මුදලිගේ වහා නිදහස් කරන්නැයි මානව හිමිකම් සංවිධාන 07ක් ඉල්ලයි

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්න මුදලිගේව අත්තනොමතිකව රදවා ගබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 07 එකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි .

ජාත්‍යන්තර ක්ෂමා සංවි‍ධානය, මානව හිමිකමි සහ සංවර්ධනය සදහා වු සංවිධානය ,හියුමන් රයිට්ස් වොච් සංවිධානය ,පෙරටුගාමි ආරක්ෂක සංවිධානය , ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම ,සහ සාමය හා යුක්තිය සදහා වු ශ්‍රී ලංකා කණ්ඩායම යන සංවිධාන හා කණ්ඩායම් එකාබද්ධව නිවේදනය නිකුත් කර ඇත.

මුදලිගේ අ‌ගොස්තු 21ද්‍ර සිට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවා තබගෙන සිටින බවත් එම පනත කුරිරු පනතක් වන අතර රජය ත්‍රස්තවාදි පනත අහෝසි කරන බව පොරෝන්දු වුව ද නමුත් මේ වනතෙක් එම පනත අහෝසී කර නැතැයි එම නිවේදනයේ සදහන් වේ

දුෂිත පාලන ක්‍රමයට එරෙහිව ආරම්භ කළ ජන අරගලයට ආණ්ඩුව මුහුණ දුන්නේ පොලිසියට සහ හමුදාවට අසීමිත බලතල ලබා බව ඔවුන් පෙන්වා දෙති .

ත්‍රස්තවාදය පනත යටතේ මුදලිගේ රදවා තබා ගැනීමට කිසිදු හේතුවක් නැතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් ‌සදහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *