මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයඊයේ (10) නියෝග කළේය .

මුදලිගේ තංගල්ල අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත ඉදිරිපත් කරන්නැයි එම ශ්‍රේෂ්ඨාකරණ නියෝගයේ සදහන් වේ .

මුදලිගේ ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය .

පෙත්සම සලකා බැලුවේ විජිත මලල්ගොඩ සහ එස් . තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල විසිනි.

මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණ හමුවේ පෙනි සිටියේය .

.ගල්වැව සිරිධම්ම හිමි තමන්ව ත්‍රස්ත පනත යටතේ රදවා ගැනීමට එරෙහිව වෙනම පෙත්සමක් හ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *