රනිල් වික්‍රමසිංහ ආණ්ඩු නිමල් අමරසිරි මරා දමයි

ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුලු උත්සහය පරදවමු මැයෙන් ජාතික ජාතික ජන බලවෙිගය ඊයේ (26) කොළඹ ටවුන්හොල් හි පැවති විරෝධතා උද්ඝෝෂණයට පොලිසිය කදුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නිසා එම ජන බලවේගයෙන් මෙවර නිවිතිගල ප්‍රාදේශී සභාවට තරගවදින අපේක්ෂයෙකු වන නිමල් අමරසිරි හෙවත් සී සී මහත්තයා මිය ගොස් ඇත.

පොලිසිය විරෝධතා උද්ඝෝෂණයට ජලප්‍රහාර සහ කදු ගෑස් ප්‍රහාර එල්ල කිරීම නිසා තුවාල ලැබු විරෝධතාකරුවන් 28 දෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් එක් විරෝධතාකරුවෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .

සාමකාමීව පැවැති උද්ඝෝෂණයට පොලිසීය කදුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නිසා ජාතික ජන බලවේගයේ සමාජිකයෙකු මරා දැමීමේ වගකිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටින්විල් සිල්වා පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *