මුදලිගේ නිදහස් : ත්‍රස්ත පනත අවභාවිතා කරලා -මහේස්ත්‍රාත්

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අවභාවිතා කරමින් , බොරු සාක්කි මත අන්තර් විශ්ව විද්‍යාල‌ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේව රදවා තබා ගැනීම දේශපාලන අවශ්‍යතාවයක් මත සිදු කර ඇතැයි පෙනි යන බව පැවසු කොළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඔහු නිදහස් කරන්නැයි නියෝග කළේය .

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට මුදලිගේ අද (31) ඉදිරිපත් ඛල අවස්ථාවේ එසේ නියෝග කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ මුදලිගේට එරෙහිව ගොනු කර තිබු නඩුවෙන් ඔහු නිදහස් කළ ද උසාවිය මග හැරියේ යැයි වරෙන්තු කළ නඩුවකින් ඇප ගැනීමට ඇති නිසා නැවතත් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය .

මහේස්ත්‍රාත්වරයා ත්‍රස්තවාදය වැළැක්විමේ පනතේ වගන්ති එකින් එක ගනිමින් සහ වාක්‍ය ‌පේලි වෙනම ගනිමින් සිදු කළ විමර්ශනයකින් පසු සැකකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා 06 එම පනත යටතේ නඩු පැවැරිය නොහැකි බවත් සැකකරුට එරෙහිව ‌ගොනුකර ඇති චෝදනා ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ගොනු කළ චෝදනා බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය .

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අවභාවිතා කරමින් මුදලිගේව දින 175 ක් නීතිවිරෝධිව රදවා තබාගෛන ඇත.

මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා ආණ්ඩුවට බල කර අද (31) උදේ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විණ .

නීතිඥ නුවන් බෝපගේ

මේක ‌ෙ‌එතිහාසික නඩු තින්දුවක් . ත්‍රස්ත පනත අවභාවිතා කර , බොරු සාක්කි ගොතමින් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩ කර ඇති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදුන්නා . මුදලිගේ නිදහස් විම මහජනයා ලැබු ජයග්‍රහනයක් . ත්‍රස්තවාදි පනත යටතේ අවුරුදු ගණනක් දෙමළ තරුණයන් රදවාගෙන සිටිනවා. ඔවුන්ව නිදහස් කර ගැනීමට මැදිහත් නොවිම ගැන සමාව ඉල්ලනවා . ත්‍රස්තවාදි පනත අහෝසි කරන ‌තෙක් සටන් කරනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *