ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භ වූ තැන් පටන් වසර හතලිහක්

කේ .රත්නායක විසිනි

[මෙය Forty years since the beginning of civil war in Sri Lanka මැ යෙ න් 2023අගෝස්තු 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

වසර හතලිහකට පෙර, 1983 ජූලි මාසයේ අවසාන දිනවලදී, එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ සහ ආරක්ෂක අංශවල පිටුබලය ලද සිංහල ස්වෝත්තමවාදී මැරයෝ, කොලඹ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල දෙමල ජනයාට එරෙහිව සංහාරයක් මුදා හලහ. එය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව අනුප්‍රාප්තික ආන්ඩු විසින් දියත්කරන ලද 26 වසරක වාර්ගික යුද්ධය අවුලුවා ලන ලදී.

1983 අගෝස්තු 1 වැනි දින ශ්‍රී ලංකා වේ කොලඹ නගරයේ පිටකොටුව ප්‍රදේශයේ ගිනිබත් කරන ලද දෙමල ව්‍යාපාරික ස්ථාන. වාර්ගික කෝලාහලවලින් දෙමල ජනයා ගේ ව්‍යාපාරික ස්ථා න සහ නිවා ස 1,000 කට වැඩි ප්‍රමානයක් විනාශ විය.[ඒපී ඡා යා රූ ප/ජේ එල්ආර්] [AP Photo/JLR]

යුද්ධය ලක්ෂ ගනනක් “දෙමල, සිංහල සහ මුස්ලිම්” ජීවිත බිලිගත් අතර, දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රධාන වශයෙ න් දෙමල සුලුතරය ඇතුලු තවත් බොහෝ දෙනෙකුගේ ජීවන තත්වයන් විනාශ කලේ ය. එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් තලා දැමීම සහ දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීමත් සමග 2009 මැ යි මාසයේ දී ගැටුම ලේවැකි අවසානයකට පැමිනියේ ය.

දිග්ගැස්සුනු සිවිල් යුද්ධය, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට වැදගත් මූලෝපායික පාඩම් දරා සිටී. වසර 14 කට පෙර යුද්ධය අවසන් වුවද, ගැටුමට තුඩු දුන් දේශපාලන ප්‍රශ්න තවමත් විසඳී නොමැත; ඒවා තවදුරටත් පැසවමින් පවතී.

වසර 40 කට පෙර, දෙමල ජනයාට එරෙහිව සිදු කරන ලද සංහාරය මුදා හැරුනේ, 1983 ජූලි 23 වැ නි දින එල්ටීටීඊය විසින් සැඟව සිට පහර දී ශ්‍රී ලාංකික සොල්දා දුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමගය. දෙමල විරෝධී ප්‍රචන්ඩත්වයට කඩතුරාවක් සපයමින්, ආන්ඩුවේ අනුමැතිය ඇතිව, හමුදාව විසින් මෘත දේහයන් එදින ම කොලඹට ගෙන එන ලදී.

හොඳින් සංවිධානය වූ මැරයෝ තුවක්කු, පුපුරන ද්‍රව්‍ය, පොරෝ, පිහි සහ පොලුවලින් සන්නද්ධව, සපයා ගත් මැතිවරන නාමලේඛන වලට අනුව, දෙමල නිවෙස් හා ව්‍යාපාර ස්ථාන ඉලක්ක කර ගත්හ. මෙම කල්ලි ක්‍රියා කලේ ජනාධිපති ජේ .ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවේ පූර්න අනුග්‍රහය ඇතිවය. ප්‍රහාර සංවිධානය කිරීමට හා මෙහෙයවීමට ඇතැම් ඇමැතිවරු සම්බන්ධ වූහ. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ප්‍රචන්ඩත්වයට සෘජුවම සහභාගී විය, නැත හොත් නො දුටුවා සේ සිටියහ.

නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 300 ක් වුවද සැබෑ සංඛ්‍යා ව අවම වශයෙන් දහසකි. දෙමල කාන්තා වන් සිය ගනනක් දූෂනයට ලක් වූහ. 250,000 කට වැඩි පිරිසක් අවතැන් වූහ. කොලඹ වැලිකඩ බන්ධනාගාරයේ දෙමල සිරකරු වන් 52 දෙනෙකු, බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව ඝාතනය කෙරුනි. දෙමල ජනයා සතු නිවාස සහ කඩ සාප්පු දහස් ගනනක් ගිනි තබා විනාශ කෙරු නි.

ජූලි 28 දා ජාතික රූපවාහිනියට පැමිනි ජනාධිපති ජයවර්ධන, වාර්ගික සංහාර සාධාරනීකරනය කලේ ය. “ත්‍රස්තවාදීන්ගේ ප්‍රචන්ඩත්වයට සිංහල ජනතාව ප්‍රතිචාර දක්වා ඇත,” යි ජයවර්ධන ප්‍රකාශ කලේ ය. රට බෙදීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන තහනම් කිරීමට ආන්ඩුව තීරනය කර ඇති බව ප්‍රකාශ කල ඔහු, ”සිංහල ජනතාවගේ සහජාශය සහ ඉල්ලීම සංසිඳවීමට ඇති එකම මාර්ගය මෙයයි” යනුවෙන් ද පැවසීය.

“ඒකීය රාජ්‍යයට” පක්ෂපාතී බවට දිවුරුම් නොදුන් දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුවට හෝ පලාත් පාලන ආයතනවලට ඇතුලුවීම තහනම් කරමින්, ආන්ඩුව අගෝස්තු 4 වැනිදා , හයවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කලේ ය. සේවයෙන් පහකිරීමේ තර්ජනය මත, සෑම රාජ්‍ය සේවකයෙකුටම ඒ හා සමාන දිවුරුමක් දෙන ලෙස නියෝග කරන ලදී.

උතුරු නැගෙනහිර නිල වශයෙන් යුද කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, මෙම පලාත්වල “හමුදා මෙහෙයුම් සඳහා උපාය මාර්ග” සකස් කර ආරම්භ කරන ලද්දේ හමුදාපති මේජර් ජෙනරාල් තිස්ස වීරතුංග විසිනි.

1983 දෙමල විරෝධී සංහාරය, හිටුවනම කඩා පාත්වූවක් නො වීය. එහි විවෘත වෙලඳපොල පිලිවෙත්වලට කම්කරුවන් අතර පුලුල් විරුද්ධත්වයකට මුහුන දුන් ජයවර්ධන ආන්ඩුව, කොලඹ දේශපාලන සංස්ථාපිතයේ ප්‍රතිගාමී දේශපාලන අඩුමකුඩුම වෙත යොමුවිය. එනම් කම්කරු පන්තිය බෙදනුවස්, දෙමල විරෝධී ස්වෝත්තමවාදය සහ ප්‍රචන්ඩත්වය ඇවිස්සීමේ යෙදී ගත්තේය.

ශ්‍රී ලංකාව, ජාතික ආර්ථික නියාමන ප්‍රතිපත්තිය සහ ආනයන ආදේශන ප්‍රතිපත්තිය අවසන් කර නිදහස් වෙලෙඳපොල වැඩපිලිවෙලක් අනුගමනය කල ලොව පලමු රටවලින් එකක් විය. ගැඹුරු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ 1977 දී බලයට පැමිනි ජයවර්ධන ආන්ඩුව, රුපියල අවප්‍රමා නය කිරීමටත්, රජය සතු ව්‍යවසායයන් වසාදැමීමට හෝ පෞද්ගලීකරනය කිරීමටත්, අත්‍යවශ්‍ය සමාජසේවා සඳහා වියදම් කපා හැරීමට සහ සහල් සහ පිටි වැනි මූලික ආහාර ද්‍රව්‍යවල මිල සහනාධාර කපා හැරීමටත් පටන් ගත්තේ ය.

එය, කම්කරු වන්ට සහ නාගරික හා ග්‍රාමීය දුප්පතුන්ට අත්කර දුන් ප්‍රතිවිපාක විනාශකාරී වූ අතර වැඩ වර්ජන හා විරෝධතා ගනනාවක් අවුලුවාලීය. 1980 ජූලි මාසයේ දී රාජ්‍ය අංශයේ කම්කරු වන් රු පියල් 300 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා මහා වැඩ වර්ජනයක් දියත් කලහ; ආන්ඩුව ඊට ප්‍රතිචා ර දැ ක්වූයේ සේ වකයන් 100,000 ක් නෙ රපා හැ රීමෙ නි. ප්‍රධා න කම්කරු පන්තික පක්ෂ “ලං කා සමසමා ජ පක්ෂය (ලසසප), ස්ටැ ලින්වා දී කො මියුනිස්ට් පක්ෂය (කො ප) සහ මාධ්‍යමිකවාදී නව සමසමාජ පක්ෂය (නසසප)“එජා ප ආන්ඩුව පලවා හැරීම සඳහා දේශපාලන අරගලයක් කිරීම ප්‍රතික්ෂේ ප කිරීම හේතුවෙ න්, අවසානයේ වැඩ වර්ජනය තලා දමන ලදී.

ජයවර්ධන, පුලුල්ව පැතිරුනු විරුද්ධත්වයට එරෙහිව, වතුකරයේ දිස්ත්‍රික්කවල දෙමල කම්කරුවන්ට ද ඇතුලුව දිවයින පුරා ප්‍රචන්ඩ ප්‍රහා රවලට දැනටමත් තුඩු දී තිබුනු දෙමල විරෝධී උද්ඝෝෂනය උත්සන්න කලේ ය. 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර 100,000 කට ආසන්න පිරිසකට තම නිවෙස්වලින් පලායාමට බල කෙරුනි.

1981 ජූනි මාසයේ දී, ආරක්ෂක අංශවල සහ පොලිසියේ සහය ඇතිව කොලඹින් බලමුලු ගන්වනලද මැරයන්, උතුරේ යාපනයේ නගරයේ දී කලහකාරී ලෙස හැසිරෙමින්, වෙනත් කිසිදු ස්ථානයක නොතිබූ අත්පිටපත් ඇතුලු වටිනා පොත් ගබඩා කර තිබූ යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබූහ. ඉන්පසුව 1983 ජූලි සංහාරය සහ යුද්ධය ඇති විය.

ජයවර්ධන ආන්ඩුව දෙමල විරෝධී ස්වෝත්තමවාදය වෙත යොමුවීම, 1948 බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිල නිදහස ලැබීමෙ න් පසුව පිහිටුවන ලද ශ්‍රී ලංකා රාජ්‍යයේ පදනම දක්වා ම ඈතට ඇදී යයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බි්‍රතාන්‍ය පාලනයේ අවසාන වසරවල, 1946 සහ 1947 දී දියත් කල මහා වැඩවර්ජන ද ඇතුලුව, විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ පන්ති අරගලවල වර්ධනයට පාලක පන්තිය මුහුන දී තිබුනි.

1948 බලයට පත් එජාප ආන්ඩුවේ මුල්ම ක්‍රියාවක් වූයේ, වතුකරයේ වැඩ කිරීම සඳහා ගිවිසුම්ගත කම්කරුවන් ලෙස ඉන්දියාවෙන් ගෙන්වා ගත් ලක්ෂ සංඛ්‍යාත දෙමල කම්කරු වන්ගේ පුරවැ සිභා වය සහ ඡන්ද අයිතිය අහෝසි කිරීමයි. එහි අරමුන වූයේ, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සහ දුර්වල කිරීමයි.

කෙසේ වෙතත්, මහා වැඩවර්ජනවල ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව වන ඉන්දියාවේ බොල්ෂෙවික්-ලෙනින්වා දී පක්ෂයේ (බීඑල්පීඅයි) ට්‍රොට්ස්කිවාදීන්, පුරවැසි පනතට විරුද්ධ වෙමින්, කම්කරු පන්තියේ එකමුතුව සඳහා දැඩි සටනක් ගෙන ගියහ.

කො ල්වින් ආර් ද සිල්වා [ඡා යා රූ පය: විකිපීඩියා] [Photo: Wikipedia]

පාර්ලිමේන්තු විවාදයේ දී බීඑල්පීඅයි නායක කොල්වින් ආර් ද සිල්වා , ”රාජ්‍යය ජාතිය සමගත්, ජාතිය වර්ගය සමගත් සාම්‍ය විය යුතුය” යන පනත පදනම් වූ

භයානක ෆැසිස්ට් මූලධර්මය හෙලාදුටුවේ ය. මෙම පනත උතුරු නැගෙනහිර දෙ මල ජනයා ඉලක්ක කර නො තිබුනද, ශ්‍රී ලංකා රාජ්‍යයේ පදනම ලෙස වර්ගවා දී මූලධර්මය සම්මත කරගැ නීමෙ න් පසු, එය “කෙටි මෙන්ම, පහසු පියවරක් ද වනු ඇති” බවට ඔහු අනතුරු ඇඟවීය.

අනතුරු ඇඟවීම ඉක්මනින්ම තහවුරු විය. 1953 දී, ගැ ඹුරු ආර්ථික හා දේ ශපා ලන අර්බුදයකින් කුලුගැ න්වී, වා ර්ගික රේ ඛා කපා ගෙ න වැ ඩකරන ජනතාව එක්සත් කරමින් රටපුරා ඇවිලගිය හර්තාලයකින්“වැ ඩ වර්ජන සහ කඩසාප්පු වසා දැමීම්“එජාප ආන්ඩුව දනගස්වන ලදී.

පාලක පන්තියේ ප්‍රතිචාරය වූයේ, සමාජවාදී වාක්‍ය ඛන්ඩයන්ගෙන් සැරසුනු විවෘතවම සිංහල ස්වෝත්තමවාදී වැඩපිලිවෙලක පදනම මත, 1956 දී බලයට පත් වූ අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) වෙත හැරීමයි. ශ්‍රීලනිප නා යකත්වයෙන් යුත් ආන්ඩුව, දෙ මල ජනයා ට දැ ඩි ලෙස අවාසිසහගත තත්වයක් ඇති කරමින් සිංහල භාෂාව රටේ එකම රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කලේ ය. මේ හේතුවෙන්, රාජ්‍ය සේවයේ සිටි දෙමල ජනයාගෙන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි විය.

1983 දී පුපුරා ගිය සිවිල් යුද්ධයේ මූලයන් පවතින්නේ හුදෙක් කොලඹ පාලක පන්තිය එරී සිටි දෙමල-විරෝධී ස්වෝත්තමවාදය තුල නො ව, 1950 දී බීඑල්පීඅයි, මාධ්‍යමිකවාදී ලසසප තුලට දියකර හැරීමත්, ලසසපයේ පසුකාලීන සිංහල ජනතාවාදය සහ ශ්‍රීලනිප දේශපාලනය දක්වා පසුබැසීම හා අනුගත වීමත් තුල ය. 1964 දී, ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදයට තිබූ බැඳීම් මුලුමනින්ම අත්හැර දමා, අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ශ්‍රීලනිප නායකත්වයෙ න් යුත් ආන්ඩුවට එක් විය.

ලසසපයේ මහා පාවා දීමට ආධාර සහ අනුබල දුන්නේ, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරමින්, එය සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට හා ශ්‍රී ලංකාව වැනි රටවල ශ්‍රීලනිපය වැනි ධනේශ්වර ජාතිකවාදී බලවේගවලට යටත් කිරීමට උත්සාහ කල මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දුන් හතරවන ජාත්‍යන්තරය තුලවූ සංශෝධනවාදී ප්‍රවනතාවය යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) 1953 දී පිහිටුවන ලද්දේ පැබ්ලෝ වාදීන්ගෙන් බිඳී අව්‍යාජ ට්‍රොට්ස්කිවාදය ආරක්ෂාකිරීම සඳහා ය.

ලසසප පාවාදීම කම්කරු පන්තිය තුල මහත් ව්‍යාකූලත්වයක් සහ අවමංගත වීමක් ජනනය කලේ ය. එය වාර්ගික දේශපාලනය මත පදනම් වූ විවිධ සුලු ධනේශ්වර රැඩිකල් කන්ඩායම් සඳහා දොර විවර කලේ ය. 1966 දී මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ජනතා වාදයේ සම්මිශ්‍රනයක් මත, දකුනේ පිහිටුවන ලද ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පීඩිත ග්‍රාමීය තරුනයින් අතර පදනමක් ලබා ගත්තේ ය.

1972 දී, ශ්‍රීලනිප-ලසසප-කොප සභාග ආන්ඩුව, නීතිපති හා සමසමාජ නායක කොල්වින් ආර් ද සිල්වා විසින් සම්පාදනය කරන ලද නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලද අතර, එය නිල වශයෙන් බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස ද සිංහල පමනක් භාෂා ප්‍රතිපත්තියද පිලිගත්තේ ය. එය රාජ්‍ය අංශයේ රැකියා සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දෙමල ජාතිකයන්ට වෙනස් කොට සැලකීමේ පියවරද ක්‍රියාත්මක කලේ ය.

උතුරේ දෙමල තරුනයෝ සාම්ප්‍රදායික දෙමල ධනේශ්වර පක්ෂවලින් වෙන්වීගෙන, වෙනම දෙමල රාජ්‍යයක් සඳහා වූ සන්නද්ධ අරගලය වෙනුවෙන් පෙනී සිටි එල්ටීටීඊය ඇතුලු විවිධ දෙමල කන්ඩායම් වැලඳ ගත්හ.

ලසසපයේ පාවාදීමට විරුද්ධ වූ තරුනයින් කන්ඩායමක් 1968 දී සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවා දී කොමියුනිස්ට් සංගමය (විකොස) හජාජාකහි ශ්‍රී ලංකා ශාඛාව ලෙස පිහිටුවා ගත්හ.

විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය 1970 මුලදී විකොස රැස්වීමක් අමතමින්. ඛේදජනක ලෙස බාලසූරිය සහෝදරයා 1987 දී මිය ගියේ යන්තම් වයස අවුරුදු 39 දී ය.

විකොස පමනක් ම සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙලට නායකත්වය දුන් අතර, සියලු ආකාරවල වර්ගවා දී දේශපාලනයට විරුද්ධ වෙමින්, සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කලේ ය. අවසානයේ 1983 ගැටුම පුපුරා ගිය විට, යුද්ධයට නිරතුරුවම විරුද්ධ වෙමින් දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල සහ උතුරු නැගෙනහිරින් ශ්‍රී ලංකා හමුදාව කොන්දේසි විරහිතව ඉවත් කරන ලෙස ඉල්ලා සිටි එකම පක්ෂය විකොස විය.

26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවේ පාලක පන්තියට එරෙහි චෝදනා පත්‍රයකි; එසේම ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය තහවුරු කිරීමකි. ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ධනේශ්වරය මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අභිලාෂයන් සපුරා ලීමට ඓන්ද්‍රීයවම අසමත් බව ට්‍රොට්ස්කි පෙන්නුම් කලේ ය. සමාජවාදී දේශපාලනය සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය ක්‍රියාවට නංවනුවස් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස එම කාර්යය කම්කරු පන්තිය වෙත පැවරේ.

ඉන්දියාවේ සහය ඇතිව, දිවයිනේ උතුරු හා නැගෙනහිර වෙනම ඊලම් රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කල එල්ටීටීඊයේ බෙදුම්වාදී ප්‍රතිපත්තිය ද යුද්ධය විසින් පැහැදිලිව හෙලිදරව් කෙරුනි. එහි විවිධ සමාජවාදී වාගාලාප නො තකා, වෙනම රජ්‍යයක් සඳහා එල්ටීටීඊයේ කැඳවුම නියෝජනය කලේ, දෙමල කම්කරුවන් සූරාකෑමෙන් ලාභ ඉපයීමට අවකාශයක් සෙවූ දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා ය.

1987 ජූලි මාසයේ දී ඉන්දීය ආන්ඩුව අර්බුදග්‍රස්ථ ජයවර්ධන පාලනයට ඇප ලබා දීම සඳහා ඉන්දු-ලංකා ගිවිසුමට එලැඹීමත් සමඟ, එල්ටීටීඊය විසින් ඉන්දීය ධනේශ්වරයේ මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීම හෙලිදරව් විය. සීමිත ප්‍රාදේශීය ස්වයං පාලනයක් පිලිබඳ පොරොන්දුව මත දෙමල සන්නද්ධ කන්ඩායම් නිරායුධ කිරීම සඳහා ඉන්දියාව ”සාම සාධක” හමුදා ශ්‍රී ලංකාවේ උතුරට එවූ ගිවිසුමට එල්ටීටීඊය සහාය දුන්නේ ය. දකුනේ ග්‍රාමීය නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා තම හමුදාව යැවීමට ගිවිසුම ජයවර්ධනට ඉඩහසර ලබා දුනි.

ගිවිසුමට එල්ටීටීඊයේ සහාය පිලිබිඹු කරන්නේ ජාත්‍යන්තරව ඊනියා ජාතික විමුක්ති ව්‍යාපාරවලට වල කපන ගැඹුරු සන්තතීන් ය. 1980 ගනන්වල නිෂ්පාදනයේ ගෝලීයකරනය, ජාතික ආර්ථික නියාමනය මත පදනම් වූ සියලුම වැඩපිලිවෙලවල් ඛාදනය කර තිබුනි; එය නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍ර බිඳවැටීම සහ 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීම තුලින් වඩාත් පැහැදිලිව හෙලිදරව් විය. එල්ටීටීඊය සිය සමාජවාදී බාහිර ඔපය සහ අධිරාජ්‍ය විරෝධී වාචාලකම වඩ වඩාත් අතහැරදමා, විදේශ ප්‍රාග්ධනයට දෙමල කම්කරුවන්ගේ ලාභ ශ්‍රමය සූරාකෑමට හැකි වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සහය වීමට ප්‍රධාන බලවතුන් වෙත හැරුනි.

හජාජාක තුල කෙරුනු පුලුල් සාකච්ඡාවල කොටසක් ලෙස, දෙමල හා සිංහල කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ මාධ්‍යයක් ලෙස ”දෙමල ජනයා සඳහා ස්වයං – නිර්න අයිතිය” වෙනුවෙන් පෙනී සිටි විකොස, තවදුරටත් එම සටන් පාඨයේ ප්‍රගතිශීලී අන්තර්ගතයක් නොමැති බව නිගමනය කලේ ය. උතුරුනැගෙනහිරින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වහා ඉවත් කර ගන්නා ලෙස දිගින් දිගටම බල කරන අතරේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස අපගේ පක්ෂය ශ්‍රී ලංකා -ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන ඉල්ලීම ඉදිරියට ගෙන ගියේ ය.

වාර්ගික යුද්ධය 2009 දක්වා ඇදී ගිය අතර, එල්ටීටීඊයේ බෙදුම්වාදී ඉදිරිදර්ශනයේ ප්‍රතිඵලය වූයේ එය වැඩි වැඩියෙන් හුදකලා වීමයි. එය ශ්‍රී ලංකා හමුදාවේ අපරාධ සම්බන්ධයෙන් සිංහල මහජනතාවට දොස් පැවරූ අතර, අහිංසක සිංහල මිනිසුන්ට පහර දෙමින් කොලඹ ආන්ඩුවේ හස්තය ශක්තිමත් කලේ ය. උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල එල්ටීටීඊය සිය පීඩාකාරී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය හරහා දෙමල වැඩකරන ජනතාව වඩ වඩාත් හුදකලා කලේය.

එල්ටීටීඊයේ පරා ජය හුදු මිලිටරි ව්‍යසනයක් නො ව, එහි දේශපාලන වැඩපිලිවෙලේ බංකොලොත් බව පෙන්නුම් කලේ ය. ශ්‍රී ලංකා මිලිටරිය ඝාතනය සඳහා වටකල විට, ඉන්දියා වේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට තබා, ලංකාවේ කම්කරු පන්තියටවත්, සහාය පතා ආයාචනා කිරීමට එල්ටීටීඊයට නොහැකි විය. ඒ වෙනුවට, එය ”ජාත්‍යන්තර ප්‍රජාවට”“එනම් කොලඹ යුද්ධයට දේශපාලනිකව හා මිලිටරිමය වශයෙන් පිටුබලය දුන් එක්සත් ජනපදය හා ඉන්දියාව වැනි ප්‍රධාන බලවතුන් වෙත නිෂ්ඵල ආයාචනා දිගටම නිකුත් කලේ ය.

දිග්ගැස්සුනු සිවිල් යුද්ධයේ ප්‍රශ්න කිසිවක් විසඳී නැත. ශ්‍රී ලංකා හමුදාව තම මර්දනකාරී පාලනය උතුරු නැගෙනහිර පලාත්වල දිගටම පවත්වාගෙන යන අතර, දෙමල ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිගටම පාගා දමමින් සිටියි; පෙර නො වූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, වාර්ගික ආතතීන් යලිත් අවුලමින් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජා මූඅ) විසින් නියම කරන දැඩි කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටී. එය, සිංහල හා දෙමල ජනතාවගේ “කම්කරුවන් හා ගම්බද ජනතාව අතර” එකහා සමාන පුලුල් විරුද්ධත්වයට හා නොසන්සුන්තාවයට මුහුන දෙයි. තම ආන්ඩුව ස්ථාවර කිරීමේ මං මුලා සහගත ප්‍රයත්නයක යෙදී සිටින වික්‍රමසිංහ, පලාත් සභා සඳහා වැඩි බලය බෙදා ගැනීමක් ඉදිරිපත් කිරීම මගින් ධනේශ්වර දෙමල පාර්ලිමේන්තු පක්ෂවල සහාය දිනා ගැනීමට අපේක්ෂා කරයි.

කොලඹ, දෙමල විරෝධී වර්ගවාදයේ අජූව ඔලුගෙඩිය හදිසියේ ම එසවී තිබේ. දෙමල ජනයාට වැඩි බලයක් ලබා දෙමින් රට බෙදීමට සූදානම්වීම ගැන සිංහල ස්වෝත්තමවාදී කන්ඩා යම් වික්‍රමසිං හ හෙලා දකිමින් දැනටමත් ව්‍යාපාරයක් දියත් කර ඇත.

අගෝස්තු මස මුලදී, හිටපු හමුදා මාන්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, කොලඹ බෞද්ධ මධ්‍යස්ථානයක පැවති සිංහල ස්වෝත්තමවාදී රැස්වීමක් අමතමින් කියා සිටියේ, “ව්‍යවස්ථාපිත ක්‍රම මගින් ඊලම පිහිටුවීමට උදව් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින” බවයි. රැස්වීම වාර්තාකල, සිංහල ස්වෝත්තමවාදී කන්ඩා යම් නඟාසිටුවීම සම්බන්ධයෙන් කුප්‍රකට ද අයිලන්ඩ් පුවත්පත ප්‍රකා ශ කලේ, වැඩි බලතල සහිත ප්‍රාදේශීය ස්වයං – පාලනයකට එරෙහි ව්‍යාපාරයකට ඩයස් නායකත්වය දෙන බවයි.

තවත් සිංහල අන්තවාදී කන්ඩායමක් වන ජාතික නිදහස් පෙරමුන, නව දිල්ලිය සමඟ ඇති කර ගත් ආර්ථික ගිවිසුම් හරහා වික්‍රමසිංහ රටේ “ඉන්දියානුකරනය” අපේක්ෂා කරන බවට චෝදනා කරයි. පාර්ලිමේන්තු සහාය සඳහා වික්‍රමසිංහ විශ්වාසය තබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) ලේකම් සාගර කාරියවසම්, පලාත් සභා වලට වැඩිබලතල ලබාදීම පිලිබඳ සාකච්ඡාවලට ප්‍රමුඛත්වය දීමට එරෙහිව ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබේ. මනා වැටුප් සහිත යහපත් රැකියා, සමාජසේවා සහ ජීවනකොන්දේසි සඳහා වන පන්ති අවශ්‍යතා, බෙදුම්වාදී වාර්ගික දේශපාලනය හරහා සපුරාලිය නොහැකි බවට, ශ්‍රී ලංකාවේ සමස්ත ඉතිහාසය, විශේෂයෙන්ම දිවයින විනාශ කල කුරිරු සිවිල් යුද්ධය, කම්කරු පන්තියට තියුනු ලෙස අනතුරු අඟවයි. ඒ වෙනුවට අත්‍යාවශ්‍යව ඇත්තේ, ශ්‍රමය වගුරු වන ගම්බද පීඩිත ජනයා තමා වටා බලමුලුගන්වා ගනිමින්, ධනේශ්වර ක්‍රමයට සහ වෘත්තීයසමිති ඇතුලු එහි සියලු ආරක්ෂකයින්ට එරෙහි කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකි.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලාසිටින්නේ, මූලික ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා සටන්කරනුවස්, සෑම වැඩපලකම සහ ග්‍රාමීය ප්‍රදේශයකම සියලුම ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව තමන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත්කරගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවාගන්නා ලෙසයි. සියලු ආකාරයේ වාර්ගික වෙනස්කම් කිරීම්, මර්දනකාරී නීති අහෝසි කිරීමට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙනයාමටත් ක්‍රියාකාරීකමිටු නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා අපි උද්ඝෝෂනය කරන්නෙමු.

ආර්. රං ගේ ෂ්, කේ . රත්නා යක
26 අගෝස්තු 2023

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *