මේජර් ජෙනරාල් ජයසුරිය යුද හමුදා මාණ්ඩලි ප්‍රධාන තනතුරට

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් චන්න විරසුරිය අද (29) පත් කරයි .

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නිර්දෙශයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත්විම සිදු කර ඇත.

ආදාළ පත්විම් ලිපිය අද (29) පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී යුදහමුදාපති අතින් මේජර් ජනරාල් ජයසුරිය ලබාගෙන ඇත.

මේජර් ජෙනරාල් වීරසුරිය කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි .

විරසුරිය 1986 වසරේ කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් යුද හමුදාවට බැදි ඇති අතර පුහුණුවෙන් අනතුරුව 1987 වසරේ දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් පලමු වන පාබල හමුදාවට එක් වී ඇත.

මේජර් ජෙනරාල් වීරසුරිය යුද හමුදාවේ මාණ්ඩලික තනතුරට පත් වන්නේ නියෝජ්‍ය මාණ්ඩලික තනතුරේ සිටියදීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *