රජයේ හමුදා ඝාතනය කළ දෙමළ ජනයා කොළඹ ජනයා යුක්තිය ඉෂ්ට කරති

රජයේ හමුදා මගින් වෙල්ලමුල්ලිවයික්කාල් හිදී කුරිරු ලෙස සමුල ඝාතනය කරන ලද දසදහස් ගණනක් දෙමළ ජනයා සිහිපත් කිරීමේ අනුස්මණ වැඩසටහනක් අද (18) උදේ වැල්ලවත්ත මුහුද අද්දර පැවැත්විණ .

දෙමළ ජනයාව කුරිරු ලෙස ඝාතනය කර මැයි 18 වෙනිදාට අවුරුදු 15 ක් පිරීම නිමිත්තෙන් එම අනුස්මරණ වැඩ සටහන පැවැත්විණි . විශේෂයෙන් උතුරු – නැගෙනහිරට අමතරව රටේ අනෙකුත් ප්‍රදේශ වල ද මේ වැනි අනුස්මරණ වැඩ සටහන් පවත්වා ඇත .

මරා දමන ලද දෙමළ ජනයා සිහිකර මල් තබා ,පහන් පත්තු කර සිහි කිරීමෙන් අනතුරුව පැමිණි සියලු දෙනා හට බත් කැද ලබා දී ඇත .

රටපුරා පැවැත්වෙන අනුස්මරණ වැඩ සටහන් වලට සහයෝගය දැක්වීමටත් සත්‍ය පිළිගනිමින් ‌මරා දමන දෙම‍‍‍ළ ජනයා වෙනුවෙන් යුක්තිය හා වගවිම ඉල්ලා සිටිමටත් ගාලුමුවදොර අනුස්මරණ වැඩ සටහන අවකාශයක් කරගනිමු යැයි අරගලකරුවන් ඉල්ලා සිටිති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *