සසප ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලයි

දෙසැම්බර් 23 දින, කොක්‍රික වෙනුවෙන් එහි සභාපති සංජය ජයසේකර ඇතුලු සාමාජික පිරිසක් උතුරේ හා දකුණේ කම්කරු-ගොවි ක්‍රියාකාරී කමිටුවල සන්ධානය සදහා, යාපනය නගරයේ හා කයිට්ස් දූපතේ උද්ඝෝෂණයක නිරත වූහ. ඒහිදී “කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුව උනුසුම් සහෝදරත්වයෙන් පිළිගනිමු” යි, කොක්‍රික ඔක්තොම්බර් 10 දා නිකුත් කළ ප්‍රකාශය අත් පත්‍රිකාවක් ලෙස ප්‍රදේශවාසීන් අතර බෙදා හරින ලදී. 

එම පත්‍රිකාව මගින් කොක්‍රික සදහන් කර ඇති පරිදි, “සැප්තැම්බර් 22 දින, උතුරු පළාතේ  කයිට්ස් දූපතේ ධීවර ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගනු ලැබ ඇත. මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ වර්ධනය වන පන්ති අරගලයේ  වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ  සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උතුරු පළාතේ සාමාජිකයන්ටත්, ඊට සහභාගි වූ ධීවරයින්ටත් කොළඹ ක්‍රියාකාරී කමිටුවේ (කොක්‍රික) සහෝදරාත්මක ආචාරය හිමි වේ. 

“දිනෙන් දින උත්සන්න වන ජාත්‍යන්තර පන්ති අරගලයේ තියුණු තුඩක් වන ශ්‍රී ලංකාව තුළ කම්කරු පන්තික ක්‍රියාකාරීන්ගේ බල සංස්ථා ලෙස සිය ගණනින් ක්‍රියාකාරී  කමිටු වර්ධනය කිරීමට අවශ්‍ය  කොන්දේසි පවතින බවත්, එය  පන්ති අරගලයේ අත්‍යවශ්‍ය උපකරණයක් බවට ඓතිහාසික ව තීන්දු වී ඇති බවත් පිළිබඳව කොක්‍රික දැඩි අවබෝධයෙන් සිටී.

“පුලුල් මහජන ව්‍යාපාරයක්, තමන්ගේ ම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන වන කම්කරු ක්‍රියාකාරී කමිටුවල  මෙහෙයවීම යටතේ, දුර්දාන්ත ධනේශ්වර පාලනයට එරෙහි ව කුලු ගැන්වීම  වැළැක්විය හැකි ශක්‍යතාවයක් පාලක පන්තියට නැත. එය ඒ වෙනුවට මිලිටිරි පොලිස් මර්දනය මගින් එබදු සංවිධානයන්හි අවශ්‍යතාව නැවත නැවතත් මහජනයාට ඒත්තු ගන්වමින් සිටි. 

“කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුව (කධීක්‍රික) උතුර හා දකුණ ලෙස හා වාර්ගික ව කම්කරු පීඩිත මහජනතාව භේද කරන කුමන්ත්‍රණයන්ට එරෙහි මහජන අරගලයේ සුවිශේෂී සලකුණක් සටහන් කළ බව අප විශ්වාස කරන්නේ මේ තතු තුල ය.”

මෙම කරුනු අන්තර්ගත ප්‍රකාශය කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුව අතට පත් කිරීම පමා වූයේ කරුනු ‌කීපයක් නිසා ය. ප්‍රථම කරුණ එම කමිටුව සම්බන්ධීකරනයට ලිපිනයක් හෝ එබඳු කිසිවක් සොයාගත නො හැකිවීම ය. කයිට්ස් කමිටුව ගොඩ නැගීමට මූලකත්වය ගත් සසප විසින් තමන් හරහා සබඳතා ගොඩ නැගීමට අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබිණි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල අංශයේ කර්තෘ කේ. රත්නායක සහෝදරයා කමිටුවේ ප්‍රකාශ පල කිරීම ප්‍රතික්ෂේප කළේ ය. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ජාක) හා එහි ලංකා ශාඛාවේ ඉදිරි දර්ශන සාක්ෂාත් කිරීම සදහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ හැකියාව සම්පාදනය කරන වෛෂයික කොන්දේසී නොනවත්වා වැඩෙන්නේ ය, කුමණ බාධකයක් නිසා හෝ එය මග හැරීම ඉතිහාසයේ බරපතළ ම වැරදිවලින් ඒකක් බවට පත්වන අපරාධයකි යි යන වැටහීම මත කොක්‍රික ක්‍රියාත්මක වෙයි.

23 දින, කයිට්ස් දූපතට ලගා වූ වහාම ‌සංජය, උතුරු පලාතේ සසප නායකත්වය දරණ සම්බන්ධන් සහොදරයාට ඇමතුමක් ලබා දී කොක්‍රික උද්ඝෝෂණය ගැන දැනුම් දුනි. සම්බන්ධන් කීවේ පක්ෂයේ අදහස අනුව තමන්ට කොක්‍රික ක්‍රියාවට සහාය දිය නො හැකි බව ය. එහෙත් උද්ඝෝෂණය කිරීමට හා කයිට්ස් ධීවර කමිටුවට සහාය දීමට කොක්‍රිකට ඇති අයිතිය තමන් පිළිගන්නා බව ඔහු සටහන් කළේ ය.

උද්ඝෝෂණ කණ්ඩායම සසප හිටපු මධ්‍යම කාරක සභික රාජේන්ද්‍රන් සුදර්ශන් සහෝදරයා හමුවීමට ඔහුගේ නිවස සොයා ගියහ. ඔහු අප සමග සහජීවනයක් නැති බව තහවුරු කරමින් අප කණ්ඩායම ඔහුගේ ගේට්ටුවෙන් ඇතුලු වීම වළක්වාගෙන සිටියේ ය. 

එහි සිටි සසප දේශපාලන මණ්ඩල (දේම) සභික හේමාල් සහෝදරයා,  “ඔයගොල්ලො කොක්‍රික හදල තියෙන්නේ විප්ලවවාදී පක්ෂයට විරුද්ධව” යැයි ප්‍රකශ කළේ.  එහිදී කොක්‍රික කණ්ඩායම ඔහුට පෙන්වා දුන්නේ එම ප්‍රකාශයට කිසිදු පදනමක් නැති බවත්, සසප එය ප්‍රසිද්ධියේ ඔප්පු කළ යුතු බවත් ය.

කයිට්ස් ක්‍රියාකාරී කමිටුවට සහාය වීමට කොක්‍රිකට ඇති අයිතිය ප්‍රතික්ෂේප කළ සසප දේම සභිකයා, කම්කරු ගොවි සන්ධානය අවධාරනය කළ අපගේ ප්‍රකාශය කියවා ඇති බව පිළිගත් නමුත් කයිට්ස් ධීවර ක්‍රීක වෙනුවෙන් කොක්‍රික මැදිහත් වීම හෙලා දැක්කේ ය.

ක්‍රියාකාරී කමිටුව විප්ලවවාදී පක්ෂයට විකල්පයක් නො වේ යයි ඔහු අපට යොජනා කළේ ය. ඔව්, එය එසේ ම ය. එලෙසම, විප්ලවවාදී පක්ෂයට ද ක්‍රියාකාරී කමිටුවක තැන ගත නොහැකිය. කොක්‍රික ආරම්භක ප්‍රකාශයේ සිටම මේ කරුනු විශ්ලේෂණාත්මක තහවුරු කර ඇත. 

ඔහුගේ ප්‍රශ්නය වූයේ, කොක්‍රික, කයිට්ස් ක්‍රික පිළිබද දරණ ආකල්පයට සමාන ආකල්පයක් අනිකුත් ක්‍රියාකාරී කමිටු සම්බන්ධයෙන් නො ගන්නේය ඇයි ද යන්න ය. 

කොක්‍රික ගොඩ නගන්නේ මේ වසරේ සැප්තැම්බර 11 දින ය. කයිට්ස් ක්‍රියා කාරි කමිටුව පිහිටුවා ඇත්තේ සැප්තැම්බර් 22 දින ය. එම කමිටුව සමග සහයෝගී වීමට යත්න දැරීම කොක්‍රිකයේ ආරම්භක ක්‍රියාවලින් ඒකකි. මේ අතර නිදහස් වෙළද කලාප ක්‍රියාකාරී කමිටුව නමින් ලියවිල්ලක් නිකුත් විය. තවත් එවැනි ව්‍යාජ වාර්තා බිහි කෙරුනි. ඒ අනුව හේමාල්ගේ ප්‍රශ්නය, ක්‍රියාකාරී කමිටු නමින් පතුරවන ව්‍යාජ ප්‍රචාර පිළිබඳව මිස මිහිපිට ඇති ක්‍රියාකාරී කමිටු ගැන නොවේය යන කරුන පෙන්වා දීමට අපට සිදු වි ය. 

නමුත් කොක්‍රික ආරම්භයේ සිට ම සෙසු අව්‍යාජ ක්‍රියාකාරී කමිටු හා සසප සමග සහයෝගයෙන් වැඩ කිරීමට සැදී පැහැදී සිටින බව නො රහසකි. එය මුල සිට ම ප්‍රතික්ෂේප කළේ සපයේ අවස්ථාවාදී පිල ය.

හේමාල් එහි ස්ථාවරය ප්‍රකාශ කළේ ය: “අපි සසප සාමාජික්. අපි කොලඹ ක්‍රියාකාරී කමිටුවට ආධාර කරන්නෙ නෑ.ඒ් කමිටුව පිළීගන්නේ නෑ. ඒක තමයි අපේ ආස්ථානය.”

කොලඹ ක්‍රියාකාරී කමිටුව ප්‍රතික්ෂේප කිරීම ඔහු විස්තර කළේ, “මධ්‍යම පන්තික කල්ලි එක්ක අපි ගනුදෙනු කරන්නෙ නෑ.”යනුවෙනි. මෙම අවලාද සියල්ල තුලින් ඔහු ගෙන ආ තර්කය නම්, විප්ලවවාදී  පක්ෂයේ මැදිහත්වීමෙන් තොර ව ගොඩ නගන ක්‍රික වලංගු නො වන බවත්, ඒ්වාට සහයෝගය නො දෙන බවත් ය.  “ක්‍රියාකාරී කමිටු හදන්නේ හතරවන ජාත්‍යන්තරය, ඒක ජාකවේ වැඩක්”, ඔහු කීවේ ය.

මෙය නම්, කොක්‍රික පිහිටුවීමේ වාර්ථාව ලෝසවෙඅ පලකිරීම ප්‍රතික්ෂේප කරමින් එහි ලංකා කර්තෘ රත්නායක සහෝදරයා ලිඛිතව ඉදිරිපත් කල  හේතු දැක්වීම, එනම් “කොක්‍රික සසප අවසරය නොමැතිව පිහිටුවා ඇත” යන සසප අවස්ථාවාදී කන්ඩායමේ  – ක්‍රියාකාරී කමිටු පිළිබද ජාත්‍යන්තර කමිටු ආස්ථානයට පටහැනි හා කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ට හතුරු – ආස්ථානය පුනරුච්චාරනය කිරීමකි.

අපි ඔහුට මේ වසරේ ජුලි 21 සසප ඉදිරි දර්ශනයෙන් උපුටා දැක්වීමු. එය මෙසේ ය: “ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සදහා පදනම් දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සදහා සටන් කිරීම පිනිස දිවයින පුරා වැඩපොල, කම්හල්, වතු , නිවහන් ප්‍රදේශවල හා ගම්බද ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයන් විසින් ම ය.” එහෙත් මෙම පිලට අනුව ඉදිරි දර්ශනයේ එසේ ලියා තිබුන ද භාවිතයේ දී එය වලංගු නැත.

මේ බාධක තිබිය දී ම, ප්‍රදේශවාසී පීඩිතයන් අතර කල උද්ඝෝෂනයේ දී කයිට්ස් ධීවර කමිටුවේ ප්‍රධාන සහෝදරයා සොයා ගැනීමට අපට හැකි විය. නාගරාජා කෝඩීස්වරන් නම් ඔහු සන්සුන් ව අපට සවන් දුන්නේ ය. සහෝදරාත්මකව අපගේ යෝජනා පිලිගත් ඔහු, පසුව දිවා ආහාරය සඳහා ද අපට ආරාධනය කලේ ය.

කෝඩීස්වරන් සහෝදරයා පවසන පරිදි, ධීවර ක්‍රියාකාරී කමිටුව ඉන්ධන හිගය නිසා පැන නැගි ධීවර අරගලය තුල දී ගොඩ නැගුනි.

ලොසවෙ වාර්ථාව අනුව එය ගොඩ නැගීමේ “රැස්වීමේ මුලසුන හෙබවූයේ උධීක්‍රිකහි සභාපති රාජේන්ද්‍රන් සුදර්ශන් විසිනි. ක්‍රියාකාරී කමිටු පිහිටු වීමේ වැදගත්කම පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසී ය: ‘රටේ අනෙකුත් වැඩ කරන ජනතාව මෙන් ධීවරයින් වන අපිත් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වෙලයි ඉන්නේ. සියලු ම පීඩිත ජනතාව හාමතයට මුහුන දී සිටිනවා. ඉන්ධන අර්බුදය නිසා ධීවරයින්ට මසුන් ඇල්ලීම කළ නොහැකියි. උතුරේ ධීවරයෝ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම නතර කරලයි තියෙන්නෙ.’

“ආන්ඩුව අපට දෙන භූමිතෙල් ඇතුලු ඉන්ධන ප්‍රමානවත් නොවන බැවින් ධීවර කටයුතු කලමනාකරණය කරන්නේ කෙසේ දැයි? ඔහු ප්‍රශ්න කළේ ය. කථිකයා තව දුරටත් මෙසේ පැවසී ය: “මෙම ගැටලුව නිර්මානය කර ඇත්තේ ධනේශ්වර ක්‍රමය විසින් ලාභ අභිප්‍රාය මත යි. ධනේශ්වර ක්‍රමය අහෝසි කර කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුවක් බලයට ගෙන ඒමට අප සටන් කළ යුතුයි. මෙම සටන ගෙන යාමට රට පුරා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. අපි ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ කයිට්ස් හි ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා මෙම සටනට එක්වන ලෙසයි. සසප, මෙම අරගලය තුල කම්කරුවන්ට සහ දුගීන්ට මග පෙන්වනවා.” (ලෝසවෙඅ, 06 ඔක්⁣තෝබර් 2022)

කමිටුව කම්කරුවන්ගේ ගොවීන්ගේ ආණ්ඩුවක් යන සටන් පාඨය ව්‍යුක්ත ලෙස මතු කිරීම දැනටමත් එහි අක්‍රීයත්වයට දුඩු දී ඇති බව අපට පෙනී ගියේ ය. 

ක්‍රියාකාරී කමිටුවක් යනු  සංක්‍රමණ ක්‍රියා මාර්ගයට ඇතුලත් මූලිකම ඉල්ලීමකි. එය ක්‍රියාවේ උපකරණයක් වන අතර, එවන් කමිටුවකට, නිදසුනක් වශයෙන්, ධීවරයන්ගේ ඉන්ධන ගැටලුව පිළිබඳ ඉල්ලීම් සඳහා වන සටන කම්කරු ගොවී ආණ්ඩුවක් පිනිස වන අරගලය සම්පූර්න වන තෙක් කල් දෑමීම, එහි ක්‍රියාකාරීත්වයට ගැලපෙන්නේ නැත. 

“අපේ පක්ෂයට විරුද්ධ අය ඉන්නා ක්‍රික අපි පිළිගන්නේ නැත” කියමින් ඒ්වායේ අවසානය පතන ප්‍රවනතාවට මග පාදන්නේ මෙවන් ව්‍යාකූලතා ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුව ක්‍රික යනු සෝවියට් සභා වෙත කම්කරු පන්තිය ක්‍රමානුකූලව යොමු කරන සංක්‍රමණිය සංවිධාන ආකෘතියකි. 1935 දී ට්‍රොට්ස්කි “ප්‍රංශය කොයිබට ද?” යන රචනාවේ දී මෙම කමිටු “වෘත්තීය සමිතිවල සහ පක්ෂ යාන්ත්‍රනයේ ප්‍රති-විප්ලවීය විරෝධය බිඳ දැමීමේ එකම මාධ්‍යය” බව පැහැදිලි කළේය.  

බොල්ෂෙවික්වරුන්ගේ නායකත්වය යටතේ ඔක්තෝබර් විප්ලවයේ දී  බලය ලබා ගැනීම සඳහා රුසියානු කම්කරුවන් විසින් පිහිටුවන ලද සෝවියට් සභා සමඟ එම කමිටු සංසන්දනය කරමින් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “වර්තමාන අවධියේ දී ක්‍රියාකාරී කමිටුවල කර්තව්‍යය වන්නේ ප්‍රංශයේ වැඩකරන මහජනතාව ආරක්‍ෂක අරගලයකට එක්සත් කිරීම සහ එළැඹෙන ප්‍රහාරය සඳහා මෙම මහජනතාවට ඔවුන්ගේම බලය පිළිබඳ සවිඥානකත්වය ලබා දීමයි.  ප්‍රංශයේ වත්මන් තීරනාත්මක තත්ත්වය අවසාන විප්ලවවාදී නිගමන දක්වා දිග හැරෙන්නේ ද යන්න මත කාරණා අව්‍යාජ සෝවියට් සභා වෙත ළඟා වනු ඇත් ද යන්න රඳා පවතී.”

මෙම කමිටුවල අරමුණ ද, පැවැත්මේ මාවත ද වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන පන්ති ක්‍රියා ‌සාකාචඡා කර, වටහාගෙන, ඒ් හරහා ගනු ලබන තීන්දුවලට අනුව සංවිධානය කර මෙහෙය වීම ය. ඒසේ නො කරන කමිටු උපන් ගෙයි ම මිය ය යි. ඉතිහාසයේ පාඩමට අනුව ක්‍රික ඉහලින් පහලට පාත් කළ හැකි නො වේ. එය නිලධාරීවාදයේ හා ගතානුතතික වෘත්තීය සමිති ආකාරය යි. 

කයිට්ස් කමිටුවේ නායක සහෝදරයාට අපි මේ කරුනු පැහැදිලි ක‌ළෙළෙ. ඊට සවන් දුන් ධීවරයෙක් වන ගුණා එවැනි කමිටු අවශ්‍ය බව පිළිගනිමින්, කයිට්ස් කමිටුව ගැන තමන් දැන නො සිටි අතර එසේ තමන් දැනුවත් නො කළේ මන් දැයි කෝඩීස්වරන්ගෙන් චෝදනාත්මක ස්වරූපයෙන් ඇසී ය. මෙයමත් පෙන්නුම් කළේ ධීවරයන් අතර අරගලයක් සදහා පවතින කැකෑරෙන තත්ත්වය යි. ඔහු කීවේ කයිට්ස්  ක්‍රිකට බැදී සටන් වැදීමට අවශ්‍ය බව යි. 

මේ වනාහී කොක්‍රික උතුරේ දියත් කළ උද්ඝෝෂණය අත්පත් කරගත් වැදගත් ජයග්‍රහන අතරින් ‌ඒකකි.

කෝඩීස්වරන් මෙසේ ද සදහන් කළේ ය: “මම නිතර කල්පනා කළා එදිනෙදා මතුවන ප්‍රශ්න විසදන්නෙ කෙසේ ද කියා. අපි සාකච්ඡා කර වඩාත් උචිත ක්‍රියා පිළිවෙතක් තෝරා සහතික කර ගෙන ක්‍රියාත්මක වීම අවශ්‍ය යි.” 

කොක්‍රිකවේ මෙම උද්ඝෝෂණය කරුනු ගනණාවක් නිසා ම ඓතිහාසික අර්ථභාරයක් දරයි.  එය හුදෙක් සිංහල දෙමළ කම්කරු පන්තියේ එකමුතුව සදහා කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගන්නා ලද පියවරක් නිසා හෝ ක්‍රියාකාරී කමිටුවක් තවෙකක් සමග සන්ධානගත වීම සඳහා තැබූ පියවරක් නිසා පමනක් නො වේ. එය, හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව හා ක්‍රියාකාරී කමිටු අතර සම්බන්ධතාව කුමක්ද යන්න පිළිබද විශේෂ කතිකාවක නිෂ්චිත ආරම්භයක් ද සලකුනු කළ අවස්ථාවකි. දැන් අවශ්‍ය වන්නේ පන්ති අරගලයේ ‌ඉතිහාසයට වෛශික අවශ්‍යතාවක් වන මෙම කමිටු සදහා සටන, මතු වී ඇති සාකච්ඡාව වර්ධනය කරන ගමන් ම, ඉහල ම සාර්ථකථත්වය සදහා මෙහයවීමට පියවර ගැනීම ය.

ඒ් සදහා ඒ්කාබද්දව වැඩ කිරීමට යොමු වන මෙන් කොක්‍රික, අනිකුත් සැබෑ ක්‍රියාකාරී කමිටු වලට මෙන්ම, සසපට ඉතා බැරෑරුම් සහෝදරත්වයෙන් ඇරයුම් කරයි.

කොක්‍රික විධායක කමිටුව සමාජික,

නන්දන නන්නෙත්ති

28 දෙසැම්බර් 202

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed