ශ්‍රී ලංකාව පරදවා ඔිස්ට්‍රෙිලියාව ජය ගනී

ඔිස්ට්‍රෙිලියාව ශ්‍රී ලංකාව පරදවා කඩුලු 07 ක ජයග්‍රහනය අද (25) ලබා ගත්තේය .

20 යි 20 යි ලෝක ශුරයින් තේරීමේ ,සුපිරි 12 දෙනාගේ තරග මාලාවේ ශ්‍රී ලංකා සහ ඔිස්ට්‍රෙියාව අතර තරගය අද ඔිස්ට්‍රෙිලියාවේ පර්ත් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණ .

කාසිය වාසිය දිනා ගත් ඔිස්ට්‍රෙිලියන් නායක අයරෝන පින්ච් පන්දුවට පාහර දීම සදහා ශ්‍රි ලංකාවට කණ්ඩායමට ආරාධනා කළේය .ඒ අනුව මුලින් පන්දුවට පාහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 දැවි ලකුණු 157 ලබා ගත්තේය .

ලංකාවට එරේහිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔිස්ට්‍රෙිලියන් කණ්ඩායම ඔිවර් 16.1 අවසානයේ කඩුලු 03 දැවි ලකුණු 158 ක් ලබා ගෙන ලංකාවට එරේහිව අතිවිශිෂ්ට ජයග්‍රහනයක් අත් කර ගන්නට සමත් විය .

ඔිස්ට්‍රෙිලියාව වෙනුවෙන් අතිවිශිෂ්ට පිතිහරඹයක යෙදුනු මාකස් ස්ටෝයිනිස් නෙදැවි පන්දු 16කට ලකුණු 58 ක් රැස් කළේය. .

මෙම තරගයෙදී දග පන්දු යවන මනිදු හසරංගට දැඩි ප්‍රහාරයක් එල්ල විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *