වැරැදි නියෝග පිළිපැදිය නොහැකියි -පොලිස් අධිකාරී කියයි

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් ලබා දෙන නීත්‍යානුකුල නොවන නියෝග පිළිපැදිය නොහැකි බව කො‍‍‍ල‍ම දකුණ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී .එච් .මාරපන ඇතැයි පොලිස් ආරංචි පාර්ග සදහන් කරයි .

පසු ගිය දින මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ජාවකදී පොලිස් අධිකාරීවරයා එසේ පවසා ඇති බවත් මෙම සාකච්ජාවට පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු ‌ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගි වි සිට ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය අසල විරෝධතාවයේ නියැලී සිටිද්දී .අත්අඩංගුවට නොගත්තේ මන්දැයි අලස් පොලිස් අධිකාරී මාරපන‌ගෙන් විමසු අවස්ථාවේ ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නට හේතුවක් නොතිබුනු බව පවසා ඇත . එම අවස්ථාවේ පොලිස්පතිවරයා මාරපනට සහාය පල කරමින් , එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට ප්‍රේමචනද්‍ර අත්අඩංගුවට ගත්තේ නම් එය ජාත්‍යන්තර වශයෙන් බලපාන සිද්ධියක් තිබුණු බවත්ය.

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු අන්තරේ කැදවුම්කරු ගල්වැව සිර ධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පාගමනේ නියැලුණු කාන්තාවන් දෙදනා අත්අඩංගුවට නොගත්තේ මන්දැයි අලස් මාරපනගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔවුන්ව අත්අඩංග්වට ගැනීමට හේතුවක් නොතිබුණු බව අධිකාරීවරයා පවසා ඇත. පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි අලස් මාරපනලෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ එය වැරැදි අත්අඩංග්වට ගැනීමක් බව පොලිස් අධිකාරීවරයා පෙන්වා දී ඇත.

තමන් කියන දේ කරන්නැයි අලස් මාරපනගෙන් ඉල්ලා ඇති අතර ඊට පිළිතුරු දෙමින් පොලිස් අධිකාරීවරයා පවසා ඇත්තේ නිත්‍යානුකුල දේවල් ඔහුට කළ නොහැකි බවයි .කොළඹ ඉන්නවා නම් තමාට අවශ්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අලස් පවසද්දි ඊට පිළිතුරු දෙමින් මොනම තත්ත්යක් ඇතුලේ වැරදි දේවල් කළ නොහැකි බව මාරපන පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *