සිංහල ස්වෝත්තමවාදී මිලිටරි ප්‍රහාරයේ ගොදුරක් වු පොන්නම්බලම්

ශාන්ත විජේසුරිය

දෙමළ  මහජන සන්ධානයේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ව ජුනි 07 වෙනිදා කොළඹ කොල්ලුපිටිය ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී . ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ  කිලිනොච්චියේ ජයපුරම් පොලිසීයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්  විසිනි .

පොලිසිය කුමාර් පොන්නම්බලම්ව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා යැයි පොලිසියට රැගෙන ගොස්, ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගන්නා බව ඔහුට දැනුම් දි ඇත. එදිනම (07) සවස කිලිනොච්චියේ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මන්ත්‍රීවරයාව ඇප මත මුද්‍ර හැර තිබිණ.

කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිස් නිලධාරීන්ට රාජකාරීයට බධා කළා යැයි චෝදනාව යටතේ බව පොලිස‍් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා නීතිඥ නිහාල් තල්දුව මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි .  

මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීයෙකුට බැණවැදි රාජකාරීයට බාධා කළා යැයි පොලිසීය කිනොච්චියේ සිට කොළඹට පැමිණ ඔහුව අත්අඩංගුවට ගත්තේය . කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගන්නට පෙර එම රැස්විම සංවිධානය කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි ආසන සංවිධායක ජේ .සට්ගුණදේවි අත්අඩංගුවට ගෙන තිබුණි . මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ පොලිසීයේ රාජකාරීයට බාධා කළා යැයි කියාය . සට්ගුනදේවි අත්අඩංගුවට ගන්නේ කිසිදු හේතුවක් නොමැතිව පොලිසීය විසින් සකස් කළ ව්‍යාජ චෝදනා එල්ල කරමින්ය . පොලිසීය ඇය අත්අඩංගුවට ගන්නේ දෙමළ මහජනයා බිය වැද්දවීමටය .

දෙමළ ජනයාගේ ජන්දයෙන් තේරීපත් වු මන්ත්‍රීවරයෙකුට සිංහල ස්වෝත්තමවාදී පොලිසිය සලකන්නේ මෙසේ නම් ,උතුරු -නැගෙනහිර සමාන්‍ය දෙමළ ජනයාට සලකන විධිය සිතා ගත හැකිය . මන්ත්‍රීවරයා ද පොලිසීයේ හැසිරීම සම්බන්ධයෙන් වික්ෂිප්ත වී ඇත.

ආර් . රාජ්කුමාරිව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී මරාදැමු වැලිකඩ පොලිසීයේ නිලධාරීන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත . පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ආගමන විගමන පනත යටතේ පැහැදිලිවම වරදක් කර ඇති බවත් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් අමුතු අවසරයක් අවශ්‍ය නැති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් කියද්දීත් ,අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ඇය අත්අඩංගුවට ගන්නේ නැත. අපරා‍ධ පරික්ෂණ දෙපාර්මේන්තුව ගමගේ අත්අඩංගුවට ගැනීම සදහා අවසර ඉල්ලා සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා එසේ පවසා ඇත. අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට බෝලය පාස් කර ඇග බේරා ගැනීමක් මෙහි දී සිදු කර ඇත.

පොලිසීය මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර (06) දිනයේ කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබද කරුනු වාර්තා කිරීමෙන් අනතුරු අධිකරණය මගින් කුමාර් පොන්නම්බලම්ගේ විදේශ ගමන් තහනම් කෙරිණ .

මන්ත්‍රීවරයා ජුනි 02 වෙනිදා යාපනයේ නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණයන් පිරිසකගේ අරාධනාවකට එහි ගොස්  ඇත . මන්ත්‍රීවරයා ඇතුළු පිරිස රැස්ව ඇත්තේ ක්‍රීඩා පිටියක වන අතර එම ස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදනෙකු නිසා නොසන්සුන්කාරී තත්වයක් ඇති වී තිබේ .

 මන්ත්‍රීවරයා නාදුනන පුද්ගලයන් දෙදනාගෙන් ඔවුන් කවුදැයි විමසා ඇති අතර එහි දී තමන් බුද්ධී අංශයේ බව පවසා තිබේ . බුද්ධි අංශයේ නම් හැදුනුම්පත් පෙන්වන්නැයි මන්ත්‍රීවරයා නාදුනන පුද්ගලයන්ගෙන් ඉල්ලා ඇති අතර ඔවුන් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම නොසන්සුන්කාරී තත්වයට හේතු වි ඇත.

නාදුනන පුද්ගලයන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් කෙරෙහි සැක පහල වු මන්ත්‍රීවරයා එක් නාදුනන පුද්ගලයෙකු අල්ලා ගන්නට උත්සහ කරද්දී එම නාදුනන පුද්ගලයා මන්ත්‍රීවරයා තල්ලු කර පැන දුවන දර්ශන පෙළක් මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණි . මන්ත්‍රීවරයා එම බුද්ධි අංශයේ යැයි පැවසු පුද්ගලයාගේ අතින් අල්ලන්නේ ඔහුගේ හැදුනුම්පත ගැනීමටය . එම රැස්වීම පැවති ක්‍රීඩාංගණය අසල පාසලක සිටි” ඔහු පොලිසියේ (දුවපු නාදුනන පුද්ගලයා ) යැයි කියන හඩක්” සමග පොලිස් නිල ඇදුමින් ඇද හා ගිනි අවියක් අතතැතිව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ නිල්පාට සිවිල් ඇදුමකින් සැරසි සිටි පුද්ගලයෙකු පාසල දෙසින් මතු වන දර්ශනයකුත් මන්ත්‍රීවරයා එම පොලිස් නිළධාරීන් සිටින දෙසට ඇගිල්ල දිගු කරගෙන වේගයෙන් ගමන් කරන දර්ශනය ඇතුළු දෙදනා අතර ඇති වන උණුසුම් වචන හුවමාරුවත් මාධ්‍ය මගින් පෙන්වන ලදී .

 මෙම පාසලට පොලිස‍් නිලධාරීන් යොදවා තිබුණේ සමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින්ය.

බුද්ධි අංශ නිලධාරීන් හැරුනු කොට විශේෂයෙන් රථ වාහන අංශයේ සහ අනිකුත් අංශ නිලධාරීන් රාජකාරී කටයුතු වල නිරත වන්නේ නම් අනිවාර්යෙන් නිල ඇදුමෙන් සිටිය යුතුය . මන්ත්‍රීවරයා සමග වචන හුවමාරු කර ගන්නා සිවිල් ඇදුමෙන් සැරසී  සිටි පුද්ගලයා එහි රැදි සිටියේ කුමකට ද? ඔහුත් බුද්ධි අංශ  සමාජිකයෙක්ද?

මන්ත්‍රීවරයා වඩමාරච්චි තරුණයන් හමුවීමට පැමිණ තිබුණේ හොර රහසේ නොවන අතර රැස්විම ද පැවැත්වුයේ ප්‍රසිද්ධ ස්ථානයකය .  මන්ත්‍රීවරයා බුද්ධි අංශයේ යැයි පැවැසු පුද්ගලයන්ගෙන් හැදුනුම්පත් ඉල්ලු අවස්ථාවේ හැදුනුම්පත පෙන්නා අනන්‍යතාවය හෙළි කළේ නම් , මේ වැනි තත්වයක් නිර්මාණය වන්නේ නැත. හැදුනුම්පත නොපෙන්විමෙන් බුද්ධී අංශ සමාජිකයින් බරපතළ වරදක් කර ඇත. එය නිවැරැදි කරනවා වෙනුවට රාජය ආරක්ෂක ඇමති ටිරාන් අලස් ඇතුළු පොලිසීය මන්ත්‍රීවරයාට එහි වරද පැටවිමේ නිහින උත්සහයක නිරත වෙති .  

කුමාර් පොන්නම්බලම් උතුරේ දෙමළ ජනයා ඡන්දයෙන් තොරාපත් කර පාර්ලිමෙන්තුවට යවපු මහජන නියෝජිතයෙකු මෙන්ම නීතිඥවරයෙකි . ඔහුගේ සහ ඔහුගේ රැස්විම් වලට සහභාගි වන ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන් එම රැස්විම් පැවැත්වෙන ස්ථාන වලට පැමිණේන නාදුනන ඔනෑම පුද්ගලයෙකුගේ අනන්‍යතාවය විමසන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අයිතියක් ඇත. සමාන්‍ය මහජනයාට ද තමන්ගේ නිවස අසල හෝ රැකියා කරන ස්ථානයේ සැකකටයුතු නාදුනන පුද්ගලයෙකු ගැවසෙන්නේ නම් ඔහු කවුද ? කොහේද? යන්න විමසීමට මහජනයාට ද අයිතියක් තිබේ . ඒවැනි අවස්ථාවක බුද්ධි අංශ නිලධාරීන් අනිවාර්යෙන්ම තමන්ගේ හැදුනුම්පත පෙන්විය යුතුය .

 යුද්ධ කාලයේ දෙමළාට එරෙහිව පොලිසීය රටපුරා ආරක්ෂක කමිටු පිහිටුවේ නාදුනන සහ සැක කටයුතු පුද්ගලයන්ගේ අනන්‍යතාවය පරික්ෂා කිරීම සදහාය .    

මන්ත්‍රීවරයා නාදුනන සැක කටයුතු පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්නැයි ඉල්ලා සිටිමේ කිසිදු වරදක් නැති අතර රාජපක්ෂ රේජීමය මගින් නඩත්තු කළ පැරා මිලිටරි කණ්ඩායම් මෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය කළ හමුදාවේ කුලී මැරයෝ තවමත් ආයුද ඇතැතිව නිදැල්ලේ සැරිසරති . ඒවැනි තත්වයක්  ඇතුලේ කුමාර් පෙන්නම්බලම් තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් විය යුතුය .

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවා චෝදනා එල්ලවී ඇත්තේ රජයේ  බුද්ධි අංශ වලටය . පාස්තු ප්‍රහාරයත් සමග එළිමහනට කාන්දූ වුයේ ධනපති පාලක පන්තියේ සහ ධනකුවේරයන්  ආරක්ෂාව සහ අවශ්‍යතා වෙනුවෙන් කම්කරු පිඩිත මහජනයාට එරෙහිව ඔනෑම මිලේච්ජ ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බවය . මෙම මිලේච්ජ පාලකයින්ගේ ප්‍රහාර වලට කම්කරු -පීඩිත ජනයාට මුහුණ දිය හැක්කේ තමන්ගේම ආරක්ෂක කමිටු පිහිටු ගැනීමෙන් පමණි .

2001 වර්ෂයේ ඇමරිකාවේ ලෝක වෙළද පොල ඇතුළු ස්ථාන කීපයකට පහර දෙන බව සී .අයි . ඒ. සංවිධානය කලින් දැන සිටියත් තමන්ගේ මුලෝපයික සැළසුම ක්‍රීයාත්මක කිරීමට ඒවැනි ප්‍රහාරයක් අත්‍යවශ්‍ය බැවින් ඔවුන් ප්‍රහාරය ප්‍රමාද විම ගැන කනස්සලෙන් පසු විය.

බුද්ධි අංශයේ කියා ගත් නාදුනන සැකකටයුතු පුද්ගලයන්ගෙන් හැදුනුම්පත ඉල්ලා සිටිම රාජකාරීයට බාධා කළා යැයි දකුණේ පාලකයෝ ඇතුළු වර්ගවාදීන් කුමාර් පොන්නම්බලම්ව දඩුකදේ ගැසීමට මානබලති .

මන්ත්‍රීවරයාට බැණවැදුනු පොලිස් නිලධාරීයා අලස්ට මෙන්ම සිංහල බෞද්ධ ස්වොත්තමවාදීන්ට  වීරයෙකි . ඒ කුමාර් පෙන්නම්බලම් දෙමළෙකු විම නිසාය. ඔහු ආණ්ඩුව සමග සිටියා නම් තත්වය උඩුයටිකුරු වනු ඇත. අලස්ට පොලිස් නිලධාරියෙක් බැණවැදුනා නම් ඔහුගේ තත්වය නරක් මිස හොදක් වන්නට පුළුන්කමක් නැත . ජානාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග ඩීල් දමද්දී , කුමාර් පොන්නම්බලම්ලාව අත්අඩංගුවට ගන්නේ ඔහු හිලෑකර ගැනීමටය.

මන්ත්‍රීවරයා සිද්ධිය සම්බන්ධයෙන් කතානයකව දැනුම් දී තිබියදීත් ඔහුට ඊට මැදිහත් නොවුයේ සිංහල බෞද්ධ ජාතිකවාදය ඊට හරස් වු නිසාය . පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාරව ඇත්තේ කතානායකවරයාටය . ඔහුහුගෙන් අවසරයක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත නොහැකිය .

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පියාවන නීතිඥ කුමාර් පොන්නම්බලම්ව වැල්ලවත්ත රාමක්‍රීෂ්ණා ශාලාවේදී වෙඩි තබා ඝාතනය කරන ලදි .පොන්නම්බලම් සිංහල වර්ගවාදීන්ගේ වෛරයට ලක් වුයේ ඔහු දෙමළ අරගලය වෙනුවෙන් දකුණේ සමාජය තුළ පෙනි සිටි නිසාය. පොන්නම්බලම් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මොරටු සමන් නැමති පාතාල නායකයාටය. . පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රස් පක්ෂයේ නායකයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි .

දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 2006 යේ බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ ආරක්ෂක අංශ වලටය . රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ තිදෙනෙක් ඇතුළු පස් දෙනෙක්ට වෝදනා එල්ලව තිබුන ද පසුව ඔවුන්ව අධිකරණය මගින් නිදහස් කරන ලදි. ඔහුට වෙඩි ඝාතනය කළ ඝාතකයින් නීතිය හමුවට රැගෙන එන්න ආරක්ෂක අංශ අසමත්ව ඇතුවා පමණක් නොව දේශපාලන බලප පෑම මත දැනුවත්ව යටගසා ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් 2005 වර්ෂයේ මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදී වෙඩි තබා ඝාතනය කළේය . ඔහුගේ බිරිද ඇතුළු අට දෙනෙක්ට වෙඩි වැදි තුවාල වුහ. පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කර අට දෙනෙක්ට තුවාල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ පිල්ලයාන් ඇතුළු කණ්ඩායමටය. මෙම ඝාතනය සදහා පාවිච්චි කරන ලද වාහනය රාජ්‍ය බුද්ධි සේවයට කුලි පදනම මත ගත් වාහනයක් වන අතර රවිරාජ්ගේ ඝාතකයන් රවිරාජ් ඝාතනය කිරීම සදහා බොරැල්ලට ගොස් ඇත්තේ එහි සිට බවත් වාර්තා විය .

පශ්චාත් යුද්ධයෙන් පසු ජන අරගල ව්‍යාපාරයේ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් 2011 මාර්තු (09)  යාපනයේදී හමුදා බුද්ධි අංශ මගින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හමුදාවට චෝදනා එල්ල වීය . පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් ආරක්ෂක අංශ වලට එරෙහිව ගොනු කරන ලද නඩුව තවදුරටත් විභාගවෙමින් පවති . ලලිත් -කුගන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ 2011වර්ෂයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය. රාජපක්ෂ ලලිත් -කුගන් පැහැර ගත්තේ තමන් මෘගයෙකු බව පෙන්වා සමාජය බිය කර තබා ගැවීමටය. අවසානයේ මහජනයාට බියෙන් ජනාධිපති මන්දිරයේ පස්ස දොරෙන් ඔහුට පලා යන්නට සිදු විණ .

මෙම යුද්ධය දිග්ගැස්සීමත් සමග සමාන්‍ය කම්කරු -පීඩිත මහජනයාට පමනක් නොව දෙමළ ධනපති පංතියේ නියෝජිතයන් වන පොන්නම්බලම්ලාට ,රවිරාජ්ලාට සහ පරරාජසිංහම්ලාට තම ජිවිත වලින් පවා වන්දි ගෙවන්ට සිදු වුහ. යුද්ධය මුල් කාලයේ උතුරු -නැගෙනහිර මෙන්ම දකුණේ රජයේ හමුදට බැදී මිය ගියේ විවිධ හැකියාවන් සහිත දුගී දුප්පත් පවුල් වල තරුණ තරුණියන් පමණි.

කුමාර් පොන්නම්බලම්ට පොලිසීය තුළින් නැගෙන විරෝධය ඔහුට එරෙහිව පැනැනගින විරෝධයකටත් වඩා දෙමළා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වල සිංහල බෞද්ධ වර්ගවාදය පිටාර ගැලීමකි. සිංහල ,දෙමළ සහ මුස්ලිම් කම්කරු පීඩිත ජනයා නොමග යැවීම සදහා  දකුණේ පාලක පන්තිය හඩ තැලු එකම රටක් , එකම නීතියක් යන්න කුමර් පොන්නම්බලම්ගේ සිද්ධියත් සමග එහි පල්ළ ගැල වී ගියේය .

දෙමළ ජාතික සන්ධානය මෙන්ම දෙමළ මහජන සන්ධානයේ නායකයන් නියෝජනය කරන්නේ දෙමළ කම්කරු-පීඩිත මහජනයාගේ උවමනාවන් නොව දෙමළ ජාතික ධනපති පංතියේ ප්‍රභු උවමනාවන්ය .

දෙමළ ජනයාගේ අයිතිවාසිකම්  දකුණේ සිංහල ධනපතී පාලක හැත්ත තලා දැමීමට එරෙහිව පැවති තිස්අවුරුදු යුද්ධය අවසන්ව ඇතත් දෙමළ ජනයාට එරෙහිව ගෙන යන මර්දනය තිව්‍ර කර ඇත. යුද්ධයෙන් අනතුරුව දෙමළ ජනයාව ජිවත් වන්නේ එළමහන් සිරකදවුරකය . උතුරේ දෙමළ වැසියන් හතර දෙනෙකුට එක් හමුදා සෙබලෙකු බැගින් යොදා ඇත.  ආණ්ඩුව හමුදා යොදාගෙන දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් කොල්ල කන අතර  දෙමළ ජනයාගේ ඉඩම් වල බලහත්කාරයෙන් බෞද්ධ සිද්ධස්ථාන ඉදිකරමින් නැවතත් දෙමළ ජනයා යුද්ධයකට ඇද දැමීමට අවශ්‍ය වෛෂික තත්වයන් නිර්මාණය කරමින් සිටි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *