රාජිත කිඹුල් චෝදනාවට නිවැරැදිකරු කියයි

The accused is not guilty of the charge

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූම් මොහොමඩ් යන විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති වෝදනා වලට ඔවුන් නිවැරැදිකරුවන් බව අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු සාක්කි විභාගය ආරම්භ කරන්නට විනිසුරුවරයා නියෝග කළේය .

2019 යේ ජනාධිපතිවරණයේ ප්‍රතිපලයට බලපෑම් වන පරිදි ,ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවැන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් මොනරාගල ප්‍රදේශයේ කිඹුන් ගහන වැවකට දැමුවා යැයි බවට හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට සහ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූම් මොහොමඩ්ට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියම කළේය.

මෙම නඩුව පවත්වාගෙන යැමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු මිට පෙර අවස්ථාවක ගෙන ආ විරෝධතාවය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තිරණය කෙරිණ.

මාධ්‍ය හමුවක් පවත්වා ගෝඨාභය රාජපක්ෂ ගේ චරිතයට හානි සිදු කිරීමත් අසත්‍ය කරුනු ප්‍රකාශ කර කුමන්ත්‍රණය කිරීමත් බොරු සාක්කි සැදීම යන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *