රට පුරා ආණ්ඩුවට එරෙහිව කම්කරුවෝ විදී බසිති

බදු වෙනුවට දඩ ගසන රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වහා හකුළා ගන්නැයි බල කර බැංකු සේවකයෝ සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විදුලි ඉංජිනේරුවන් අද (01) වැඩවර්ජනයක නිරත වුහ .

එම සටනට පන පොවමින් වරාය , ටෙලිකොම් , දුම්රිය , තැපැල් , සෞඛ්‍ය අංශ , විදුලි සේවකයෝ අර්ධ රාජ්‍ය ,වතු සහ පෞද්ගලික අංශයේ කම්කරුවෝ කෑම පැයේ එම ආයතන ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක නිරත වුහ .

මෙම විරෝධතා උද්ඝෝෂණ සදහා විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

රාජ්‍ය , අර්ධ රාජ්‍ය , වතු සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ද මෙම විරෝධතාවයට එක් වුහ .

වරාය සේවකයෝ අසාධාරණ බදු පනත වහා අහෝසී කරන්නැයි ආණ්ඩුවට බල කර වරාය ඉදිරිපිට විරෝධවයේ නිරත වු අතර දුම්රිය වෘත්තීය සමිති පොදු සන්ධානය එක්වෙමු ! දිනාගමු ! අයීන් වෙනුවෙන් පෙළගැසෙමු යටතේ බැංකු පොලී ණය වාරිකය වැඩි කිරීමටත් උපයන විට ගෙවීමේ බද්ධ වැඩි කිරීමටත් විදුලි බිල වැඩි කිරීමටත් එරෙහිව දුම්රිය මුලස්ථානය ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ,

අධ්‍යාපන ක්ෂත්‍රය ගුරු -විදුහල්පතිවරු කළු ඇගෙන සහ කළු පටි බැදගෙන රාජකාරී කටයුතු වල නිරත මෙින් ආඪුවේ බදු ප්‍රතිපත්තියට සහ මර්දනයට එරෙහිව විරෝධය පෑහ .

වරාය හ්‍රී ලංකා සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ

ශ්‍රී ලංකා වරාය අද (01) සිට හෙට (02) උදේ 7 වෙන කම් මන්දගාමීව තමා වැඩ කරන්නේ . වරාය අධිකාරීය වාර්තා කරන්න පුළුවන් අකුරට වැඩ කිරීමේ අපේ ක්‍රියාමාර්ය අසාර්ථකයි කියලා .වරායේ ‌දෛනික සිදු කරන වැඩ වලින් 75% නතර වෙලා තියෙන්නේ . අසාධාරණ බදු පනත අහෝෂී කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා . රනිල්ගේ ආණ්ඩුවට හෝ වරායේ පාලනාධිකාරීයට හෝ භයේ අපි අඩියක් පස්සට ගන්නේ නැහැ .මේ ආරම්භයක් පමණයි . මේ අරගලය ජයග්‍රහනය කරලා මිසක් අතහරින්නේ නැහැ . රටම වැඩ වරණ දවසට අපිත් එකතු වෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *