිපති උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුට නීතිපතිවරයාගේ උපදේස් නොමැතිව ඇප ලබාදිමට ‌හෝ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නැතැයි එම අභියාචනයේ සදහන් කර තිබේ . එසේ තිබියදිත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන්ගේ ද විරෝධතාවය නොතකා සැකකරු නිදහස් කිරීම නීතියට පටහැනි බවත් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ එම නියෝගය බල රහිත කර නඩුව පෙර පැවති ආකාරයෙන් පවත්වාගෙන යැමට නියෝග කරන්නැයි නීතිපතිවරයා එම අභියාචනයෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *