සමුද්‍ර විනාශයට හවුල් වුවන් වහා හෙළි කරනු- සමාජවාදී ශිෂ්‍ය සංගමය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ලැබිය යුතු වන්දි මුදල කොල්ලකෑමට පරිසර කොල්ලාකරුවන්ට ඉඩ නොදෙමු යයි ආණ්ඩුවට බලකර අද (26) සවස කොළඹ අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට විරා්ධතා උදුඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමය මගින් සංවිධානය කරන ලදි .

ජනාධිපතිතුමෝ කොමිස් කුට්ටි වෙනුවෙන් රටට හිමිවන වන්දි මුදල අහිමි නොකරනු !නඩු පැවරීම මෙරටට දී සිදු කරනු ! පරිසර ඝාතකයින් වහා හෙළි කරනු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ

ෆෙල් වෙච්ච -පාලකයින්

මෝඩ අමන -බලධාරයින්

ගිණි ගන්නා -නැවක් ගෙනත්

මහ මුහුදට -වින කෙටුව

හොදට තිබුණ -සාගරයත්

අමීල අපේ -පරිසරයත්

කොමිස් ගහන -පාලකයින්

සමාගමට -බිලි දුන්නා

ඩිල්දාලා -කොමිස් ගහලා

සමාගමට -යට වෙන්නට

ලැජ්ජ නැද්ද -යකෝ තෝපිට යන සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාකරුවෝ උද්ඝෝෂණයේ නිරත වුහ .

උද්ඝෝෂණය පැවත්වෙන අතර තුර , උද්ඝෝෂකයින් හතර දෙනෙක් අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ජාවකට ගියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *