වන සත්ව ග්‍රහනයට ලෝකපරිමානවත් හරිම විසදුමක් නැහැ – ඇමති වන්නිආරච්චි

ලංකාව පුරා කෘෂි බෝග වලට වන සතුන්ගෙන් බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවත් විශේෂයෙන් රිලවු සහ වදුරන් මෙන්ම අනෙතුත් සතුන්ගෙන් ග්‍රහනය වැඩි ඇති බවත් මට මෙම අවස්ථාවේදී මේ දේ කරනවා කියලා නිශ්චිත ඉලක්කගත පිළිතරක් දෙන්න ආමාරු බව වනජිවි හා වන සම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චි පැවැසුවාය .

ඇමති වන්නිආරච්චි එසේ පැවැසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ රිලවුනගේ සහ වදුරන්ගේ ග්‍රහනය වැඩිවීම නිසා ගොවින්ට වගා කරගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් පින්න වල අලි අනාථාගාරයක් වගේ එකාක් මෙම සතුන් සදහා ද ඇති කළ නොහැකි දැයි ආණ්ඩු පක්ෂයේ පාරිලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය .

අප අද මුහුණ දෙන වන සත්ව ග්‍රහනයට ලෝකපරිමානවත් නිවැරැදි විසදුමක් ඉදිරිපත් කර නැති බවත් මේ සම්බධයෙන් ජාතික මට්ටමෙන් සාකච්ජාවක් ආරම්භ කළ යුතු බවත් මේ වන සතුන් මරනවාද ? වෙන මොනවා හරි කරන්න පුළුවන මට්ටමක් තියෙනවාද? යන්න පිළිබදව සාකච්ජා කළ යුතු බව කි ඇමති වන්නිආරච්චි ගොවින්ගේ ආරක්ෂාව සදහා අවශ්‍ය පියවර ගන්නැයි දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *