රාජ්‍ය බැංකු සහ මහජන දේපල විකිණීම නතර කරන්නැයි බැංකු සේවකයෝ බල කරති

රාජ්‍ය බැංකු සහ මහජන දේපල ප්‍රතිව්‍යුහගතකරණය වහා නතර කරන්නැයි ආණ්ඩුවට බල කර රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සේවකයෛා් අද (10) දහවල් ලෙක් හවුස් ආයතනය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත් වන ලදි .

රාජ්‍ය ආයතන සහ මහජන දෙපල විකිණීමට එරෙහිව රටපුරා අද (10) ජාතික විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණ .

මෙම විරෝධතා ව්‍යාපාරය බැංකු සේවක සංගමය සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මගින් සංවිධානය කරන ලද්දකි .

මෙම විරෝධතාවය කෑම පැයේ පැවැත්වු අතර පන්සීයකට ආසන්න බැංකු සේවකයින් පිරිසක් සහභාගි වි සිටිහ .

විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් මරදනය වහා නතර කරනු ! ත්‍රස්ත පනත අහෝසී කරනු ! රාජ්‍ය බැංකු ඇතුළු මහජන දේපල විකිණීම වහා නතර කරනු ! වැඩකරන ජනතාව සුරාකන බදු පනතේ අහිතර කර කොන්දේසී වහා ඉවත් කරනු !යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන විරෝධතාවයේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *