සංඛ, චමල් සහ මහනාම හිමි උතුරු කොළඹ අපරාධ කොඨාශයට

Sankha, Chamal and Mahanama Thero to the North Colombo Crime Division

සංඛ ජයසේකර ,කොස්වත්තේ මහනාම සහ චමල් පොල්වත්ත යන අරගලකරුවන්ට උතුරු කොළඹ අපරාධ කොට්ඨාශයට ගොස් කටඋත්තරයක් ලබා දෙන්නැයි අලුත් කඩේ මහේස්ත්‍රාත්වරයා ඊයේ (14) නියෝග කළේය .

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ උතුරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කළ ඉල්ලීමකට අනුවය .

ජනාධිපති ලේකම් කාර්යාලයට බලහාත්කාරයෙන් ඇතුල් විම ඔවුන්ට එල්ල කර ඇති චෝදනාව වෙයි.

මෙම චෝදනාව යටතේ මහනාම හිමි ඇතුළු දෙදනාව අපරාධ කොඨාශය මගින් මිට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පසුව ඇප ලබා දී ඇති අතර ඊයේ (14) එම නඩුව කැදවු අවස්ථාවේ පොලිසිය කළ ඉල්ලීම මත මොහුන්ට මෝදර අපරාධ කොඨාශයට ගොස් කටඋත්තරයක් ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *