රතු වරෙන්තුකරුවන් බාර නෙදෙන්නේ මධුෂ් මැරූ නිසයි

ජාත්‍යන්තර පොලිසීය මගින් ශ්‍රී ලංකාව රතු නිවේදන නිකුත් තර ඇති මේ වන විට වෙනත් රටවල සිටින සැකකරුවන්  රටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත්තේ  මෙරටට බාරදුන් සැකකරුවන් මරා දැමීම බව වාර්තාවේ .

ජාත්‍යන්තර පොලිසීයේ වරෙන්තුවක් මත අත්අඩංගුවටගෙන මෙරටට ගෙන්වාගත් මාකදුරේ මධුෂ් පොලිසීය බාරයේ සිටියේදී ඝාතනයට ලක්වීම මිට හේතු වි ඇතැයි වාර්තාවේ .

මේ අනුව රතු නිවේදන නිකුත් කර ඇති එම සැකකරුවන්ට ඹ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වි ඇත්තේ ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නිකුත් කරන රටක් නිසා බවට අපරාධ හා නීතිය පිළීබද නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පාර්ලිමේන්තුවේ විවෘත හා වගකිම සහගත රටක් පිළිබද ආංශික අධික්ෂණ කාරක සභාවට කරන ලද පැහැදිලි කිරීමේ සත්‍යතාවයක් නැති බවද වැඩිදුරටත් වාර්තාවේ .

වෙනත් රටවල විශේෂයෙන් ඉන්දියවේ  අත්අඩංගුවට පත්වී ඇති මෙම රතු වරෙන්තු ඇති ශ්‍රී ලංකා අපරාධකරුවන් රටට ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයින් පොලිස් අත්අඩංගුවේ සිටියදී , මාකදුරේ මධුෂ් ඝාතනය කිරීම සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන බවද ඒ අනුව බොහෝ රටවල මෙම පිටුවහල් කිරීම් සිදු නොකරන බවද වාර්තාවේ .

නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාවට කියා ඇති පරිදි ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ ශ්‍රී ලංකා සැකකරුවන් සංඛ්‍යාව 148 දෙනෙක් වන අතර ඉන් 12 ක් ඉන්දියාවේ සිටි. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා එම කාරක සභාවට කියා ඇත්තේ ,මරණීය දණ්ඩනය නියම කළ හැකි අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු රතු වරෙන්තු කිරීම ජාත්‍යන්තර පොලිසීය ප්‍රතික්ෂේප කළ බවයි  . 

අනිද්දා පුවත්පතේ – ලසන්ත රුහුණගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *