සමන්ත ප්‍රීති කුමාරට අමානුෂිකව පහර දී මරා දැමු නාකොටික් ඔහුගේ අත්පළදනාවත් කොල්ලකාලාද?

අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාරව කොළඹ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පැඒැරගෙන ගොස් අමානුෂික පහරදී මරා දැම්මේ නඩු අද (07) විභාගයට ගත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝජනා අබේවික්‍රම සැකකරුවන් ජුලි ( 21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළාය .

මත්දුව්‍ය නාශක කාර්යංශය මගින් නාරාහේපිට වෘත්තීය පුහුණු අධිකාරීය ඉදිරිපිට දී සමන්ත ප්‍රීති කුමාරව පැහැර ගනිද්දී , ඔහු පැළ ද සිටි රත්තරන් අත් පලදාවක් නඩු භාණ්ඩ සමග බාර දී නැතැයි බව ප්‍රකාශ කළ මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ලක්මාල් ඒ ගැන මහේස්ත්‍රාත්තුමීය අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටියේය . සමන්තගේ ඥතීන් මෙන්ම වෘත්තීය පුහුණු අධිකාරීය සේවකයින් සමන්ත මත්දුව්‍ය කාර්යංශය මගින් ඔහුව පැහැර ගත් දිනයේ අත් පළදනාව පැල ද සිටි බව ඔවුන් පවසන බව නීතිඥ රජිත ලක්මාල් අධිකරණයට දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස් පරික්ෂකවරයාගෙන් විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේ , අත් පළදනාව සම්බන්ධයෙන් සිදු කළ පරිකෂණ වලදී ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අත් පළදනාවක් පැල ද සිටි බව හෙළි වී නැති බවයි . මරණකරු අත්අඩංගුවට ගත් ස්ථානයේ කැමැරා සවිකර නැද්දැයි මහේස්ත්‍රාත්වරිය පොලිස් පරික්ෂකවරයගෙන් විමසා සිටියාය. එ සමන්තව අත්අඩංගුවට ගෙන ඇත්තේ වෘත්තීය පුහුණු අධිකාරියට මිටර් 75 ක් දුරින් හෝටලයක් ඉදිරිපිට දි බවත් එම හෝටලයේ කැමරා සවිකර නැති බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය .

නීතිඥ උපදේස් මත සමන්ත කුමාරගේ බිරිද අද (07) මරදාන පොලිසියට අත්පළදනාව අස්තානගත විම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළේය .

නීතිඥ සංජය විල්සන් ජයසේකර මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටියෙිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *