වැටත් නියරත් ගොයම් කනවා නම් මේ අවනඩුව මහජනයාට කියනවා

මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට 2023 මැයි 31 දා නුගේගොඩ මංසන්දියේද‍ී සිදු කළ පහර දීම සම්බන්ධයෙන් පොලිස්පති කාර්යාලයට සහ ශ්‍රි ලංකා මානව හිමිකම් කොම්සමට පැමිණිලි කර 2024 මැයි 31 වනදාට අවුරුද්දක් ගත වි ඇතත් , එම පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් මෙතෙක් ගෙන නැතැයි මාධ්‍යවේදී විජේසුරිය පවසයි.

මෙරට කම්කරු -පිඩිත මහජනයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජෂක්ගේ මිරිහානේ පිහිටි නිවස වටලා 2023 මැයි 31 වැනිදාට අවුරුද්දක් පිරීම නිමිතෙන් පැවති ‍‍‍‍‍‍‍‍‍‍‍‍උද්‌ඝෝෂණය අවරණය කිරිම සදහා එහි ගිය මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට පොලිිසියෙන් පහර දී ඇත්තේ නුගේගොඩ පොලිස් මුර පොල ඉදිරිපිටදීය .

මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි කර ඇත්තේ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසිනි . මාධ්‍යවේදී විජේසුරිය පහරදීම සම්බන්ධයෙන් 2023 .06 .04 වන දින 1710 /2023 අංකය යටතේ පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් දමා ඇත. 

පොලිස්පති කාර්යාලයට දමන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍යවේදී විජේසුරිය මිට මාය හයකට පමණ පෙර එම කාර්යාලයෙන් විමසු අවස්ථාවේ 319483 අංකය යටතේ නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවට යොමු කර ඇති ඇතැයි එහි නිලධාරියෙකු පවසා ඇත. මාධ්‍යවේදී විජේසුරිය අද (03) නැවත එම පැමිණ්ල්ල සම්බන්ධයෙන් පොලිස්පති කාර්යාලයෙන් විමසු අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති න‍ීති දිසාවට යොමු කර ඇතැයි යන පරණ පිළිතුරුම ලැබි ඇත.

මානව හිමිකම් කොමිසම් සභාව පිහිටුවා ඇත්තේ පොලිසියෙන් හමුදාවෙන් මෙන්ම රාජයට සම්බන්ධ ආයතන වලින් මහජනයාට එම ආයතන වලින් සිදු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මුලික අයිතිවාසිකම් කඩ වු අවස්ථා වල ඒ පිළිබද සොයා බලා අවශ්‍ය මැදිහත් විම සිදු කර පියවර ගැනීමටය .  මාධ්‍යවේදී විජේසුරියගේ මානව හිමිකම් කඩ විම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කර අදට (03) අවුරුද්දයි දින තුනක් ගත වි ඇතත් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.

මානව හිමිකම් කොමිසම් සභාව පිහිටුවා ඇත්තේ රජය මගින් වන අතර එහි සේවය කරන්නේ මහජනයාගේ බදු මුදල් වලින් පඩි ලබන පිරිසකි . ධනපති රාජ‍්‍ය පාලනය කරන්නේ වසර පහකට වතාවක් මහජනයාගේ ජන්දයෙන් පත් වන පිරිසක් විසිනි . ආණ්ඩු විසින් කම්කරු -ප‍ීඩිත මහජනයාට එරෙහිව සිදු කරන අතුරුදන් කිරීම් , පැහැර ගැනීම්, ඝාතනයන්ට ,වෙනත් හිරිහැර වලට සහ අයිතිවාසිකම් උදුරා ගැනීම් වලට එරෙහිව පැන නගින මහජන නැගිටිම් ධනපති ක්‍රමයට අභියෝගයක් විම වැළැක්විමටත් ආණ්ඩු තුළ නැති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් සහ රැකවරණයක් මානව හිමිකම් කොම්සම් සභාව වැනි ආයතන වලින් ලැබෙනවා යන විශ්වාසය මහජනයා තුළ ජනිත කිරීමටත් මේවැනි ආයතන පිහිටුවිමේ අරමුණ වේ .ධනපති ක්‍රමයට විකල්ප අවශ්‍ය නැත. ධනපති ආණ්ඩු මහජනයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කරනවා නම් පොලිස් කොමිසම,මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම සහ අධිකරණය මගින් නීතිමය රැකවරණය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත හැකි යන මිත‍්‍යාව නැමැති අයිස් වතුරේ මහජනයා ගිල්වා ඇත.

පලස්තීන කම්කරු -පීඩිත මහජනයාට එරෙහිව ඊශ්‍රායලය අධිරාජ්‍යවාදීන්ගේ පිටු බලය ඇතිව සිදු කරන සමුඝාතන ප්‍රහාරය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයට හෝ වෙනත් සංවිධානයකට නතර කරන්නට පුළුවන් කමක් ලැබි නැත. ඊශ්‍රායල් සහ පලස්තීන යුද්ධය ආරම්භ විමත් සමග එම සංවිධාන වල මානුෂිය හැඩය මෙන්ම මධ්‍යස්ථ භාවයේ පල්ල ගැලවි ලෝකයට ඔවුන් නිරාවරණය විය. අනෙක එම සංවිධාන යැපෙන්නේ අධිරාජ්‍යවාදීන් සහ යුද අවි ජාවාරම්කරුවන් මත යන්න ද හෙළිදරව් විය . එම නිසාම ඔවුන් මොන තරම් හෙළිදරව් වුවත් අධිරාජ්‍යවාදින්ට බලප‍ෑම් දැමිමේ හැකියාවක් ඔවුන් සතුව නැත.

ජාත්‍යන්තර සහ ජාතික ව‍ශයෙන් ගත්ත ද යුද්ධ , කලකොහල , අරගල සහ අර්බුද වලදී එම සංවිධාන වල සැබ‍ෑ ස්වරුපයන් හෙළිවනු ඇත.

නුගේගොඩ පොලිස් මුර පොල ඉදිරිපිටදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් තරුණයට හෙටක් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකරට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහර ‌දෙද්දී , එම අවස්ථාව ජායා රූප ගත කිරිමට ගිය මාධ්‍යවේදී විජේසුරියට පහර දී කැමරාව උදුරා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සහා කළ බව ඔහු පවසයි .

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ රාජකාර‍ීයට බාධා කළා යැයි මාධ්‍යවේදී විජේසුරියගේ බෙල්ලෙන් අල්ලා පහර දි ඇත. රාජකාරීයට බාධා කළා යැයි පොලිස් අධිකාරීවරයා සිදු කළ චෝදනාව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ විජේසුරිය මාධ්‍යයට එරෙහිව එල්ල කළ මැර ප්‍රහාරයක් බව හැදින්විණ .

මාධ්‍යවේදී විජේසුරියට පහර දෙන අවස්ථාව විඩියෝ ගත කළ සිරස මාධ්‍යවේදී වින්ධ්‍යා ප්‍රසාද් කරුණාරත්නට කැරැළි මර්දන පොලිස්යේ සහකාර පොලිස් අධිකාරී රුද්ගු සහ මාධ්‍යවේදී විජේසුරියට පහර දුන් සහකාර පොලිස් අධිකාර‍ිවරයා කරුණාරත්නට බැණ තර්ජනය කර , ඔහුගේ හැදුනුම්පත ද පරික්ෂා කළේය .

ධනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන භාෂණයේ හා ප්‍රකාශනයේ මෙන්ම විරෝධතා දැක්විමේ අයිතිය පවා උල්ලංඝණය කරමින් පොලිසිය රනිල් -රාජපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂලා රැක ගැනීම සදහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස වටලා අවුරුද්දක් පිරිම නිමිතෙන් 2023 මැයි 31 දා මිරිහාන මංසන්දියේ පැවති සැමරුම් විරෝධතාවයට සහභාගි වී සිටි තරුණයන්ට එළව එළවා පහර දෙන ලදී .

පදිකවේදිකාවේ පවා රැදෙන්නට නොදුන් පොලිසිය තරුණයන්ට පහර දී ඔවුන්ගේ කමිස පවා ඉරා දැමිණ ‍. සමහර තරුණයන්ව අත්අඩංගුවට ගෙන පසුව මුදා හරින ලදී .

පොලිසිය කඩා පැන විරෝධතාකරුවන්ට එල්ල කළ මිලේච්ජ ප්‍රහාරය රුපවාහිනී නාලිකා වල මෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වුවද කම්කරු -පීඩිත මහජනයාව ධනපති ආණ්ඩුව එරෙහිව පෙළගැස්සවීම වමේ යැයි කියා ගන්නා සහ අනෙකුත් පිරිස් අසමත් වුයේ පැහැදිලි දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැතිකමත් අඩුම තරමේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කිරීමේ සහ හෙළිදරව් ක්‍රියා මාර්ග වලට පවා, අවතිරණ නොවුයේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ඔවුන් තුළ ඇති දෙබිඩි පි‍ළිවෙත නිසාමත්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *