මෛත්‍රීට කෝටි10 ක  වන්දිය ගෙවන්නට දුන් කාලය ජුලි 11 වැනිද්‍රයින් අවසන්

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්  ප්‍රමානවත් බුද්ධි තොරතුරු  ලැබි තිබියදීත් එය වළක්වා ගැනීම සදහා කටයුතු නොකිරීම තුළින් පරිපාලනමය වැරදි සිදු කිරරීම  සම්බන්ධයෙන් වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස නියමවු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන්ට ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්  කාලය ජුලි 11වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ . එම දිනයට පෙර එම වගඋත්තකරුවන් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් නිර්නාමිකව සිටීමට කැමති නීති ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුම අනිද්දාට පැවසීය .

මේ සම්බන්ධයෙන් වු තීන්දුව අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඇතුළු බුවනෙක අලුවිහාරේ ,එල්ටිබි දෙහිදෙණිය , මුර්දු පුනාන්දු , එස් .තුරෙයිරාජා , ඒඑච්එම්ඩි .නවාස් සහ ශිරාන් තුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2023 ජනවාරි 12  දින ලබාදුන් අතර එම තීන්දුව මගින් ප්‍රකාශයට පත්කරන ලද්දේ ,නියම කරන ලද වන්දි මුදල මාස හයක කාලයකදී ගෙවිය යුතු බවය .

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේනට රුපියල් මිලියන 100 ක වන්දියක් හිටපු පොලිස්පති පුජිත ජයසුන්දරට හා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වන්දියක් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරී ප්‍රනාන්දුට රුපියල් මිලියන 50 ක් වන්දියක් හා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10 කවන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින්  නියම කළේය .

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් එහි වින්දිතයන්ට රුපියල් මිලියනයක වන්දියක් හා ඒ මගින් අබාධිත තත්වයට පත් වු පුද්ගයෙකුට රුපියල ලක්ෂ 5 ක වන්දියක් රජය විසින් ගෛවිය යුතු බවද නියම කළේය .

තවදුරටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය .

මෙම වන්දි මුදල් හානියට පත්වුවන් වෙනුවෙන් ඇති කරන ගිණුමක තැන්පත් කළයුතු බව ද ඒ සම්බන්ධයෙන් වු ප්‍රගතිය  නීතිපතිවරයා විසින් මාස තුනකට කාලයකදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දිය යුතු බව ද වඩිදුරටත් නියම කළේය .

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එම මුලික අයිතිවාසිකම් පෙත්සම් වලවගඋත්තරකරුවන් වු වන්දි නියම කරන ලද පුද්ගලයින් මෙතෙක් වන්දි ගෙවා ඇති බව වාර්තා නොවන අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පියවර ගත් බවක් ද වාර්තා වන්නේ නැත.

ඉදුවර බණ්ඩාර -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *