ශ්‍රී ලංකාවේ 1953 හර්තාලයේ (මහජන නැගිටීමේ) පාඩම්

සමන් ගුණදාස විසිනි

[මෙය The lessons of the 1953 mass uprising (hartal) in Sri Lanka යන මැයෙන් 2023 අගෝස්තු 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හර්තාලයේ -දිවයින පුරා පුලුල්ව පුපුරා ගිය පුපුරා සමාජ කැරලිකාරිත්වයේ- 70 වැනි සංවත්සරය අගෝස්තු මාසයට යෙදී තිබින. මේ නිමිති කරගෙන, ‘ශ්‍රී ලංකාවේ 1953 මහජන නැගිටීමේ (හර්තාලයේ) පාඩම්’ මැයෙන් 2020 සැප්තැම්බර් 2 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියක් අපි මෙහි නැවත පලකරන්නෙමු.

ලොව පුරා පන්ති අරගල උත්සන්න වන තතු යටතේ, මෙම මූලෝපායික අත්දැකීමේ දේශපාලන පාඩම්, ශ්‍රී ලංකාවේ පමනක් නොව ජාත්‍යන්තරව කම්කරු පන්තියට තීරනාත්මක වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉවත් කල පසුගිය වසරේ පැවති අප්‍රේල්-ජූලි මහජන නැගිටීම්වල ප්‍රතිපලය, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවත් ජාමූඅ විසින් නියම කරන ලද එහි ම්ලේච්ඡ කප්පාදු වැඩසටහනත් පමනක් වූ බැවින්, වසර 70 කට පෙර සිදු වූ සිදුවීම් ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සෘජුව ම අදාල ය.

කොරියානු යුද්ධයේ අවසානය විසින් ජනනය කරන ලද ආර්ථික පසුබෑමට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජාතික පක්ෂය (එජාප) ක්‍රියාත්මක කල දරාගත නොහැකි කප්පාදු පිලිවෙත් වලට එරෙහිව, 1953 අගෝස්තු 12 දා, සුලු ව්‍යාපාර වසා දැමීමෙන් සහ ග්‍රාමීය ජනතාවගේ විරෝධතාවලින් පුලුල් ලෙස සහයෝගය ලද මහා වැඩවර්ජනයකින් කම්කරු පන්තිය වැඩ නතර කලේය. ආන්ඩුව සහනාධාර කපා හැරීමත් සමඟ සහල් සහ සීනි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල ගියේය.

කැරැල්ලේ දීප ව්‍යාප්ත පරිමාව, එජාප ආන්ඩුව බිඳවැටීමේ අද්දරට තල්ලුකල දැවැන්ත දේශපාලන අර්බුදයක් ජනනය කලේය. ධනේශ්වර පාලනය යලි ස්ථාවර කිරීම රඳා පැවැතියේ, සියල්ලටත් ඉහලින් කම්කරු පන්තියේ පක්ෂ—ලංකා සමසමාජ පක්ෂය (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) සහ විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය (විලසසප)—විසින් ඉටු කරන ලද භූමිකාව සහ සැබෑ විප්ලවවාදී පක්ෂයක් නොමැතිවීම යන කාරනා මත ය.

ලසසප හර්තාලයක්—නාගරික හා ග්‍රාමීය දුගීන් විසින් සහාය දක්වන කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනයක්—සඳහා කැඳවුම් කරමින්, ලසසපයෙන් කැඩී ගිය දක්ෂිනාංශික කන්ඩායමක් වන සීපී සහ විලසසප සමග ඒකාබද්ධ පෙරමුනක් යෝජනා කලේය. මෙම පක්ෂ ඒ වන විටත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) වෙත හැරෙමින් සිටි අතර, එය අධිරාජ්‍ය විරෝධී සහ සමාජවාදී වාචාල, සිංහල බහුතරය වෙත යොමු කරන ලද වාර්ගිකිව පදනම්වූ ජනතාවාදය සමග සම්මිශ්‍රනය කලේය.

ආන්ඩුව විසින් පටවල ලද දරුනු දුෂ්කරතාවන් පිලිබිඹු කරමින්, මෙයට ලද ප්‍රතිචාරය දැවැන්ත එකක් විය. අර්ධ-කැරලි ව්‍යාපාරය විසින් එජාප කැබිනට් මන්ඩලයට කොලඹ වරායේ බ්‍රිතාන්‍ය යුද නැවකට පසුබැසීමට බල කෙරුනි. ආන්ඩුව ගැලවුනේ එක් දිනකින් පසු ක‍්‍රියාමාර්ගය නතර කරන ලෙසට සමසමාජ පක්‍ෂය, එහි සහචරයින් සහ වෘත්තීය සමිති ගත් තීරනය නිසා ම පමනි. වර්ජන හා විරෝධතා අඛන්ඩව පැවතුන අතර ඒවා හුදකලා කිරීමටත් රාජ්‍ය මර්දනයටත් මුහුන පෑවේ ය.

සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයකට පදනම දැමීමට කොප හා විසසප සමග බිඳී ස්වාධීන ක්‍රියාකාරී කමිටු සඳහා උද්ඝෝෂනය කිරීමෙහිලා අපොහොසත් වූ ලසසප, මෙම පරාජයට මූලිකවම වගකිව යුතු විය. එහි දේශපාලන දිශානවනතිය සීග්‍රයෙන්, වෘත්තීය සමිති ක්‍රියාඑහි මාර්ග මගින් ඌනපූරනය කරමින් මැතිවරන සහ පාර්ලිමේන්තු දේශපාලනයටත් ශ්‍රීලනිපය කරා සිග්නල් දැමීමටත් මෙහෙයවිනි. අවසානයේ සමාජවාදී ජාත්‍යන්තරවාදය අතහැර සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිප ප්‍රමුඛ ධනේශ්වර ආන්ඩුවට සම්බන්ධ වෙමින් ලසසපය කල මහා පාවාදීම දක්වා තුඩු දුන්නේ මෙම පරිහානිය යි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පෙලගැස්ම 1953 සිට විශාල වශයෙන් වෙනස් වී ඇත. ප්‍රමුඛ ධනේශ්වර පක්ෂ දෙකම—එජාප සහ ශ්‍රීලනිප—බෙදී ඇති අතර ඔවුන්ට කලක් පැවති බලය හෝ සහයෝගය තවදුරටත් නොමැත. නොයෙක් පක්ෂ වලින් බිඳීගිය කොටස් එකතු කරගත් ලසසප දැන්, ශ්‍රීලනිපයේ සිංහල ජනතාවාදය වැලඳගෙන, කොප සමග සිංහල අන්තවාදී පෙරමුනක—එනම්, අවුරුදු 26 ක් පුරාවට පැවති දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් උත්තරීතර ශ්‍රී ලංකා සභාගයක කොටස්කාර පක්ෂයකි.

එහෙත්, වසර 70කට පෙරාතුව හාර්තාලය අවස්ථාවේ අත්දැක්කාට වඩා පසුගිය වසරේදී සිදුවීම්වලදී කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත්විට පන්ති සහයෝගීතාවයේ දේශපාලන විෂ බවෙහි අඩුවක් නොවී ය. ඉහල යන මිල ගනන් නතර කරන ලෙස ඉල්ලා නාගරික හා ගම්බද දුගී ජනයාගේ සහයෝගය ලත් වැඩ වර්ජන සහ විරෝධතා තුලින් පසුගිය වසරේ මිලියන ගනනක් කම්කරුවෝ වීදි බටහ. කොවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහිව යුක්‍රේනයේ එක්සත් ජනපද-නැටෝ නායකත්වයෙන් මෙහෙයවන යුද්ධය මගින් ජනනය කරන ලද ගෝලීය ආර්ථික කැලඹිලිවල විශේෂයෙන් තියුනු ප්‍රකාශනයක් වූ උග්‍ර නය අර්බුදයකට ශ්‍රී ලංකාවේ ධනවාදය හසු වී ඇත.

කෙසේ වෙතත්, මෙම මහජන ව්‍යාපාරය, වෘත්තීය සමිති හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායමුත් විසින් යලිත් වරක් ධනේශ්වර විරුද්ධ පක්ෂ හා පාර්ලිමේන්තු දේශපාලනයේ අතයටට හරවා යැවීය. වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කරනු ඇතැයි කියන, සමගි ජන බලවේගය (එජාපයෙන් කැඩී ගිය සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන පක්ෂවල අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සඳහා වූ ඉල්ලීමට අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල මහා වැඩවර්ජන දෙක යටත්කරනු ලැබී ය.

ජනාධිපති රාජපක්ෂට රටින් පැන යාමට සහ ඉල්ලා අස්වීමට බලකෙරුනු මහජන ව්‍යාපාරයේ පරිමානය එබඳු විය. එහෙත් ඔහු වෙනුවට, ජාමූඅ කප්පාදුව ක්‍රියාවට නැංවීම සඳහා සිය සම්පූර්න කැපවීම හේතුවෙන් තෝරාගනු ලැබූ, මහජන සහයෝගයක් නොමැති රනිල් වික්‍රමසිංහ පත් කරන ලද්දේ, සජබ සහ ජවිපෙ විසින් දක්වන නිහඬ සහාය ඇතිව, නියෝජනයක් නොමැති පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඡන්දයකිනි. රැකියා අහිමිවීම්, අඛන්ඩ උද්ධමනය සහ විශ්‍රාම වැටුප් හා අත්‍යවශ්‍ය සේවා කප්පාදුවේ ප්‍රතිවිපාක වැඩකරන ජනයා දැන් අත්විඳිමින් සිටිති.

පශ්චාත් යුධ උත්පාතයක් සමග පැමිනි 1953 මෙන් නොව, ගෝලීය ධනවාදයේ වත්මන් අර්බුදය ගැඹුරු වෙනවා පමනි. එය, කම්කරුවන් හා දුගීන් මත නව බර පටවනු ඇත. තීරනාත්මක දේශපාලන පාඩම නම්, කෙතරම් පුලුල් සහ සටන්කාමී යන්නද නොතකා, කම්කරු පන්තියට තම අවශ්‍යතා ඉදිරියට ගෙන යා හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම් වූ විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී නායකත්වයකට පමනක් බවයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස 1968 දී සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පෙරගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවන ලද්දේ, විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා ය. ලසසපයේ 1964 පාවාදීමට අනුබල දුන් පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව හජජාකයේ අරගලයේ පාඩම් ස්වීකරනය කරගනිමින් ද පන්ති සහයෝගිතා දේශපාලනයට එරෙහිවද විකොස පිහිටුවන ලදි.

සසප හා සසජාතශි සාමාජිකයින් සහ ආධාරකරුවන් ආන්ඩු විරෝධී විරෝධතා සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටිති.

පසුගිය වසරේ නැගිටීම අතරතුර, දැවැන්ත අර්බුදය විසඳීම සඳහා සමාජවාදී ප්‍රතිපත්තිවල පදනම මත, වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ සසප පමනි. වැඩකරන ජනතාවගේ දැවෙන අවශ්‍යතා ආමන්ත්‍රනය කරන ඉල්ලීම් වටා ග්‍රාමීය දුප්පතුන් පෙලගැස්වීම සඳහා සෑම සේවා ස්ථානයකම සහ ගම්බඳ ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියෙමු.

ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා සටන් කිරීමට, මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වන කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප යෝජනා කරයි. මෙම සම්මේලනය ගොඩනැගීම, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීමට සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ස්ථාපිත කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන අරගලයකට පදනම දමනු ඇත.

දැන් හදිසි කාලීන අවශ්‍යතාවය වන දේශපාලන කර්තව්‍යයක් වී ඇත්තේ මේවාය. සියල්ලටත් වඩා, මෙම අරගලයට නායකත්වය දීමට අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩ නැගීම මූලික ය.

මින් 67 වසරකට පෙර 1953 අගෝස්තු 12 වැනි දා, “හර්තාලය ” වැඩ වර්ජන සමඟ සුලු ව්‍යාපාර ඇතුලු සියලු වැඩ නැවත්වීමක්) ලෙස ප්‍රචලිත, අර්ධ කැරලිකාරි මහජන නැගිටීමක් ශ්‍රී ලංකාව තුල පුපුරා ගියේය. දිවයිනේ පාලක පන්තිය අරටුවටම සොලවා ලූ එය, දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේය.

අව්‍යාජ විප්ලවීය නායකත්වයකින්, එනම් මාක්ස්වාදී -ට්‍රොට්ස්කිවාදී පක්ෂයකින් තොර වූ නැගිටීම දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් පරාජයට පත් කරන ලදී. මෙම කටුක අත්දැකීම තම ඉදිරි විප්ලවවාදී අරගල සඳහා සූදානම් වීමේදී, කම්කරු පන්තියට බලගතු පාඩම් ගෙනඑයි.

ජාත්‍යන්තරව 1953 වසර මහත් සේ කැලඹිලි සහගත විය. ජුනි මසදී සෝවියට් නිලධරය විසින් ස්ථාපනය කරනු ලැබූ නැගෙනහිර ජර්මනියේ සහ චෙකොස්ලොවැකියාවේ ස්ටැලින්වාදී ආන්ඩු වලට විරුද්ධව කම්කරු නැගිටීම් පුපුරා ගියේය. ඉක්බිතිව අගෝස්තුවේදී කප්පාදු පියවරයන්ට එරෙහිව මිලියන 4ක ප්‍රන්ස කම්කරුවෝ සති දෙකකට ආසන්න කාලයක් පුරා මහා වැඩවර්ජනයක යෙදී ගත්හ.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකින් බැට කැවේය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් 1950 දී ආරම්භ කරන ලද තුන් අවුරුදු ලේවැකි කොරියානු යුද්ධය විසින් ඇති කරන ලද උත්පාතය නිමාවීම හේතුවෙන් රබර් සහ තේ අපනයනය තියුනු ලෙස පහත වැටුනි.

යන්තම් මීට වසරකට පෙර සැලකිය යුතු බහුතරයක් සහිතව බලයට පැමිනි එජාප ආන්ඩුව 1953 ජූලියේ දී දරුනු පියවර ගත්තේය. එය රටේ ප්‍රධාන ආහාරය වූ සහල් සඳහා වූ සහනාධාරය ඉවත් කරමින්, මිල තුන්ගුනයකින් ඉහල දැමීය. මීට අමතරව එය සීනි වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ වල මිල ඉහල දැමීමටද, පාසැල් දරුවන්ගේ දිවා ආහාරය කපා දැමීමට ද සෟඛ්‍ය සහ වෙනත් සමාජ සුබසාධන වැඩසටහන් කපා දැමීමටද දුම්රිය ප්‍රවාහන, තැපැල්, දුරකථන සහ විදුලි පනිවුඩ සේවා සඳහා ගාස්තු ඉහල දැමීමටද පියවර ගත්තේය.

“රටේ සංවර්ධන වැඩසටහනට මුදල් සම්පාදනය කිරීමට නොහැකි නිසා” රජයට ආහාර සහනාධාරය ඉවත් කිරීමට සිදු වූ බව මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන පැවසීය. දුප්පත් ජනයා හට ඔහු නරුම ලෙස කියා සිටියේ “ඔබේ ආහාර ඔබම වවා ගන්න” යනුවෙනි. ඒ හා සමගම ධනවතුන් සඳහා බදු සහන සහ වෙනත් දීමනා ඔහු ප්‍රකාශයට පත් කලේය.

තම ජීවන කොන්දේසි මත එල්ල වූ දැරිය නොහැකි ප්‍රහාර මගින් කම්කරුවන් හා ගම්බද දුගීන් අතර වසර ගනනාවක් තිස්සේ කැකෑරෙමින් තිබූ අතෘප්තියට ගිනි තැබිනි. දිගු කලක් තිස්සේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට ගැතිකම් කල රටේ පාලක ප්‍රභූව, වඩාත් හොඳ ජීවන සහ සමාජ කොන්දේසි සඳහා වැඩකරන ජනතාවගේ අරගල සමනය කිරීම පිනිස 1948 වසරේ දී නාමික නිදහසක් සඳහා තම සහයෝගය පුද කලහ.

මෙම “නිදහසට” ආසන්න ඉක්බිත්තෙහි ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන් ලක්ෂ ගනනකගේ පුරවැසි අයිතිය එජාප ආන්ඩුව විසින් අහෝසිකර කර දැමිනි. එය, කම්කරු පන්තිය වර්ගවාදී රේඛා ඔස්සේ බෙදා වෙන්කර එමගින් ධනපති පාලනයට මුක්කු ගැසීම පිනිස ගනන් බලා ගත් නරුම පියවරක් විය.

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට විරුද්ධව මහජන කෝපය කැකෑරෙද්දී කම්කරුවන් සහ ග්‍රාමීය ප්‍රදේශවල සැලකියයුතු සහයෝගයක් ලබා තිබූ ලංකා සම සමාජ පක්ෂය, 1953 ජූලි මස 23 වැනි දා එලඹෙන අගෝස්තු මස 12 දින එක්දින විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලේය.

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ සම සමාජ පක්ෂයෙන් බිඳී ගිය දක්ෂිනාංශික ජාතිකවාදී කන්ඩායමක් වූ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂයද ව්‍යාපාරයට එක් වූහ.

නොසන්සුන්තාවය ගසාකෑමට උත්සාහ ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආන්ඩුවේ මර්දනය හෙලා දුටුවද විරෝධතාවයට සහයෝගය නොදුනි. වැඩෙන අතෘප්තිය තුරන් කිරීම සඳහා, එස්. ඩබ්ලිව්.ආර්.ඩී.බන්ඩාරනායකගේ නායකත්වය යටතේ එජාපයෙන් කැඩුනු කන්ඩායමක් 1951දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කලේය. ද්‍රවිඩ ධනපති ප්‍රභූ වේ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ෆෙඩරල් පක්ෂයද විරෝධතාවයට සහයෝගය ප්‍රකාශ කල නමුත් සහභාගී වූයේ නැත.

අගෝස්තු මස 12 වනදා කම්කරුවන්, ගොවීන් සහ තරුනයන් කටයුතු තමාගේම අතට ගත්හ. පොලිසිය අවහිර කිරීම සඳහා ඔවුහු අගනුවර කොලඹට ඇතුලුවන සෑම පිවිසුමක්ම හරස්කර බැරිකේඩ තැනූ හ. කිරුලපන පාලම ආසන්නව පාර හරහා තැනුනු එක බැරිකේඩයක ජනයා පොලිස් කොස්තාපලුන් අසූවක් සමඟ සටන් කලහ.

කොලඹ සහ අනෙකුත් ප්‍රදේශ අතර ටෙලිග්‍රාෆ්, ටෙලිෆෝන් සහ අනෙකුත් සන්නිවේදන මාර්ග විසන්ධි කරමින් රැහැන් කපා දැමුනි. සමහර ස්ථානවල ලී පාලම් ගලවා දැමුනු අතර සමහරක් කුඩා පාලම් ඩයිනමයිට් යොදා පුපුරුවා හරින ලදී. ප්‍රවාහන හා තැපැල් සේවා නතර කෙරිනි. සමහර තැනක රේල් පීලි සැතපුමකට ආසන්න දුරකට ගලවා දැමුනු අතර සමහර දුම්රිය නතර කර අල්ලා ගන්නා ලදී.

බියෙන් ත්‍රස්ත වූ යූඑන්පී කැබිනට්ටුව කොලඹ වරායේ නැංගුරම්ලා තිබූ එච්එම්එස් නිව්පවුන්ඩ්ලන්ඩ් යුද නෞකාව තුල රැස්වූහ. හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් දුටු තැන වෙඩි තැබීම සඳහා මිලිටරියට අන නිකුත් කෙරිනි. කම්කරු පන්තික පක්ෂ කාර්යාල සහ මුද්‍රනාල සීල් තැබිනි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කල අතර දේපල අලාභ හානි කිරීම සඳහා මරන දන්ඩනය හඳුන්වා දුනි.

කොලඹ ද දකුනු හා බස්නාහිර ගම්බද ප්‍රදේශවල ද කම්කරුවන් හා තරුනයින් නව දෙනෙක් වෙඩි තබා මරා දැමූ පොලිසිය තවත් විරෝධතාකරුවන් 175 දෙනෙකුට බරපතල තුවාල සිදු කලහ.

කැඳවනු ලැබුවේ එක් විරෝධතා දිනයක් වූවද, එය නතර කිරීම සඳහා ලසසපය කල කැඳවුමද නොතකා සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම කොලඹ තදාසන්න ප්‍රදේශ සහ දකුනු ප්‍රදේශ වල උද්ඝෝෂන නතර නොවී ඉදිරියට ගියේය.

ලසසපය කිසිදු ක්‍රියාවක් සංවිධානය නොකල අතර ආරක්ෂක කමිටු ගොඩනැගීම සඳහා කැඳවුම් කලේද නැත. එසේ වුවත් පෙර දශකයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ක්‍රියාශීලී වූ ප්‍රදේශවල විරෝධතාවයන් පැන නැග්ගේය. එවක දී ලසසප ය ලෝක ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ හතරවන ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව වුවද, පාර්ලිමේන්තුවාදය හා සීමිත ආර්ථික ඉල්ලීම් කෙරෙහි යොමු වුනු වෘත්තීය සමිතිවාදය කරා වැඩි වැඩියෙන් නැඹුරුවෙමින් සිටිීය.

ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස 1942 දී පිහිටුවන ලදුව ලංකාව ඇතුලුව ඉන්දියානු උප මහද්වීපයේ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙලක් සඳහා සටන්වැද තිබිනි. එසේ වතුදු එක්දාස් නවසිය හතලිස් ගනන් වල මැද භාගයේ ඇන්. ඇම්. පෙරේරා සහ පිලිප් ගුනවර්ධන නායකත්වය දුන් අවස්ථාවාදී කන්ඩායමක් බීඒල්පීඅයියෙන් බිඳී ලසසප ධජය යටතේ ජාතිකවාදී වැඩසටහන කරා නැවත පල්ලම් බැස ගියහ.

භේදයේ අතිශය වැදගත් වූ දේශපාලන ප්‍රශ්න පසකට අතුගා දමමින් 1950 දී බීඑල්පීඅයිය ලසසප ය සමඟ නැවත එකතු විය. එහි ඉන්දියානු ශාඛාව ජාතිකවාදී ඉන්දියානු සමාජවාදී පක්ෂය සමඟ කලින්ම එකතුවී තිබිනි. මෙම ඒකාබද්ධ වීම් බීඑල්පීඅයිය දියකර හැරීමට සමාන විය. මෙය කම්කරු පන්තික නැගිටීම් ලොප් කර දැමීම සදහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවට නාමික නිදහස පිරිනැමීම ඇතුලු, දෙවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදී බලයයන් හා සෝවියට් රෙජීමය අතර ඇති කරගත් සමථයන් ට, ඒ්කාබද්ධ වීමක් විය.

පසුව එලඹි වසරවලදී හතරවන ජාත්‍යන්තරය තුල මතුවූ මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් ගේ සංශෝධනවාදී ප්‍රවනතාවයට බැඳෙමින් ලසසපය තවදුරටත් ට්‍රොට්ස්කිවාදයෙන් පල්ලම් බැස්සේය. මෙම ප්‍රවනතාවය ස්ටාලින්වාදී සෝවියට් නිලධරය ට ප්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කරමින් ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ ට්‍රොට්ස්කිවාදී වැඩසටහන අත්හැර දැමීය. අර්ධ යටත් විජිත රටවල් වලදී හතරවෙනි ජාත්‍යන්තර ශාඛා ජාතිකවාදී ධනපති දේශපාලන ව්‍යාපාර සමඟ ඒකාබද්ධ කිරීම ඔවුන් යෝජනා කලහ.

1953 නොවැම්බර් මාස ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී නායක ජේම්ස්. පී. කැනන් මෙම දියකරහැරීම්වාදය ප්‍රතික්ෂේප කිරීම සඳහා කැඳවුම් කරමින් නිකුත් කල විවෘත ලිපියට විරුද්ධ වන අතරම, පැබ්ලෝ වාදයට එරෙහිව සටන් කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට සම්බන්ධ වීමද ලසසපය ප්‍රතික්ෂේප කලේය. පැබ්ලෝව විවේචනය කල ද පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය තුල ඔවුහු රැඳී සිටියහ.

ලසසපයේ ජාතිකවාදී පල්ලම් බැසීම 1953 හර්තාලය තුල ඔවුන්ගේ භූමිකාවෙන් ප්‍රකාශිත විය. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් කෘතියේ පැහැදිලි කරන පරිදි:

1953 හර්තාලය, පක්ෂයේ විප්ලවකාරී ස්වභාවය හුවාදැක්වීමේ පසුකාලීන ලසසප මිත්‍යා ප‍්‍රබන්ධනය සඳහා යොදාගනු ලැබීය. යථාර්තය නම්, ලසසපය මහජන ව්‍යාපාරයට කිසිදු නායකත්වයක් සම්පාදනය නොකල බවය. …සවිස්තරාත්මක ලිපියක් තුලින්, කොල්වින් ආර්. ද සිල්වා, හර්තාලය “කම්කරු ගොවි සන්ධානය පිලිබඳ ලාංඡනය” තැබූ පන්ති අරගලයේ නව අදියරක් වන බව ප‍්‍රකාශ කලේය. එහෙත් දැන් ඇත්තේ “එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට ඉල්ලා අස්වී අලුතින් මහ මැතිවරනයක් පවත්වන ලෙස බලකිරීම” සඳහා සටන යයි, අවසානයේ ඔහු නිගමනය කලේය. හර්තාලය පුරාවට ම ලසසප එය දැකගනු ලැබුවේ, තම පාර්ලිමේන්තු උපාමාරුවල ආධාරකයට නොවැඩි දෙයක් ලෙසය. (පිට 71)

ලසසපය පාර්ලිමේන්තු කටයුතු යෝජනා කරද්දී අරගලයේ තීව්‍රතාවය පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටසක් කම්පනයට පත් කලේය. යූඇන්පියට විකල්ප ධනපති පක්ෂයක් ලෙස බන්ඩාරනායකගේ ශ්‍රීලනිපයට ඔවුන් තම සහයෝගය දුන්හ. හර්තාලය තුලදී ප්‍රකාශයට පත්වුන පන්ති එකමුතුව බිඳීම සඳහා දෙමල විරෝධී වර්ගවාදය අවුස්සමින්, බන්ඩාරනායකගේ “සිංහල පමනක්” ප්‍රතිපත්තිය මගින්, සිංහල රාජ්‍ය භාෂාව ලෙස යෝජනා කෙරුනි.

මහජන අරගලය ලසසප විසින් පාවා දීම ශ්‍රීලනිපයේ 1956 පාර්ලිමේන්තු මැතිවරන ජග්‍රහනයට පාර කැපීය. හර්තාලයෙන් විප්ලවීය පාඩමක් ඉගෙන ගැනීම හෝ සිද්ධිදාමය කෙරේ ස්වයං විවේචනාත්මකව විශ්ලේෂනය කිරීම හෝ පසෙක තැබූ ලසසපය ශීඝ්‍රයෙන් දේශපාලනිකව පසුබැස්සේය.

ලසසපය 1956 මැතිවරනයේ දී ශ්‍රීලනිපය සමග නිතරඟ ගිවිසුමකට එලඹුනු අතර, 1956 සහ 1957 රාජාසන කතා සඳහා පාර්ලිමේන්තුවේ දී ඡන්දය පාවිච්චි කලේ “අනුකූලාත්මක සහයෝගීතාව” නම් ස්ථාවරය වැලඳගනිමිනි. විලසසප හි පිලිප් ගුනවර්ධන ශ්‍රීලනිප ආන්ඩුවට කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඇතුලුවිය.

ජාත්‍යන්තරව පැබ්ලෝවාදියෝ ලසසපයේ පසුබැසීම ආවරනය කලේ 1964 මහා පාවා දීම සඳහා කොන්දේසි සකසමිනි. එම අවස්ථාවේදී යලිත් පැන නැඟුනු කම්කරු පන්තික නැගී සිටීමක් හමුවේ ලසසපය සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිපය නායකත්වය දුන් සභාග ආන්ඩුවට ඇතුලුවිය. එම ක්‍රියාව මගින් ලසසපය අවසානයේදී ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති මුලුමනින්ම හැර දමා කම්කරු පන්තියේ අරගල මැඩීමට උපකාරී වීම සඳහා ධනපති ආන්ඩුවක ඇමති තනතුරු ලබා ගත්තේය.

එතෙක් පටන් දශක ගනනාවක් පුරා විහිදි දෙමල විරෝධී වර්ගවාදය සහ සිවිල් යුද්ධය ඇතුලු කම්කරුවන් සහ ගම්බද දුගීන් අත් විඳි භයානක භයංකර කොන්දේසි, මෙම ඓතිහාසික පාවාදීමේ ප්‍රථිපල වේ.

අද දින දිගහැරෙන ලෝක ධනවාදී අර්බුදයේ හා එය ශ්‍රී ලංකාව තුල ගෙනඇති එහි තියුනු ප්‍රකාශනයේ සන්දර්භය තුල, කම්කරු පන්තිය 1953 හර්තාලයේ පාඩම් උකහා ගත යුතු වේ. කෝවිඩ් 19 වසංගතය ලෝ පුරා පන්ති අරගලයට නව ජවයක් සපයා ඇති අතර එම අරගලය සඳහා අතීතයේ පාඩම් උකහා ගැනීම තීරනාත්මක වනු ඇත.

එනම්, පලමුවෙන් සහ ප්‍රධාන වශයෙන්ම කම්කරුවන්ගේ ධෛර්යය, නිර්භීතභාවය හා සටන්කාමීත්වය කොතෙක් වුවද, කම්කරු පන්තියට බලය ගැනීම සඳහා එය පමනක් ප්‍රමානවත් නොවන බව හර්තාලය ප්‍රදර්ශනය කල බවයි. ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත පදනම් වූ, ශ්‍රී ලංකාව තුල ලසසපයේ පරිහානිය සහ පාවාදීමේ අත්දැකීම ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියේ සියලු ඓතිහාසික අත්දැකීම් පරිපූර්නව උකහා ගත් විප්ලවවාදී පක්ෂයක් අවශ්‍යය.

එලඹෙන විප්ලවවාදී අරගල සඳහා අත්‍යවශ්‍ය පදනම ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායෙන් සම්පාදනය වේ. කල් පසු වූ ධනවාදී සංවර්ධනයක් ඇති රටවල ප්‍රජාතන්ත්‍රීය කර්තව්‍යයන් සහ සමාජ ප්‍රශ්න විසඳිය හැක්කේ, සමාජවාදී විප්ලවය සාක්ෂාත් කර ගැනීම සඳහා ගම්බද දුගී ජනයා හා පීඩිතයන් ගේ නායකත්වය ගන්නා කම්කරු පන්තියට පමනක් බව එයින් තහවුරු කෙරි ඇත. එහි අර්ථය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැංවීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *