වතුර නොදුනහොත් හෙක්ටයාර 33000 ක් විනාශයි වතුර දුනහොත් විදුලිය කැපේ

සමනල වැවෙන් කෘෂිකර්මාන්තයට වතුර ලබාදීම පිළීබද විදුලි බල මණ්ඩලය සිය කැමැත්ත ප්‍ර්‍රකාශ ඇති තත්වයක් තුළ සමනල වැවෙන් උඩවලව ජලාශයට වතුර ලබා නොදුනහොත් උඩවලව ජලාශය යටතේ පවතින වගා ඉඩම් හෙක්ටයාර් 33000 ක් විනාශ විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය .

කුඹුරු ඉඩම් හෙක්ටර්යා 25000 ක් ,එළවළු සහ අනෙකුත් අතිරේක බෝග වගා හෙක්ටයාර් 8000 ක් නිසි ආකාරයට ජලය නොලැබුනහොත් විනාශ විමට නියමිතය .

දැනට සමනල වැවේ ජල මට්ටම පවතින්නේ 14% ක් පමණක් වන අතර , එයින් ජනනය කළ හැක්කේ ගිගා වෝට් 18.6 ක විදුලියකි .ගොවීහු සිය වගාවන් සදහා දෛනිකව ජලය ඝන මිටර් මිලියන 2.5 ක් වතුර මුර දෙකක් , එනම් දවස් දහයක් පමන දක්වා ඉග්ගා සිටිති . නමුත් දැනට සමනල වැවෙන් පහළට යැවෙන්නේ දිනකට ජලය ඝන ලීටර් මිලියන 0.5 ක් පමණි .

ගොවින්ට අවශ්‍ය ජලය ලබා දීම සිදු කළහොත් දවස් 9 කින් වැව සිදී යන බව ලංතා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසීය . ඔහු තවදුරටත් පවසන්නේ දකුණු පළාත වෙත විදුලිය සැපයීම සදහා අවශ්‍ය විදුලිය ධාරිතාව සමනල වැවේ දායකත්වයෙන් තොරව සපයාගත නොහැකි බවයි . විශේෂයෙන් ම ව්දුලි ඉල්ලුම වැඩිම වෙිලාවන් සදහාවත් සමනල වැවෙන් විදුලිය ජනනය කිරීම අතයාවශය්‍ය බවත් නැතහොත් දකුනු පළාතට විදුලිය පැය තුනක හෝ වැඩි කාලයක් කප්පාදු කිරීමට සිදුවන බවත් ඔහු පැවසීය .

කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දැනට මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් 11 කින් වේලි ඔය හරහා උඩවලව ජලාශයට ජලය ලබා ගන්නා බවත් නමුත් එය ද අවශ්‍ය ප්‍රමාණයට සපුරා නැති බවත්ය .

සිසිකලා හේරත් – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *