ලංකාවේ දෘශ්‍ය කලාවේ සමකාලීනත්වය සුජිත්

සුජිත් රත්නායක ගේ අරගලයේ ප්‍රතිප්‍රහාරය කලාගාර අවකාශයක එල්ල කරන ලද බිහිසුණුම ප්‍රහාරය බව කොන්දේසි විරහිතව පිළිගන්නෙමු . දෘශ්‍ය කලාව text එකක් ඇතුළෙ කියවන්න පුරුදු කරපු අය මෙය මගනොහරිනු ඇතැයි විශ්වාස කරන අතර වචන ඇතුළෙ තමන්ටවත් අයිති නැති කාගෙ හෝ පුද්ගලික ආලින්දයේ සැරසිල්ලක් ලෙස විතරක් අඳින සිත්තරුනේ වෙළඳපොලේ පදිංචි වන එක දැන්වත් අවුලක් කියල හිතෙන්නේ නැද්ද? තමන්ගෙ ජීවිතයටවත් අදාල නැති ලොකු කතා කියාගෙන එකම චිත්‍ර කලා ආඛ්‍යානයක් නඩත්තු කරන්නෙ ඇයි කියල 90 දශකය දෙස බලන කෙනෙකුට පෙනී යනවා. වචන ඇතුළෙ කතිකාව බලවත් කරමින් චිත්‍ර කලාවේ භාෂාව භක්ෂණය කරපු 90 දශකය ඉතිහාසයට අයිති දෙයක් මිසක දැන් පවතින්නක් නෙවි. 83 කළු ජූලිය 88,89 භීෂණය පහු උනාට පස්සෙ සමාජයේ දේවල් සිදු නොවුනු ආකාරයට හැසිරෙන එක ආර්ටිස්ට්ගේ දෙබිඩිකම පිළිබඳ ප්‍රකාශනයක් නෙවිද? ආර්ටිස්ට් කෙනෙක් කාටවත් ඕනි විදියට ඉන්න නැති විදිය සුජිත් රත්නායක පෙන්වමින් ඉන්න එක කලාකාර පෞරුෂයට උත්තේජනයක්. මේ දුශ්‍ය කලා වියමන සමාජ ප්‍රාග්ධනයක් කියල මට හිතෙන්නෙ.සුජිත්ගෙ මේ ප්‍රදර්ශනයට සහභාගි උනේ අරගල බිමේ මැදිහත් වූ සාමන්‍ය ජනයා සහ සිවිල් සමාජය වීම මෙහි අරමුණට විශාල ආලෝකයක්.පුද්ගලික හිමිකාරීත්වකට අයිති කරගැනීමට නොහැකි කලාකෘති නිපදවන්න හැමෝටම බෑ. ඒක දේශපාලනිකයි. මේ ප්‍රදර්ශනය පවතින රාජ්‍ය දෘෂ්ටිවාදයේ ඇහැට ඇඟිල්ලෙන් අනින එක තරම් අශ්වාදයක් තවත් නෑ. ඒ එඩිතර කම එන්නෙ මනුස්සයකුගේ පෞරුෂයත් එක්ක.ගොඩනැගෙන්නේ ගොඩනගන්නාය යන ප්‍රවාදය තමයි මේ සුජිත් පෙන්වලා තියෙන්නෙ. තමන් හිතන විදියත් ජීවත් වන විදියත් ආර්ට් ඇතුළෙ සමාන්තරව තියාගන්න සුජිත් දරන අරගලය ආර්ටිස්ට් කෙනෙකුගේ ජීවිතය පරීක්ෂාවට ලක් කිරීමක්.මේ කාටණාවෙදි මා ඇතුළු බොහෝ අය සුජිත්ට පසුපසින් වීම අහම්භයක් නෙවි. මේ ප්‍රතිප්‍රහාරයේදී සුජිත් ගන්න ජීවිත අවධානම සුලුපටු එකක් නෙවි.තමන්ගෙ ජීවිතය අවධානම් කලාපයක තියාගෙන ඔහු කියන්නෙ මනුස්ස කතිකාව ඇතුළෙ අපේ අසමත්කමක් ගැන නෙවිද? නිදහස් කියල හිතන් ඉන්න හැමෝම හිරකූඩුවක ඉන්නෙ කියල සුජිත් දෘශ්‍ය කලාව ඇතුළෙ ගැලරියට එන හැමෝටම දැනෙන්න සලස්වපු එක තමයි මෙතැන අපූර්වත්වය .බහු පාඨන කියවීමක් එකතුකරමින් දේශපාලනික සිත්තරෙක් ලෙස සුජිත් තබන බර අඩි museum value එකක් වනවා නොඅනුමානයි.ලංකාව represent කරන මෑත කාලයේ සිත්තරා විම සුජිත්ට නෙවි චිත්‍ර කලා සමාජය ලද වරප්‍රසාදයක් කියල මට හිතෙන්නෙ.

මේ ප්‍රදර්ශනය සමඟ ජෙහාන් අප්පුහාමි,අජිත් කුමාරසිරි ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ ප්‍රාශාංගික විරෝධය කලාගාරයක සිදු වූ නැවුම් අත්දැකීමක්.ඉතිහාසය කියන්නෙ බලය තියෙන කෙනා ලියන දෙය විතරක් නෙවි.collective conscious කියන එක කලාකෘතියක් එක්ක සම්බන්ධ විදිය තමයි මොවුන් පෙන්වූයෙ.අරගලය පුරාවට එහි විරෝධය ආර්ට් ඇතුළෙ කාන්දු කරපු මේ කණ්ඩායම කාලය ශ්‍රමය ධනය එක්ක හිටිය විදිය ගැන අදහසක් අපට පසක් කරවන බවයි මගේ අදහස.ආසන්න වශයෙන් මේ ප්‍රදර්ශනය සහ ප්‍රසාංගික කටයුත්ත වෙනුවෙන් මිලියන තුනක පමණ මුදලක් වැයවෙලා.මේ ඔක්කොම මුදල් සමාජ අරමුණක් වෙනුවෙන් හීන දකින පරිත්‍යාගශීලි සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි.සාමාන්‍යයෙන් කලාව පෙරට දාගෙන රාජ්‍ය නොවන සංවිධාවල ට ව්‍යාපෘති ලියල එකතු කරපු සතයක් නෑ මෙතැන.ශ්‍රමයේ වටිනාකම පරිත්‍යාග කරපු විශාල පිරිසක් මේකෙ කතෘත්වය දරන එකම සාමූහිකත්වයේ වැඩබිමක සෞන්දර්‍යවේදයක් .

ප්‍රගීත් රත්නායක

ප.ලි.
දෘශ්‍ය කලාවේ වෙළඳපොල සහ බහු ශානරීය භාවිතයන් පිළිබඳ හොඳ නරක අදහසක් ලෙස ගෙන ට්පර් නොවන මෙන් ප්‍රේක්ෂකයා ඔබගෙන් ඉල්ලමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed