වැඩ වර්ජන බිද දැමීමට ආණ්ඩුව වර්ගවාදය ඇවිස්සීමේ වෑයමක

බදු පනත වහා අහෝසී කරන ලෙසත් ,මර්දනය නතර කරන ලෙසත් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් වහා අහෝසි කරන ලෙසත් ආණ්ඩුවට බල කර ඊයේ (15 ) පැවැති වැඩ වර්ජනය සාර්ථක කර ගැනීමට උතුරු- නැගෙනහිර කම්කරු ජනයාගෙන් ද විශාල සහායක් ලැබිණ .

වර්ජනය හේතුවෙන් දකුණේ පාසැල් වැසෙද්දි , උතුරු -නැගෙනහිර පාසැල් වල ළමුන් ඉගන ගන්නවා යැයි දකුණේ මහජනයා මත වර්ගවාදි මතයක් ගෙන යෑමට ආණ්ඩුවේ මාධ්‍ය මෙන්ම සිංහල ස්වොත්තමවාදීන් ප්‍රචාරයක් ගෙන ගියහ .

දකුණේ පාසැල් වැසෙද්දි , උතුරේ ළමුන් ඉගන ගන්නවා ප්‍රචාරය පට්ටපල් බොරුවක් බවත් කම්කරු පංතිය බේදීම සමහා නැවත වටයකින් ආණ්ඩුව සිංහල වර්ලවාදය ප්‍රයෝජනයට ගැනීමේ අසාර්ථක උත්සහයක් නිරත වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් පවසයි .

වෛද්‍ය , වරාය , රක්ෂණ , බැංතු ,තැපැල් , ටෙලිකොම් , ගුරු සහ විදුහල්පති , දුම්රිය, සෞඛ්‍ය ,ජල සම්පාදන, තෙල් . විශ්ව විද්‍යාල විදුලිය අංශ වෘත්තිකයෝ මෙන්ම කම්කරුවෝ ඊයේ (15) එම වැඩ වර්ජනය සදහා සහභාගි වුහ .

වරාය ,සෞඛය , දුම්රිය ,බැංතු සහ පාසැල් මුළුමනින්ම අඩපන විය . විශේෂයෙන්ම දකුණේ මෙන්ම උතුරු -නැගෙනහිර පාසල් වල ගුරුවරුන් වර්ජනයට එකතුවෙමින් නගර වල පැවැති විරෝධතා උද්ඝෝෂණ වලට සහභාගි වුහ .

යාපනය ,මඩකලපුව සහ වව්නියාව නගර වල ද ගුරු විරෝධතා උද්ඝෝෂණ පැවැත්විණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *