රාජ්‍ය ආයතන 50 ක් විකිණිමට ආණ්ඩුව පිඹුරු පත් සකසයි

අණ්ඩුව රාජ්‍ය ආයතන 50ක් විකිණීමට සැලසුම් කර ඇති බවත් ආණ්ඩුඩු විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මුවාවෙන් විකිණීමට කැසකවන බවත් මොනම තත්වයක් යටතේ හෝ රාජ්‍ය ආයතන විකිනීමට ඉඩ නොදෙන බව ලංකා විදුලි බල මණ්ඩල එකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් පවසයි .

අද විදුලි බල මණ්ඩලය පවත්වාලෙන යැමේ ගැටළුවක් ඇතැයි වෘත්තිය සමිති පිළි ගන්නා බව කී ජයලාල් විදුලි බල මණ්ඩලය පාඩු ලැබු ආයතනයක් නොව කෝටි ගණන් ලාභ ලැබු ආයතනයක් බවත් එය පාඩු ලබන ආයතනයක් බවට පත් කළේ මේ රට පාලනය කළ ආණ්ඩු බවත් තීය .

රුපියල් 100 කට තිබු විදුලි එකකය රුපියල් 20 කින් වැඩි කර ඇති බවත් වාරි මාර්ග දෙපාර්මේන්තුව වාරි ජලයට මුල් අය කන්නට යන බවත් වාරි ජලයට මුදල් අය කළ හොත් විදුලි බිල වැඩි වන බව ජයලාල් පැවැසීය .

ආණ්ඩුව රාජ්‍ය ආයතන විකිණිමට ඒරෙහිව නොවැම්බර් 27 හයිඩ් පිටියේ රැලියක් පවත්වන බවත් ජයලාල් කීය .

ජයලාල් එසේ කිවේ විදුලි බල මණ්ඩලය විකිණීමට එරේහිව එම පරිශ්‍රයේ පැවති රැස්විමත් අමතමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *