රාජ්කුමාරීගේ ඝාතකයන්ට වැඩ වරදී

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන සුධර්මන් නෙත්තිකුමාරගේ නිවසෙන් මුද්දක් සොර ගත්තා යැයි රාජගිරිය වැලිකඩ මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකට පහර දී ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙනත් ස්ථානයකට මාරු කර උප පරික්ෂකවරයෙකු ඇතුළු හතර දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව පවසයි .

මෙම කාන්තාවට පහර දී මරා දැමීමේ සිද්ධීය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ කාන්තා පොලිස් කොස්තාපලවරියන් දෙදනෙක් ද වෙනස් ස්ථාන සදහා මාරු කර යවා ඇත.

මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ බදුල්ල දෙම‌ෝදර නාවලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරීනියක් වන හතලිස් දෙවහැවිරිදී ආර් .රාජ් . කුමාරි නැමති තිදරු මවකි .

කුමාරි තමන්ගේ නිවසෙන් මුද්දක් සොරා ගත්තා බවට නෙත්තිකුමාර වැලිකඩ පොලිසීයට පැමිණිලි කර ඇත්තේ මැයි 11 වෙනිදාය . පොලිසීය එදිනම බොරැල්ල කොටා පාරේ නිවසට ගොස් එම නිවසේ සේවය කරමින් සිටි කුමාරිව වැලිකඩ පොලිසීයට රැගෙන විත් පහර දී තිබේ . ඇයට හුස්ම ගැනීමට අපහසු නිසා මැයි 11 සවස 6 ට පමණ කොළඹ ජාතික රෝහලේ හදසී අනතුරු අංශයට ඇතුළත් කර ඇත. ඇතුළත් කර පැය දෙකකට පසුව මිය ගොස් බව වෛද්‍යවරු පවසති .

කුමාරි රාජගිරිය කුරේ මාවතේ පිහිටි නෙත්තිකුමාරගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස අවුරුද්දකට ආසන්න කාලයක් එහි නැවති සේවය කොට ඇත. ඇයව අත්අඩංගුවට ගන්නට මාස 02 කට පමණ පෙර කුමාරි බොරැල්ලේ කොටා පාරේ නිවසට ගොස් ඇත. එම නිවස සුධර්මාගේ ස්වාමී පුරුෂයාගේ නැගණියගේ නිවස බවත් වාර්තාවේ .

නෙත්තිකුමාර ධනවත් කාන්තාවක් මෙන්ම පොලිසීයේ ඉහල පුටු සමග සමීප සම්බන්ධතා ඇති කාන්තාවක් බවට ද ප්‍රකටය .

වැලිකඩ පොලිසිය ඇතුලේ කාන්තාවකට පහර දී මරා දැමීමේ සිදධිය එළියට කාන්දු විමත් සමග පොලිස්පතිවරයාගේ නියමෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට එම සිද්ධිය ගැන පරික්ෂණයක් පවත්වන්නයි නියෝග කළේය .

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කුමාරිගේ මරණය සැක බැවින් , ඇගේ ස්වාමී පුරුෂයා වන සුරාජ් මගින් මෘත දේහය නැවත ගොඩ ගෙන මරණ පරික්ෂණයක් පවත්වන්නැයි අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *