සමන්තගේ ඝාතනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ අත්අඩංගුවේදි සිදු  වුවක් -මාලිගාකන්ද මහේස්ත්‍රාත්

 ශාන්ත විජේසුරිය විසිනි

අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාර මිය ගොස්  ඇත්තේ මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයේ සිටිය දී බව සාක්කි වලින් සහ විමර්ශන වලින් තහවුරු වි ඇතැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ පසු දින එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැවසුවාය .

 අපරාධය සිදු වු ස්ථානයේ සාක්කියක් කැදවීමට අවශ්‍ය බවත් 2023 මැයි (10) පස්වරු 1.30 ට නැවත නඩුව කැදවන ලෙසත් එදිනට අපරාධය සිදු වු ස්ථානයේ උප පොලිස් පරික්ෂක මුණසිංහ සාක්කි සදහා කැදවන්නැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළාය .

 අප්‍රේල් 03 වෙනිදා නඩුව කැදවු අවස්ථාවේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‌පොලිස් පරික්ෂක කේ .ඒම් .ජයරත්නගෙන්  සක්කි විමසන ලද අතර එහි දී ස්ථානාධිපතිවරයා සාක්කි දෙමින් ,සමන්ත ප්‍රීතී කුමාර නිල්පාට ටී ෂර්ට් එකාක් ඇද සිටි බවත් තමන් සිද්ධිය ගැන ජනවාරි 16 වෙනිදා පෙරවරු 6.30 ට ‌තොරතුරු සටහන් පොතේ ( ආර්. අයි .) සටහන් තැබු බවත් පැවැසීය .

 මෙම සිද්ධිය තොරතුරු පොතේ සටහන් තැබු දිනය 16 වෙනිද්‍ර නිවැරැදි දැයි කිපවතාවක් මහෙස්ත්‍රාත්වරිය සාක්කිකරුගෙන් විමසු අවස්ථාවේ ඔහු 16 වෙනිදා බව නැවත නැවතත් කියා සිටියේය .

මේ ලබා දෙන සාක්කිය මේ නඩුවේ විශේෂ සාක්කියක් බවත් මහේස්ත්‍රාත් වෘත්තීය කියන්නේ ගෞරවණීය වෘත්තීයක් බවත් තමුන් සාක්කි දෙන විධිය අනුව මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු මමත් එම සිද්ධියේ සාක්කිකරුවෙකු වන නිසා මේ විත්ති කුඩුවට නැග සාක්කි දෙන තත්ත්වයක් උදා වි ඇතැයි මහේස්ත්‍රාත්වරිය පැවැසුවාය .

සාක්කිකරු තමන් සටහන් තැබු තොරතුරු සටහන් පොත බලා ගෙන කියා සිටියේ මරණකරු අත්අඩංගුවට ගන්නා විට ඇද ගෙන සිටියේ නිල් පාට ටී ෂර්ටයක් බව පැවැසු අතර පසුව අපරාධ පරික්ෂණ නිලධාරීයා ඔහු අත තිබු පොත පෙන්නු විට ටී ෂර්ටය , ෂර්ටයක් වි ඇත.

සමන්තව පැහැර ගන්නා විට ඔහු ඇද සිට ඇත්තේ බටර් පාට කමිසයක් සහ කළු කලිසමක් බව බී වාර්තාවේ සදහන් කර ඇත.

 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යංශ‌ය මගින් සමන්තව පැහැර‌ගෙන යන්‌ෙනේ ජනවාරි 10 වනදා සවස 3.00 ට පමණය. පසුව ඒදිනම ඔහුට අමානුෂික ‌ෙලස ‌පොල්ලකින් (කිතුල් ‌ෙපාල්ලකින් ) පහර දී සිහිසුන් නැති වු විට ‌කොළඹ ජාතික ‌‌‌‌රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ගොස් ඇත . රෝහලට රැගෙන යන විටත් සමන්ත මිය ගොස් සිටි බව වෛද්‍යවරු පවසා තිබේ . ඔහුව රෝහලට රැගෙන ගිය වේලාවක් සදහන් සදහන් කැ නරත. මාලාගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් 11 වෙනිදා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලදි . එදිනම සවස මරණකරුගේ මෘත දේහය ඥාතීන්ට බාර දී ඇත .ජනවාරි 12 වෙනිදා සමන්තගේ බිරිද සහ ඥාතීන් නැවත අධිකරණයට පැමිණියහ .  ජනවාරි 15 වෙනිදා ඔහුගේ භුමදාන කටයුතු සිදු කර , නැවත ජනවාරි 16 වෙනිදා සමන්තගේ ඥාතීන් අධිකරණය හමුවේ පෙනි සිටියහ .

 නමුත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධික්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ආර්. අයි .පොතේ සමන්තගේ සිද්ධියට ආදාළ සටහන් තබන්නේ ජනවාරි 16 වෙනිදාය .ඒ වන විටත් සමන්තගේ ඥාතීන් තුන්වරක් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ . සමන්ත පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබද සිද්ධිය රට තුළ ආන්දෝලාත්මක සිද්ධියක් වි තිබුණි .විශේෂයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ඔහු පාතාල නායකයෙකු යැයි පොලිසිය කියන පොඩි ලැසීගේ ගෝලයෙකු යැයි ප්‍රසිද්ධ කරන ලදි . මේවැනි තත්ත්වයක් ඇතුළේ තමන් යටතේ සිටින නිලධාරීන් පැහැර ගත් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර මරා දමා තිබියදී එහි ප්‍රධානියා (ජයරත්න) ව‌ගේ වගක් නැතිව තොරතුරු පොතේ සටහන් තබන්නේ ජනවාරි 16 වෙනිදාය . සැකකරුවන් සම්බන්ධ ඔහුගේ ආකල්පය කෙබදු එකාක් ද යන්න එළිමහනට කාන්දු වි ඇත. ඒ වන විටත් සමන්ත මරා දමා දින 06 ගත වි තිබිණ .තමන්ගේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා කළු ද සුදු ද කාගේ කවුද? ඔහු මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ අයෙක් ද යන්න සොයා බලා නැති බව සමන්ත ඇද සිටියේ ටී ෂර්ටයක් යැයි පැවසීමෙන් පැහැදිලිය. නමුත් ඔහු එම එකකයේ අධික්ෂණ නිලධාරිය‌ා වෙයි.

“මම මේ ගැන කිසිවක් දන්නේ නැහැ . මහේස්ත්‍රාත්තුමිය මගෙන් ප්‍රශ්න අහද්දී මම අපහසුතාවයට පත් වුණා . කියන්න ඔන විධිය කිව්වා නම් මම නියෙමට කියනවා යැයි “ පොලිස් පරික්ෂකවරයා සාක්කි දිමෙන් අනතුරුව අධිකරණයෙන් එළියට පැමිණ අපරාධ පරික්ෂණ නිළධාරීන් ඉදිරියේ පවසා ඇත. ඔහු එසේ පවසද්දී සමන්තගේ බිරිද සහ අක්කා එහි සිට ඇත. ඔවුන් මරණකරුගේ ඥාතීන් බව පොලිස් පරික්ෂකවරයා දැන සිට නැත.

මත්ද්‍රව්‍ය කාර්යංශ‌ෙය් ප්‍රධානියා‌ගේ හැසිරීම කියාපාන්නේ එම කාර්යංශය මගින් අත්අඩංගුවට ගන්නා හෝ පැහැර ගන්නා සැකකරුවන් ප්‍රශ්න කරද්දී මිය ගියහොත් ඔවුන් කුඩු ජාවාරම්කරුවෙකු යැයි කියා එම සිද්ධිය වසා දැමිය හැකි නිසා සමන්තගේ මරණය ඔහුට අනුව වැදගැම්මකට නැති සිද්ධියක් බවය .

 ධනපති මාධ්‍යය මගින් නිෂ්පාදනය කරන පච ගිල දමා මහජනයා  කුඩු ජාවාරම්කාරයෝ ,පාතාලයෝ යයි කියා නිහඩ වෙති . ඒ අවසරයෙන්  දේශපාලඥයන්ගේ සහ පුද්ගලික කොන්ත්‍රාත් මත පොලිසිය මිනී මරයි . ඊට ඇති හොදම උදාහරණය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොන්ත්‍රාත්තුවක් මත මුස්ලිම් ව්‍යාපාරියෙකු ඝාතනය කිරීමයි. වාස්ට ,ඔහුගේ පුතාට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදනෙක්ට ජිවිතාන්තය දක්වා බන්ධනාගාරය නියම විය.

පොලිසීය හෝ රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා සැම සැකකරුවෙකුගේ ජිවිත සම්බන්ධයෙන් රජය වගකිව යුතුය.  පසුගිය වසර වල නිලධාරීන් තමන්ගේ සීමාව ඉක්මවා යමින් සහ දේශපාලන කොන්ත්‍රාත් මත සිදු කරන ඝාතන බහුලව වාර්තා විය . මෑතකදි සිදු වු එවැනි ඝාතන සිද්ධීන් ලෙස වැලිකඩ සහ මහර බන්ධනාගාර සිදුවිම් නම් කළ හැකිය .වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවන් සහ රැදවියන් 27 දෙනෙක් මරා දැමු අතර මහර බන්ධනාගාරයේ 11 දෙනෙක් වෙඩි තබා මරා දමන ලදී .

සමන්තව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී මරා දැමීම පිටු පස්සේ ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් නොව පුද්ගලික කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ ඝාතනයක් යන්න ලංකා  ස්කයි නිවිස් මතයයි. අපේ විමර්ශන වලට අනුව සමන්ත කුඩු ජාවාරම් කළ බවට ප්‍රබල සාක්කියක් ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වි ඇත. මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සමන්තව අත්අඩංගුවට ගන්නේ එම කාර්යංශයට සේවය කරන ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් තොරතුරක් මත පමණක් පදනම්වය . එම තොරතුරු මත පදනම්ව සමන්තව ලුහු බැදිමක් ‌හෝ වෙනත් මාර්ග වලින් ඔහු පිළිබද තොරතුරු රැස් කර නැති බව සමන්තට එදිරිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සදහන් වේ . අඩුම තරමේ ඔහුව අත්අඩංගුවට ගන්නට පෙර කොළඹ ඔරුගොඩ වත්තේ පිහීටි වෘත්තීය පුහුණු අධිකාරීයට අයත් ගොඩනැගිල්ලේ සමන්ත ලැගුම් ගෙන සිටි කාමරය පරික්ෂා ලක් කරන්නට තිබුණි . ඔහුව ඝාතනය කර දින කීපයකට පසු මරදාන පොලිසිය මගින් එම කාමරය පරික්ෂා කළ ද මත්ද්‍රව්‍ය චෝදනාවට අදාළව කිසිවක් සොයා ගැනීමට පොලිසිය අසමත් විය .

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පරංගියා කොට්ටේ රැගෙන ගියා සේ අධිකරණය නොමග යවා ඇත. සමන්තගේ මරණය සිදු ස්ථානය ලෙස මහේස්ත්‍රාත්වරියට පෙන්වා ඇත්තේ අතහැර දමපු පාළු, වියළි ගිය ස්ථානයකි.  එම ස්ථානය සැක සහිත බව මහේස්ත්‍රාත්වරිය සිය චාරිකා සටහන් පොතේ සටහන් කර ඇත. කොළඹ මෘත ශරීරාගාරයේ ප්‍රධාන වෛද්‍ය අජිත් තෙන්නකොන් සමන්තගේ මරණය සිදු ස්ථානය ලෙස පරික්ෂා කර ඇත්තේ අතහැර දමා තිබු දුම්රිය පෙට්ටියකි . එම දුම්රිය පෙට්ටියේ සමන්තට පහර දුන්නා යැයි කියන කිතුල් පොල්ල ද එහි තිබි ඇත. ස්ථාන පරික්ෂණය සදහා මරදාන පොලිසිය ඔහුව රැගෙන යන්නට පෙර වෛද්‍ය තෙන්නකොන් කොළඹ ඩි. ආර් .විජේවර්ධන මාවතේ නෙළුම් කුලුණ අසල පොලිස් නිලධාරීන්ගේ තනිකඩ නිවස්නය කරා පිටව ගොස් තිබුණි . ඔහු එසේ ගියේ සමන්තගේ මරණය සිදු වු ස්ථානය පිළිබද වෙනත් මාර්ගයකින් ලැබුණු තොරතුරක් මත විය හැකිය .

මෙය සමාන්‍ය පහරදිමකින් සිදු මරණයක් නොව චේතාන්විතව සිදු කළ පහරදිමකින් සිදු වු මරණයක් බව වෛද්‍ය වාර්තාවේ සදහන් වේ.

සමන්තගේ මරණය සිදු වි ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අත්අඩංගුවේ සිටියදී බව මහේස්ත්‍රාතුමියම පවසයි .සමන්තගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි තමන් පොලිසීයට නියෝග කරන්න අවශ්‍ය නැති බවත් පොලිසීයට අවශ්‍යම නම් සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බව ඇය පැවැසූවාය . තවත් සාක්කි  විමසීමට ඇති බව මහේස්ත්‍රාත්වරිය පවසන්නීය . සමන්තගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ සැරි සරති . මෙම තත්ත්වයට වගකිව යුත්තේ කවුරුන්ද ?  ඒය තිරණය කිරීමට ඔබට භාරයි .

මෙම නඩුවට ආදාළ සමහර තොරතුරු දැන ගැනීම සදහා එම නඩුව භාරව කටයුතු කරන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ  ඒස් .එස් . සිරිවර්ධනට 2023 05 05 දින උදේ මම දුරකතනයෙන් කතා කළේමි .  දුරකතනයට සම්බන්ධ වු සිරිවර්ධන මම කවුදැයි විමසීය . මම ලංකා ස්කයි නිවිස් වෙබ් අඩවියේ ශාන්ත විජේසුරිය යැයි පිළිතුරු දුනිමි . මාලිගාකන්ද උසාවියේ විභාග වන සමන්ත ප්‍රීති කුමාරගේ නඩුවට ආදාළව ප්‍රශ්න කිපයක් වැඩිදුර දැනගැනීම සදහා මම ඔහුගෙන් විමසුවෙමි . මුලදී සංසමයකින් පිළිතුරු දුන් සිරිවර්ධන  පසුව මම ඔයාට කතා කළාම ඔයා එනවා මගෙන් ප්‍රශ්න ආන්න . මම දන්නේ නැහැ ඔයා කවුද කියලා . ඔයාලේ නම්බර් එක පරික්ෂා කරන්නත් වේලාවකුත් නැහැ . ඔයාට ඔය ගැන දැන ගන්න අවශ්‍යම නම් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට එන්නැයි උඩුබුරා දුරතකනය විසන්ධි කළේය . මෙවැනි ඔළුව උදුම්මාගත් නිලධාරීන් මම කෙතෙකුත් දැක ඇත්තෙමි .

සමහර සිද්ධීන් දැන ගැනීම සදහා අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ තල්දුවට දුරකතනයෙන් කතා කරන්නේමු .තොරතුරු ලබා දීම සදහා කාර්යාලයට පැමිණෙන්නැයි ඔහු කියන්නේ නැත .

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයේ  සිටිය දී සමන්ත නැමැති පුද්ගලයෙකු මිය ගොස් ඇද්දැයි තහවුරු කර ගැනීම සදහා මම පොලිස් මාධ්‍ය ප්‍රකාශකට දුරකතනයෙන් කතා කරන අවස්ථාවේ ඔහු ඒ ගැන දැන සිටියේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *