සාමකාමී අරගලකරුවන්ට අත නොතබනු ! විශේෂඥ වෛද්‍යවරු

Don't touch the peaceful fighters! Specialists are requested

අභුත චෝදනා එල්ල කරමින්, සාමකාමී ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම වහාම නතර කරන ලෙස ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලති.

මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, මහාචාර්ය ලලිතා මෙන්ඩිස් සහ ආචාර්ය එම්.කේ. රාගුනාදන් යන වෛද්‍ය විශේෂඥයින් ඇතුළු ප්‍රවීණ වෛද්‍ය වෘත්කයින් රැසක් ඊට අයත්ය.

ඔවුන් ඉල්ලා සිටින්නේ, දුක්විඳින ජනතාවට සහන සැලසීමට උපරිමයෙන් කටයුතු කිරීම සඳහා උපාය මාර්ග ගැන නැවත සිතා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

බලධාරින්ට සුපුරුදු පරිදි කටයුතු කරගෙන යාමට ඉඩ නොතබා ගතහැකි සියලු සාමකාමී ක්‍රියාමාර්ග තුළින් විරෝධය දක්වන ලෙස පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින්, සිවිල් සමාජ කණ්ඩායම් සෙසු සංවිධාන හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ, රජයේ වියදම් විශාල වශයෙන් කප්පාදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති බවයි.

එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් නව රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් පත්කිරීම ගැන ජනතාව පුදුමයට හා කළකිරීමට පත්ව ඇතැයි පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙයි.

මන්ත්‍රී වැටුප පමණක් ලබාගන්නා බවට පැවසුවද වරප්‍රසාද හා දීමනා ඇතුළු අනිකුත් පහසුකම් සඳහා බිලියන ගණනක් වැයවනු ඇතැයි යන්න නොඅනුමාන බව අදාළ වෛද්‍යවරුන් පැවසුවේ ය.

රට බංකොලොත් කිරීමට වගකිව යුතු සියලුම දූෂිත මන්ත්‍රීවරුන් යළි බලයේ පිහිටුවා ඇති බවද වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *