මුදලිගේ වසා මහේස්ත්‍රාත් හමුවට

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේව සම්පුර්ණයෙන් රෙදි වලින් වසා අද (14) සවස තංගල්ල මහේස්ත්‍රාත්වවරයා හමුවට ඉදිරිපත් කර ඇත.

මුදලිගේව මෙසේ ‌වසා ඉදිරිපත් කරන්නේ මන් දැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් විමසු අවස්ථාවේ පෙරට්ටු වලට ඉදිරිපත් කරන්නට ඇති නිසා එසේ රැගෙන ආ බව අපරාධ පරික්ෂණ නිලධාරීන් පවසා තිබේ .

පෙරට්ටු සදහා ඇති නඩු මොනවා දැයි මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ගෙන් විමසු අවස්ථාවේ ඔවුන් දන්නේ නැතැයි පැවසු බව වාර්තාවේ .

අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත්ය කරන ලෙසත් ඔිනෑම නීතිඥයෙකු බැලීමට ඉඩ සලසා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදරිපත් කරන ලෙසත් පසුුුුගිය 11 වෙනිදා මුදලිගේ විසින් ගොනු කරන ලද පෙත්සම විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිනරණය නියෝග කළේය .

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට දින තුනක් ගත වි ඇතත් මුදලිගේව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් කර නැත .

ජායා රූපය – දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *