රටේ ආර්ථිකය ස්ථාවරයි – මහ බැංකු අධිපති

රටේ ආර්ථිකය ඉතාම අනතුරුදායක තත්වයක තිබු අවස්ථාවක මහ බැංකුවේ හදුන්නා දුන් මුල්‍ය ප්‍රතිපත්ති නිසා මේ වන විට යම් ස්ථාවරත්යක රට පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි .

රුපියල බාල්දු විමට සහ උද්ධමනය ඉහලයාමට ප්‍රධාන වශයෙන් හේතු කිපයක් බලපෑ බව ආචාර්ය වීරසිංහ පෙන්වාදුන්නේය

රට ආර්ථික අර්බුදයකට නැවත ගමන් නොකිරිමට ආවශ්‍ය මුලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 නේ අයවැය ත්‍රල අන්තර්ගත බව ද ආචාර්ය වීිරසිංහ පැවැසීය .

මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවැසුවේ ඊයේ(15) කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදීය .

ජනවාරි වෙන කොට අපට සංචිත තිබුණේ අඩුවෙන් සහ තවදුරට නොලැබෙන තත්ත්වයක බවත් ඒ අනුව අපට ණය ගෙවන්නට හැකියාවක් නොතිබියදී , රුපියලේ අගය 203 පවත්වාගෙන යාමටත් මහ බැංකුව කටයුතු කළ බව කී මහ බැංකු අධිපතිවරයා තිබුණු සංචිත ටිකත් තෙල් මිල දී ගැනිමට සහ ණය ගෙවිමට වියදම් බවත් පැවැසීය .

ඔහු වැඩිදුරටත් මෙසේ පැවැසීය

රුපියලේ අගය 203 රදවා ගන්න බැරි වෙන කොට තමයි මාර්තු මාසයේ රුපියල පා කරලා හැරීයේ . එහෙම පා කළාම තමයි රුපියල 203 සිට එකපාරටම 365 ට380 ට ඉහල ගියේ .

දිගින් දිගටම මුදල් අච්චුගැසීිම නිසා උද්ධමනය වැඩි වෙනවා . උද්ධමනය වැඩිවෙන කෙට අපට ඊගට ගන්න තිබු පියවර තමා මුදල් පතිපත්ති දැඩි කරන එක . ඒ අනුව අපි අප්‍රේල් මාසයේ සිට පොලි අනුපාතය වැඩි වශයෙන් ඉහල නංවලා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියට ගියා . මුදල් ආච්වු ගැසීම අඩු කරලා ආදායම් වැඩි කර ගැනීමට පියවර ගත්තා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *