විදුලි බිල සංශෝධනය කරන්නැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඉල්ලයි

අනීතික ලෙස වැඩි කරන ලද විදුලි ගාස්තු වහා සංශෝධනය කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද (08) උදේ ලංකා විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරීවරයාට ලියුමක් බාර දෙන ලදි .

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව නියෝජනය කරමින් වෘත්තීය සමිති අරගල මධ්‍යස්ථානයේ කැදවුම්කරු දුමින්ද නාගමුව , ලංතා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ,හ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමයේ පාලිත ගුරුසිංහ සහ සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ආනන්ද පාලිත යන ම අවස්ථාවට සහභාගි වුහ .

ලංකා විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයාට බාර දෙන ලද ලිපියේ කරුණු 10 කින් සමන්විත වන අතර විදුලි බල මණ්ඩලය එය සංශෝධනය කිරීමට කටයුතු නොකළ හොත් විදුලි පාරිභෝගිකයන් විසින්ම එය සිදු කරනු ඇතැයි 10 වන කරුණේ සදහන් වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *