සජිත් වැලිමඩට පැමිණීම නිසා වඩිවෙල් ඉල්ලා අස්වෙයි

සමගිය ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තිරණය කළ බවත් ඒ බව පක්ෂයට දැනුම් දුන් බවත් ඊයේ (09) ප්‍රකාහ කළේය .

ආසන සංවිධායක ලෙස ඔහු විසින් පස්සර ආසනයේ මඩොල්සිම නගරයේ සංවිධානය කරන ලද රැස්විමකට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණෙන බව දැනුම් දී තිබුනෙත් ඔහු එදින එහි නොපැමිණ වැලිමඩ රැස්වීමක් සදහා සහභාගි වීම නිසා ඇත් වු සිත් තැවුල සහ වේදනාව හේතුවෙන් මන්ත්‍රීවරයා මෙම තීරණය ගත් බව කියා සිටියි .

සජිත් ප්‍රේමදාස අසනීපයෙන් යැයි පවසා තමන් විසින් සංවිධානය කළ රැස්වීමට පැමිණිය නොහැකි බව ඔහුට දැනුම් දීඇත.ඔහු ඒ බව සිය පාක්ෂිකයින් වෙත දැනුම් දී තිබිණි . ඉන්පසු පාක්ෂිකයින් ඒක්ව ඔහුට ඉක්මන් සුවය පතා පුඣාවක් ද පවත්වා ඇත. එම පුජාවට සහභාගි වී සිදු වු අපහසුතාවය පිළිබද ඔවුන්ගේ සමාව ඇයද මන්ත්‍රීවරයා ආපසු පැමිණි අවස්ථාවේ ප්‍රේමදාස වැලිමඩ රැස්වීම අමතන අයුරු මුහුණු පොත හරහා දැක ඇත. තමන්ගේ වචනය විශ්වාස කර එදින වැඩ නොයා පැමිණි පක්ෂිකයින් සහ තමන්ව මෙසේ අපහසුතාවයට පත් කිරීම නිසා මන්ත්‍රීවරයා ජාතික සමගි ජන බලවේගයේ දැරු තනතුරු වලින ඉවත් වු බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

තනුජ සුරියබණ්ඩාර -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *