රුසියාව ඇවර කළ ගොර්බචොව් සමුගනී

Gorbachev, who closed Russia, leaves

රුසියානු සමාජවාදී සමුහාණ්ඩු සංගමය ඇවර කළ පාලකයා වන මිහායිල් ගොර්බචොව් අභාවප්‍රාත් වී ඇත.

ගොර්බවොච් මියන විට ඔහු ගේ වයස අවුරුදු 91 කි.

ගොර්බචොව් විවිධ රෝගාබාධ වලින් පෙලි ඇති අතර ඔහු මිය ගොස් ඇත්තේ රෝහල් ගතව සිටියදී බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

1985 යේ රුසියානු සමුහාණ්ඩුවේ ජනාධිපති වන ගොර්බචොව් , රුසියානු සමුහාණ්ඩු දියකර හැරීම සඳහා බටහිර එජන්තයෙකු ලෙස කටයුතු කළ බව මාක්ස්වාදීන් චෝදනා කරති.

ගොර්බචොව් පෙරොස්තොයිකා හා ග්ලාස්නොස්ට් ප්‍රතිසංස්කරණ රුසියාවට හදුන්වා දීම හරහා ධනවාදය පුනස්ථාපනයට පාර කැපු බවත් එහි ප්‍රතිපලයක් ලෙස රුසියානු සමුහාණ්ඩු කෑලි වල කැඩි ගිය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන් ගේ අවශ්‍යතා පරිදි ගොර්බවොච් කටයුතු කළ නිසා 1991 නොබෙල් සමා ත්‍යාගය ඔහුට පිරිමන ලදී .

ගොර්බචොව් ඇමරිකා එක්සත් ජනපදයේ ජිවත් වු අතර රුසියාව තුල ධනවාදී පුනස්ථාපනයට පාර කැපිමෙන් තමන් බලවත් වරදක් සිදු කළා යයි ඔහු පාපොච්චාරණය කළ බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *