රාජ්කුමාරි අත්අඩංගුවට ගත්තේ මුද්දකට නොව වෙනත් හුටපටයකට -පොලිසීය ඉල්ලගෙන කලා

මාවත් ආර් .රාජ්කුමාරිවත් රාජගිරිය වැලිකඩ පොලිසීය මගින් අත්අඩංගුවටගෙන එම පොලිස් ස්ථානයට රැගෙනවිත් පහර දෙන අවස්ථාවේ සුදර්මා නෙත්තිකුමාර ද තමා ඉදිරිපිට සිටි බව මහේන්ද්‍රන් සුරේෂ් (40) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (21)සාක්කි දෙමින් පැවැසීය .

වැලිකඩ පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී කොළඹ ජාතික රෝහලේ හදිසී අනතුරු අංශයට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය ආර් .රාජ්කුමාරිගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරික්ෂණයට ආදාළ සාක්කි දෙමින් ඔහු එසේ පැවැසීය .

සුරෙෂ් හතලිස්වැනි වියේ පසුවන දෙදරු පියෙකි. ඔහු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළඹ මධ්‍යම පාන්තික පවුල් වලට ගෘහ සේවිකාවන් සපයනවාට අමතරව කුලී වැඩ කර ජිවත් වු අයෙකි .

පශ්චත් මරණ පරික්ෂණය සම්බන්ධයෙන් නැවත සාක්කි කැදවීම ජුනි 27 දක්වා කල් දමන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

සුරෙෂ් වැඩිදුරටත් අධිකරණය හමුවේ සාක්කි දෙමින් මෙසේ පැවසීය .

චානු (17) මට කතා කරලා කිවිවා කොළඹ හැටන් බස් නැවතුම් පොලට එන්න කියලා . මම ආාවාට පස්සේ පොලිසීයෙන් මාව අත්අඩංගුවට ගත්තා . පොලිසීයෙන් හිටියේ සිවිල් ඇදුමින් . මාව අත්අඩංගුවට ගන්න කොට සුධර්මා නෝනත් හිටියා . පොලිස් කාන්තාවෝ හිටියේ නැහැ .සුදු පාට කාර් එකකින් තමා ඇවිල්ලා හිටියේ . කාර් එක එලෙව්වේ අවුරුදු හැටක පමණ පුද්ගලයෙක් . පොලිසීයෙන් මගේ අත්වලට මාංචු දාලා කාර් එකේ නංවා ගත්තා . පස්සේ බොරැල්ලේ කොටා පාරේ රාජ්කුමාරි වැඩ කළ නිවසට අරගෙන ගියා . කොටා පාර නිවසේ සිටි රාජ්කුමාරිව අත්අඩංගුවට ගත් පොලිසීය අපි දෙන්නාටම එකම හැන්ඩ් කප් එක දාලා කාර් එකේ දාගෙන වැලිකඩ පොලිසීයට අරගෙන ආවා . පස්සේ පොලිස් බැරැක්කයට අරගෙන ලිහිල්ලා දෙන්නාටම හොදටම පහර දුන්නා . අපි දෙන්නාට පොලිස් නිලධාරීන් ගහන කොට නෙත්තිකුමාර මැඩම් අපි ඉස්සරහා හිටගෙන හිටියා . මට සිහිය නැති වුණා .රාජ්කුමාරිට මොනවා වුණා ද කියන්න මම දන්නේ නැහැ . පස්සේ මාව වැලිකඩ පොලිසීයෙන් අරගෙන ගිහිල්ලා බොරැල්ලේ ,මරදානේ , පුංචි බොරැල්ලේ සහ ඔබේසේකරපුර ලොජ්වල රදවාගෙන හිටියා .මාව නිදහස් කළේ දින17 කට පස්සේ .පොලිසීයට විරුද්ධව කටයුතු කරන්න ගියොත් වෙන දේ දන්නවා නේ ද කියලා මට පොලිස් නිලධාරීන් තර්ජනය කළා . රාජ්කුමාරිව කොටා පාරේ නිවසට අරගෙන ගිහිල්ලා නතර කළේ මම. චානුව සුධර්මා නෝනාගේ නිවසට අරගෙන ගියෙත් මම . මේක මුද්දක් සිද්ධියක් නොවෙයි .රාජිකුමාරි සුධර්මා මැඩම්ව දාලා ගියාට තරහයි .මෙතැන තියෙන්නේ වෙන හුටපටයක් .

රාජ්කුමාරිගේ ස්වාමී පුරුෂයා වන සෙල්ලදුරේ සුරාජ් ද මෙහිදි සාක්කි දෙන ලදි.

වැලිකඩ පොලිසීය රාජ්කුමාරිට මැරෙනකම් පහරදුන්නේ මුද්දක සිද්ධියක්ට නොව වෙනත් සිද්ධියක් මත බව ලංකා ස්කයි නිව්ස් දිගින් දිගටම පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *