විදුලි බිල ගෙවන්න බැහැ , හකුළා ගනිව්

විදුලි බිල ගෙවන්න බෑ වහා හකුළ ගනිව් යැයි ආණ්ඩුවට බල කර වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද (09) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා උද්ඝා්ෂණයක් පැවැත්වි්ණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා තුන්සීයක පමණ පිරිසක් සහභාගි ව් සිටියහ .

ජනතාවනි -එකතු වෙන්න

එපා එපා -පසුබහින්න

තක්කඩි මැර – ආණ්ඩුවක්

අපේ ජිවිත -කනවා මෙන්න

බඩු මිල බැ -දරාගන්න

බදු බර බෑ -උහුලන්න

ජනතාවට -සිද්ධ වෙලා

කන්න නැතිව -හුල්ලන්න

දරන්න බෑ -විදුලි බිල

වැඩි කරලා -ගජරාමෙට

හැම හෙනේම -දුප්පතාට

සහන දෙන්නේ -මහ එවුන්නට

සටන් කරමු -සටන් වදිමු

එකතු වෙලා -සටන් වදිමු

විදුලි බිලෙන් -මුළු රටක්ම

කොල්ල කන්න – ඉඩ නොතබමු යැයි සටන් පාඨ කියමින් සහ සටන්ය පාඨ සහිත පුවරු ඔසවාගෙන පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *