වෙබ් වල සහ යුටියුබ් වල වැඩ කරන අය මාධ්‍යවේදීන් නොවෙයි -පොලිසිය

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට ඇතුල් වීමට එහි රාජකාරී කටයුු කරමින් සිටි පොලිස් නිලධාරීන් , ලංකා ලාස්ට් නිවිස් වෙබ් ් අඩවියේ මාධ්‍යවේදියාට ඉඩ නොදුන්නැයි ගම්පහ වැඩබලන කොට්ඨාශ භාර පොලිස් අධිකාරී චින්තක පෙරේරාට ලිඛිත පැමිණිල්ලක් යොමු කර ඇත.

ලංකා ලාස්ට් නිවිස් මාධ්‍යවේදියා ගම්පහ අධිකරණයට ගොස් ඇත්තේ, ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව වාර්තා කිරීමටය .

මාධ්‍යවේදියෙකු නම් හැදුණුම්පත පැලැද සිටිය යුතු බවත් වෙබ් සහ යුටියුබ් වල වැඩ කරන අය මාධ්‍යවේදින් නොවන නිසා අධිකරණ පරිශ්‍රයට ඇතුල් වීමට ඉඩදීය නොහැකි බව එම පොලිස් නිලධාරීන් ලංකා ලාස්ට් නි්ව්ස් මාධ්‍යවේදියාට පවසා ඇත.

ප්‍රධාන ඉලෙක්ට්‍රොනික් සහ මුද්‍රිත මාධ්‍යවල මාධ්‍යවේදීන් අධිකරණ පරිශ්‍රයේ සිටිය දී ලංකා ලාස්ට් නිව්ස් මාධවේදියාට පමණක් අධිකරණ පරිශ්‍රයට ඇතුල් වීමට ඉඩ දී නැත.

පොලිිිස් කොස්තාපල් 82026 ඩබ්ලිව් ඒ. එස් .පී .කුමාර සහ පොලිිි කොස්තාපල් 77925 එම් .ආර් .ඒ .එන් .අබේරත්න යන නිලධාරීන් දෙදෙනා ලංකා ලාස්ට් නිව්ස් මාධ්‍යවේදියාගේ රාජකාරීයට බාධා කරමින් හැසිරී ඇත .

නඩුවක් වාර්තා කිරීම සදහා ජුලි 28 වෙනිදා මහේස්ත්‍රාත් අධිකරණයට ගිය වෝයිස් ටිවි මාධ්‍යවේදියා‌ගේ රාජකාරීයට බාධා කරමින් එම අධිකරණ‌යේ රැකවලේ ‌යෙදී සිටි පොලිස් නිලධාරීන් හැසිරී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *