සුධර්මා රාජ්කුමාරිට පහර දී පොලිසීයට බාර දුන්නා ද නැතිනම් ඇයව පොලිසීය ලවා මැරුවාදැයි සැකයක්

රාජගිරිය වැලිකඩ පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන පහර දී ඝාතනය කරන ලැදැයි කියන ආර්. රාජතුමාරිගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ කටයූතු සිදු කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැවැරු කොළඹ අලුත් කඩේ අංක 04 අධිකරණයේ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මරණකාරියගේ ස්වාමී පුරුෂයා වන සෙල්වදුරේ ජේ , සුරාජ්ගෙන් කටඋත්තරයක් ලබා ගන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේය .

නඩුව ජුනි මස 02 වනදා කැදවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ රාජ්කුමාරි ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ කාලයේ මුද්දක් සොරකම් කළා යැයි නෙත්තිකුමාර විසින් වැලිකඩ පොලිසීයට සිදු කරන ලද පැමිණිලක් මත එම පොලිසීය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන පහර මාරා දමා ඇතැයි කියයි .

වැලිකඩ පොලිසීය මගින් ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සේවය කොට ඇත්තේ බොරුල්ල කොටා පාරේ සුධර්මාගේ කලින් ස්වාමී පුරුෂයා වන නෙත්තිකුමාරගේ නංගිගේ නිවසේ බවත් වාර්තාවේ .

රාජකුමාරිව බොරුල්ල කොටා පාරේ දී අත්ඩංගුවටගෙන සුධර්මාගේ නිවස රැගෙන ගොස් එහි දී පහර දි මෙන් අනතුරුව පොලිසීයට රැගෙන ගියා ද නැතිනම් පොලිසීය පහර දීමකින් පමණක් සිදු මරණයක් ද යන්න සැක සහිතය .

ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේගේ සමීපතම මිතුරියක් වන සුධර්මා ඔහුගේ බලය අනිසි ලෙස පාවිච්චි කළ බවත් වාර්තාවේ . හුළුගල්ලේ අද ජිවන්තුන් අතර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *