සමන්තව මරා දැමු පොලිසිය ඔහු මිය ගියේ නිදන්ගත රෝගයකින් බව කියා බිරිදගෙන් කටඋත්ත ගන්න හදලා

කොළඹ මත්ද්‍රවය නාශක කාර්යංශයේ අත්අඩංගුවේ සිටියදී අන්තෝනි ගමගේ සමන්ත ප්‍රිති කුමාර මිය ගියේ එම කාර්යංශයේ නිලධාරීන් සිදු කළ පහර දීමක් නිසා නොව ඔහුට පැවති අසනීප තත්වයක් බව කියා තමන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට කොළඹ විශේෂ විමර්ශන ඒකකෙය් නිලධාරින් උත්සහ කළා යැයි සමන්තගේ බිරිද වන ටිකිරිහැන්දිෙග් ශිරාණි දිල්රුක්ෂි ඒම ඒකකයට  චෝදනා කරති .

  කොළඹ විශේෂ විමර්ශන එකකයේ යැයි කියා  ගන්නා පුද්ගලයින් කිපදෙනෙක් තමන්ට දුරකතනයෙන් කතා කර තර්ජනය කළා යැයි ප්‍රියදර්ශනි  CIB (04)158 /41 අංකය යටතේ අම්බලන්ගොඩ පොලිසීයේ පැමිණිල්ලක් ද දමා ඇත .

ඇයට තර්ජනය කර ඇත්තේ 0718596530 ,0717301555 සහ 0750148900 යන දුරකතන අංක වලින්ය.  දුරකතන අංක 0718596530 සහ 075148900 යන දුරකතන අංක වලින් කත කර ඇත්තේ විශේෂ විමර්ශන එකකයේ ප්‍රදාන පොලිස් පරික්ෂක ගුණතිලක සහ පොලිස් සැරයන් (5204)  යන නිලධාරීන් විසින් බවට පොලිස් පරික්ෂණ වල දී අනාවරණය වි ඇත.

කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී ඝාතනය කරන ලද ,අන්තෝනි ගමගේ සමන්ත ප්‍රිති කුමාර මිය යන විට කිසියම් අසනීප තත්වයකින් පෙලුනේ දැයි ප්‍රියදර්ශනිව අගෝස්තු (05) වනදා කොළඹ ටෙක්නිකල් හංදියේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට කැදවා කටඋත්තයක් ද ලබාගෙන ඇත.

කොළඹ විශේෂ විමර්ශන ඒකකය සමන්තගේ බිරිදගෙන් මෙසේ කටඋත්තර ලබාගෙන ඇත්තේ සමන්ත ඝාතනය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් විසින් සමන්ත මිය ගියේ නිදන්ගත රෝගයකින් බවට සිදු කරන ලද ප්‍රකාශ පදනම් කරගෙන බව එම ඒකකයේ ප්‍රධානින් ඔහුගේ ඥාතීන්ට පවසා තිබිණ .

“මරණකරු නිරෝගී පුද්ගලයෙකු බවත් මරණකරුගේ මරණයට හේතුව මොට ආයුද කම්පන මගින් ශරීරයේ බහු මෘදු පටක තුවාල වී , සිදු වු රක්තපාත කම්පනය බව” කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකොන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවේ සදහන් වේ. එම වාර්තාවේ මෙසේ ද සදහන් වේ .

“තුවාල වල ස්වභාවය අනුව තුවාල සිදු වී ඇත්තේ හදීසි අනතුරකින් ස්වභාවයෙන් හෝ මරණකරු විසින් අනතුරුදායක තත්ත්වයකට තමාව පත්කර ගනිමින් තමා විසින් තුවාල සිදුකර ගැනීමක් (සියදිවි හානිකර ගැනීමක් ) හෝ නොවන අතර ,බාහිර පාර්ශ්වයක් චේතනාන්විතව ප්‍රචණ්ඩත්වය යෙදවිමෙන් බවය. “

රජයේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකොන් මරණකරුගේ මරණයට හේතු විද්‍යාත්මක සාක්කි සහිතව අධිකරණයට ඉදිරිපත් කර තිබියදීත් ප්‍රධාන පොලිස් පරික්ෂක ගුණතික සහ ඔහුගේ නිලධාරීන්  සමන්තට නිදන්ගත රෝගයක් තිබුනා යැයි සැකකරුවන් කළ ප්‍රකාශ මත ඔහුගේ බිරිදගෙන් සහ මාවගෙන්  “පුතාට තිබුණු අසනීප තත්වය කොහොම දැයි” කෛරාටික ලෙස විමසා ඔවුන්ගෙන් වචනයක් ගැනීමට  උත්සහ කර ඇත .

 නීතිය සහ සාමය ආරක්ෂා කරනවා යැයි පෙන්වා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ උත්සහ කරන්නේ තමන්ගේ පොලිස් කුක්කන් බේරා ගැනීමටය.

අධිකරණ  වෛද්‍ය වාර්තාව පිළිබද සැක සංකා සහ ගැටළු ඇත්නම්  එය අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව සැකකරුවන් හට ඇත.  

පොලිසීය අධිකරණ වෛද්‍ය වාර්තාව ගණනන් නොගෙන සමන්තව මරා දැමුවා යැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන සිටින සැකකරුවන් විසින්ම මරණකරුට නිදන්ගත රෝගයක් තිබුනා යැයි කරන ලද ප්‍රකාශ උඩ වැඩ කරන්නට ගොස් ගුණතිලක ඇතුළු නිලධාරීන් පස්ස බිම ඇණ ගෙන ඇත. ලංකා ස්කයි නිබ්ස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමසා සිටින්නේ සැකකරුවන් විශ්වාස කර වැඩට බැස්සේ ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන් කියාද ?

මෙම නිලධාරීන් වින්දිතයන්ට බලපැම් කරන අතරේ අධිකරණයට ද අපහාස කර ඇත.

සමන්තගේ පශ්චාත් මරණ පරික්ෂණ අවස්ථාවේ ඔහුගේ ඥාතීන් කියා සිටියේ සිකරට් හෝ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන නිරෝගී පුද්ගලයෙකු වු ඔහු වෘත්තීය පුහුණු අධිකාරීයේ කළමනාකාර සහකාරවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන මරා  දමා  ඇති බවයි .

2022 ජනවාරි 10 වෙනිදා නරාහෙන්පිට මැනිං වෙළද පොල ඉදිරිපිට දී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් සමන්තව පැහැරගෙන යන ලදී. ඔහු පැහැරගෙන රැගෙන ගොස් ඇත්තේ ඩි. ආර් .විජේවර්ධන මාවතේ නෙලුම් කුළුණ ඉදිරිපිට ඇති පොලිස් බැරැක්කයකටය .එම පොලිස් බැරැක්කය පවත්වාගෙන යන ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්මේන්තුවට අයත් ගබඩාවකි. සමන්ත පහර දි ඇත්තේ ඒ අසල අතහැර දමා තිබු කොච්චි පෙට්ටියක රදවාගෙනය . මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් ඔහුට අමානුෂික ලෙස පොලුවලින් පහර දීම නිසා සමන්ත සිහිසුන්ව ඇද වැටි ඇත. පසුව එදින රාත්‍රි 10 පමණ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට සමන්තව රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරු පරික්ෂා කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍ය පවසා ඇත. සමන්තව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට භාර දී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරින් විසින්මය .

සමන්ත ජනවාරි 10 වෙනිදා සවස 3 ට පමණ වෘත්තීය පුහුනු අධිකාරීය ඉදිරිපිට ඇති ආසිරි හෝටලයට ගොස් ඇත්තේ කෑම පාර්සලයක් මිල දී ගැනීමටය . ඔහු එම හෝටලයට ගොස් කෑම පාර්සලයක් රැගෙන එද්දී සුදු පාට වැන් රථයකට සමන්තව නන්වාගෙන පැහැරගෙන ගොස් ඇත. ඔහු හෝටලයට යන විට වෘත්තීය පුහුණු අධිකාරීයේ ඔහුගේම තනතුර දරණ කේ.එච් .ජේ . මාධව ගමගේ නැමැත්තා එම හෝටලයේ කෑමකමින් සිට ඇත. සමන්ත කෑම එක ලැබෙනකම් ගමාගේ කෑම එකෙන් කුකුල්මස් කැල්ලක් රැගෙන කමින් ඔහු සමග කතා කරමින් සිටි බව ගමගේ අප සමග පැවැසීය . සමන්ත හෝටයෙන් එළියට යද්දී කොටස කලිසම් ඇද ගත් දෙන්නෙක් සමන්තව අල්ලාගෙන ගොස් වෑන් රථයකට නන්වාගන්වා දුටු බවත් ගමගේ කීය .

සමන්ත පැහැරගෙන යනවා ඇසින් දුටු එක සාක්කිය ඔහුය . ගමගේ රටින් පැන ගොස් අද ජිවත් වන්නේ ඩුබායි රටේ බව වාර්තාවේ . ගමගේ බණ්ඩාර මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහුගේ පැන යාම පොලිස් කුක්කන් ගලවා ගැනීමේ සැලසුමක කොටසක් විය හැකිය .

සමන්තව අත්අඩංගුවට ගත්තේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට ලැබුණු තොරතුරකට අනුව බව සැකකරුවන් අධිකරණයේ සාක්කි දෙමින් පැවැසුහ. අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මෙතෙක් කරන ලද විමර්ශන වලින් සමන්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු යන්න යන්න තහවුරු වී නැත. මත්‍ද්‍රවය නාශක කාර්යාංශ නිලධාරීන් සමනත්ව අත්අඩංගුවට ගෙන අමානුෂිකව පහර දී මරා දැමුවේ මත්ද්‍රව්‍ය සිද්ධියක් උඩ නොව ‌කොන්ත්‍රාතුවක් මත බව ලංකා ස්කයි නිවිස් කළ ගවෙිෂණ වලින් තහවුරු වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *