සමන්ත කුමාරගේ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නැයි ඥාතීන් ඉල්ලති

අන්තෝනි ගමගේ සමන්ත ප්‍රතී කුමාර මරා දැමු මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි බල කර ඔහුගේ බිරිද ,දරුවන් දෙදනා සහ ඥාතීන් මරදාන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිිිිපිට අද (03) නිහඩ විරෝධතාවයක් නිරත වුහ .

මත්ද්‍රව්‍ය කාර්යංශයේ අත්අඩංගුවේ සිටියදි සමන්ත කුමාර මිය යෑෑමසම්බන්ධයෙන්ර මරදාන පොලිසිය මගින් මත්ද්‍රව්‍ය කාර්යංශයට එරෙහිව ගොනු කළ නඩුව අද කැදවා තිබිණ .

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින්ය .

සමන්ත කුමාර නාරාහේන්පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුනු අධිකාරීයේ කළමනාකරණ සහකරුවෙකු ලෙස සේවය කළ අතර ජනවාරි 10 වෙනිදා සවස 2.30ත් 3 .00ත් අතර කාලය තුළ ඔහු කෑම එකාක් ගැනීමට එම අධිකාරීයෙන් එළීයට පැමිණි අවස්ථාවේ මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් ඔහුව පැහැරගෙන ගොස් තිබේ .

සමන්ත කුමාරව පැහැර ගත් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් ඔහුව නෙළුම් කුලුන අසල එම කාර්යංශයට අයත් ‌ගොඩනැගිල්ලකට රැගෙන ගොස් එහි දි පහර දි මරා දමා ඇත. ඉන්පසු සමන්තගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලට බාර දිතිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *