සැබෑ නිදහසේ උරුමය

කොළඹ ක්‍රියාකාරී කම්ටුවේ විධායක කමිිිටු සමාජික නන්දන නන්නෙත්ති සහ ක්‍රියාකාරී කමිටුවේ ‌ සභාපති සංජය ජයසේකර යන සහෝදරවරුන් විසින් 75 වන ජාතික නිදහස පදනම් කරගෙන ලියන ලද “නිදහසේ මායාව සහ සැබෑ නිදහස ” යන සිරස් තලය යටතේ 2023 මාර්තු 11 ද්‍ර ලියන ලද ලිපිය් දෙවන කොටස සහ අවසන් කොටස මෙහි පල වේ.

1948 දී, පශ්චාත් යුධකාලීන සමතය යටතේ ලෝකය නැවත බෙදාගැනීමේදී, ඉන්දු උප මහාද්වීපයේ සිදුකෙරුනු
දේශපාලන විපර්යාසයන්හි කොටසක් ලෙස ලංකාව තුල එහි දේශීය ධනපති පාලක පන්තිය අතට පාලන බලය
හුවමාරු කිරීම වේගවත් කරනු ලැබූවේ, අවම වශයෙන් ඊට පෙර අර්ධ ශතවර්ෂයක කාලයක් තුල රට තුල වර්ධනය
වී, ආසන්නම දශකයකට වැඩි කාල පරිච්ජේදය තුල සමාජවාදී ඉදිරිදර්ශනයක් මත විප්ලවකාරී වෙමින් පැවති
කම්කරු පන්තික අරගලයට එදිරිව යි. 
19 වන ශත වර්ශයේ මැදභාගය වන විට යටත්විජිත ලංකාව තුල ප්‍රධාන වශයෙන් වතු, පතල් හා නගර ආශ්‍රිත
ධනේශ්නවර නිශ්පාදන ක්‍රමය ස්ථාපිත වීමත් සමග රටේ පන්ති සම්බන්ධතාවල දැවැන්ත පරිමාන
පරිවර්ථනයන්ට දුඩු දුනි.  පැරනි  ගොවි නැගිටීම්, කැරලි හා හුදෙකලා විරෝධතා ආකාරයන්ට සම්පූර්නයෙන් වෙනස්
වූ කම්කරු ව්‍යාපාරයක් වර්ධනය වන්නට විය. කෝපි වගාව හරහා වතු කර්මාන්තය ආරම්භ කල 1830 දශකයේ
සිට  1890 වන විට තේ, රබර් හා පොල් දක්වා ව්‍යාප්ත වුනු කර්මාන්ත තුල ලංකාවේ නැගී එන ධනපති පංතියකට
සාපේක්ෂව පැටුප් ශ්‍රමික සම්බන්ධතා වර්ධනය වන්නට විය. වැඩෙමින් පැවති සුදු කරපටි කම්කරු පන්තියක්, 
පහල මධ්‍යම පන්තියක් හා දුම්රිය ඇතුලු ප්‍රවාහන කම්කරු පන්තියක් තවත් ආකාරයකින් එකිනෙකාට බද්ධ කෙරිනි.
එකල ලංකා ආර්ථිකයේ සීඝ්‍ර වර්ධනය කොතෙක් ද යත්,  සමස්ථ අපනයන ආදායම 1885 දී රුපියල් මිලියන 35 සිට
1915 දී රුපියල් මිලයන 266 දකිවා වර්ධනය වී තිබිනි.

රේල් පාර තනන කම්කරුවෝ -1908

දේශීය ධනපති පන්තිය වැඩෙයි  – දොන් හේවා විතාරන හා ඔහුගේ  සටීම් ෆර්නිචර් වර්ක්ස් – 1907

පන්ති ප්‍රතිඝතිතතා උත්සන්න වීම නව ආර්ථික-සමාජ සම්බන්ධතාවල අත්‍යවශ්‍ය නිර්මිතය යි.  
1893  කොලඹ මුද්‍රන සේවා කම්කරු වර්ජනය කම්කරු සටන් වල වර්ධනයේ පෙරටුගාමී අවස්ථාවකි. එයින් දශක
තුනක් ඇවෑමෙන්, ඒ.ඊ. ගුනසිංහ 1922 දී ලංකා කම්කරු සමිතිය (LLU) පිහිටුවීමේන් පසුව 1923 එය යටතේ කොලඹ
20,000ක් කම්කරුවන් සහභාගීත්වයෙන් මහා වැඩවර්ජනයක් පැවැත්විනි. 1927 වරාය කම්කරුවන්ගේ
වැඩවර්ජනයක් ද, 1928 කුලී රථ රියදුරන්ගේ හා කාර්මික කම්කරුවන්ගේ වැඩවර්ජනයක් ද, 1929 ට්‍රෑම් රථ
කම්කරුවන්ගේ වර්ජනයක්ද ඔහු යටතේ සංවිධානය කෙරුනි. ස්වරාජ්‍යයක්, ව්‍යවස්ථා සංශෝධන, සර්වජන ජන්ද
බලය හා කම්කරු අයිතීන් දිනා ගැනීම 1928 දී ඔහු පිහිටුවාලූ ලංකා කම්කරු පක්ෂයේ අරමුනු වූ බව සඳහන් ය. 

මැයි දින පෙලපාලියක් – ’30 දශකයේ මුල

මේ දැවැන්ත චලනයන් පසුබිමෙහි, ජාතික සංගමේ නිවට ධනපතියන්ට හා 1931 ඩොනමෝර්
ප්‍රතිසංස්කරනවලටත් විරුද්ධව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් පලවා හැර සැබෑ නිදහස වෙනුවෙන් සටන් කිරීමට 20
ශතවර්ශයේ එලිපත්තේ  සිට තරුන කන්ඩායම් ලෙස සංවිධානය වී කරන ලද අරගලයේ මස්තකප්‍රාප්තියක් ලෙස
1935 දෙසැම්බරයේ  ලංකා සමසමාජ පක්ෂය (LSSP) ගොඩනගනු ලැබිනි. අද ධනපති පක්ෂ පතුරක් බවට පත්ව
සිටින එම පක්ෂයට  එකී ඉතිහාසය සැමරිය නොහැක.
ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භය පිලිබඳ ලියමින් පක්ෂයේ විසිපස් වන සංවත්සරයට ලෙස්ලි ගුනවර්ධන
සම්පාදනය කල ලියවිල්ලේ මෙම කාරනා නිශ්චිතව පැහැදිලි කරයි:
“ඒ අදහස [නිදහස හා සමාජවාදය සාක්ෂාත් කිරීමේ පලල් එල්ලයන් සහිතව එල්එස්එස්පී ය පිහිටුවීම පිලිබඳ]
අහසින් වැටුනු එකක් නොවීය.  එය කාලයක් මෝරමින් පැවතින.  එකල පැවතියේ යැයි කිව හැකි අනෙක් පක්ෂ වූයේ
ලංකා ජාතික කොංග්‍රසය සහ ලංකා කම්කරු පක්ෂය පමණි.  ලංකා ධනපතියන්ගේ අවශ්‍යතා නියෝජනය කල
ලංකා ජාතික කොංග්‍රසය ද ඉන්දියාවේ ලිබරල්වාදීන් මෙන් ඩොමීනියන් තත්ත්වය අරමුනු කරගනිමින්
ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරන සඳහා හිඟමන් යදින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියේය.  එක් දහස්
නවසිය විසි ගණන්වල ලංකාවේ කම්කරු පන්තියේ පළමු වැදගත් පිබිදීමේ  දී ලංකා කම්කරු සංගමය සමඟ
ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කල [ඒ. ඊ. ගුනසිංහගේ] ලේබර් පක්ෂය, ඒක පුද්ගල සංදර්ශනයක් බවට
පරිහානියට පත් වූ අතර, කෙසේ නමුත් එය  සමාජවාදයත් සමග මොනම සම්බන්ධයක්වත් තිබුනේ නැත. [මේ
තත්ත්වය තුල] පිරවීම සඳහා රික්තකයක් සැකසී පැවතින.
“අලුත් පක්‍ෂය පිළිබඳ අදහස අහසින් නොවැටුනා සේම එය ගොඩනැගූ පිරිසද කොහෙන් හෝ හිටි හැටියේ එකතු
වූයේ නැත.  එය වසර කිහිපයක ඉවසිලිවන්ත වැඩවල ප්‍රතිඵලයක් ලෙස එකතු වූ සමූහයකි.  ලංකා සමසමාජ

පක්‍ෂයේ පූර්වගාමියා වූ කන්ඩායම මුලින්ම ගොඩනැගුනේ 1933 වසරේ අග භාගයේදීය. නමුත් යමෙකුට 1932
වැල්ලවත්ත රෙදි මෝලේ [කම්කරු] වර්ජනය දක්වාම ආපසු හැරී බැලිය හැකිය.  මෙම වර්ජනයට නායකත්වය
දුන්නේ ඉහත කී කන්ඩායමේ සාමාජිකයන් විසිනි” (ලංකා සමසමාජ පක්ෂයේ කෙටි ඉතිහාසයක්, ලෙස්ලි
ගුණවර්ධන, 1960).

වැල්ලවත්ත රෙදි මෝල්  කම්කරුවන් -1907


1936 පෙබරවාරියේ දී ලසසපයේ පිලිප් ගුනවර්ධන හා එන්.එම් පෙරෙරා රාජ්‍ය මන්ත්‍රන සභාවට තේරී පත් වූහ.
ලදරු අවධියේ පසු වූ එමෙන් ම තවමත් ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක් නො වූ සහ ටී කන්ඩායම නම්
ට්‍රොට්ස්කිවාදයට ආකර්ශනය වූ කන්ඩායමක් ද ඇතුලත් සමසමජ පක්ෂය සමාජවාදය වෙනුවෙන් පෙනී සිටිමින්,
කම්කරු පන්තියේ ආකර්ශනය දිනාගෙන වැඩෙමින්, මුල් කාලයේ ම ජයග්‍රනය කල ප්‍රතිසංස්කරන අතර
ගම්මුලාදෑනි ක්‍රමය වෙනස් කිරීම, උසාවිවල දේශීය භාෂා භාවිතය, විරැකියා සහන ලබා ගැනීම වැනි
ප්‍රතිසංස්කරන විය. 

1936 ජුලි 26 දින රාජය මන්ත්‍රන සභා විවාදයේ දී පිලිප් ගුනවර්ධන මෙසේ ප්‍රකාශ කලේ ය:
 “…මිලිටරිවාදයෙන්, අඥානයෙන්, මිථ්‍යා බන්ධනවලින් හා දුගී දුප්පත්කමෙන් මිනිස් වර්ගයා මුදා ගැනීම සදහා
ඕනෑම පරිත්‍යාගයක් කිරීම සදහා සූදානම් පිරිසක් සිටී නම්, ඒ පිරිස, අවශ්‍යයෙන් ම සමාජවාදීන් කන්ඩායමක් විය
යුතුය යි මම විශ්වාස කරමි. සමාජවාදය සදහා එනම්, අවශ්‍යතාවය නමැති ක්ෂේත්‍රයේ සිට නිදහස නමැති
රජදහන කරා, මිනිස් වර්ගයාගේ ආරෝහනය සදහා, තුවක්කු අතැතිව, අවශ්‍ය තැන්හි දී සටන් කරීමට, ලංකා
සමසමාජ පක්ෂයේ සාමාජිකයෝ සූදානම් වී සිටිති.
“එහෙත්,අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් සටන් කරන්ට, අප සූදානම් නැත. වස්තුව බෙදා ගැනීමට පොර කන
එංගලන්තයේ සිටින දඩයක්කාරයන් වෙනුවෙන් සල්ලි ගරා දීමේ වැඩපිලිවෙලක මූනිස්සම් බවට පත් වීම, අපි
ප්‍රතික්ෂේප කරමු. ලසසප සාමාජිකයන්, නියම ජාතික විප්ලවවාදී හමුදාවකට බැදෙන්ට සූදානම් ය. එහෙත්,
ලාංකික ආරක්ෂක බලඇනියට බැදීම, අපි ප්‍රතික්ෂේප කරමු. මෙම බල ඇනිය පාවිච්චි කෙරෙන්නේ එංගලන්තය
වෙනුවෙන් සටන් කිරීම සදහා මිස මේ රටේ මිනිසුන්ගේ සටන් සදහා නො වේ ය යි අපි විශ්වාස කරමු.”   ( කීර්ති
බාලසූරිය, සමසමාජ ඉතිහාසයෙන්, 6-7 පිටු )  

අව්‍යාජ නිදහස් සටන යනු  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා දේශීය කොම්ප්‍රදෝරුවන් විසින් මෙසේ කම්කරු පීඩිත
ජනයාගේ ලේ දහඩිය උරා බී රැක ගැනීමට තතනන පන්ති පාලනයට එරෙහිව පන්ති සටන බවට පත්ව තිබිනි. ය.
‌එය දේශීය ධනපතීන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එක් වර පරාජය කිරීමේ කම්කරු පන්තියේ ‌ඓතිහාසික
අවශ්‍යතාව සමග බැදී පැවතිනි. 

1939 සැප්තැම්බරයේ දී දෙවන ලෝක යුද්ධය පුපුරා යාමත් සමග ම, ලංකා ජාතික කොංග්‍රසයේ (සීඑන්සී) නායක
ඩි.එස් සේනානායක බ්‍රිතන්‍ය ආන්ඩුවට “මුලු හදින් ම සහාය” පලකරන යොජනාවක් ඉදිරිපත් කරන තතු තුල,
ලසසප මන්ත්‍රී පිලිප් ගුනවර්ධන මෙම අභියෝගය යලි මතුකරමින් මෙසේ කී ය: “රටක් යුද්ධයට එලබීම නිසා
පන්ති අරගලය නැවතී නැත” (ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්).
 
රනිල් වික්‍රමසිංහ වැඩකරන ජනයාට විරුද්ධව අද මුදා හැර ඇති මෘග මර්දනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන
සමය සමග සැසඳූ කල මැනවින් තහවුරු වන්නේ, පාලක පන්තියේ නිදහස සුන් කර දමා ස්වකීය නිදහස පිනිස වැඩ
කරන ජනයාගේ ප්‍රහාරාත්මක ආරමිභකත්වයන් පාවා දීමේ හා පරාජයට ගොදුරු කිරීමේ ප්‍රතිවිපාක ලෙස මේ
තත්වයට මහජනයා ගොදුරු කර ඇති බව ය. 
එදා සමසමාජ පක්ෂය යුද්ධය පිලිබද සිය කම්කරු පන්ති ආස්ථානය, රාජ්‍ය මන්ත්‍රන සභාවේ දී අභියෝගාත්මකව
ඉදිරිපත් කරමින් සහ මහජනතාව අතර උද්ඝෝෂනය වර්ධනය කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන දෙදරුම් කවන
පන්ති ගැටුම් වර්ධනය කලේ ය. 
“ඉන්දියාව හා ලංකාව වැනි විජිත සූරා කෑමේ අයිතිය සදහා අද දින බ්‍රිතාන්‍යයෝ ජර්මානුන්ට එරෙහිව සටන්
වැද සිටිති. මේ කරුන සගවාගෙන සිටින බ්‍රිතාන්‍යයෝ, උන්ගේ යුද්ධය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස
වෙනුවෙන් කෙරෙන්නක් සේ මවා පාති….බ්‍රිතාන්‍යයන්ට උන්ගේ යුද්ධය තව දුරටත් ගෙන යා හැක්කේ ඒ සදහා
වියදම් සොයා ගනු වස්, විජිත සූරා කෑම උත්සන්න කිරීමෙන් පමනකි. විජිතයන්හි ප්‍රජාතන්ත්‍රවාදය රකිනු
වෙනුවට, බ්‍රිතාන්‍යයෝ ලංකාවේ ජනතාවගේ සිවිල් හා දේශපාලන නිදහස වනසති. වතුකරයේ කම්කරුවන්ගේ
නිත්‍යානුකූල සංවිධාන පොඩිපට්ටම් කර දැමීමට ඔවුහු වලි කති. අපගේ නායකයන් සිරගත කරන ලද්දේ,
අධිරාජ්‍යවාදී පීඩකයන්ගෙන් ද ධනපති සූරා කන්නන්ගෙන් ද, කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට ඔවුන් සටන් කල
බැවිනි.” (Larski, 240 පිට, සමසමාජ ඉතිහාසයෙන්, ibid, පිටුව 21හි උපුටනය) 

සමසමාජ නායකයෝ අත් අඩංගුවට ගන්නා ලදහ. 1941 අප්‍රේල් 27 ඉරිදා “සමසමාජය” පත්‍රය, පලකරන මේ
වාර්තාව ඒ සම්බන්ධයෙනි. 
“සමසමාජ නායකයන් සිර කිරීමට විරුද්ධව පැවැත් වූ ප්‍රයිස්පාක් රැස්වීම පිලිබද නඩුවේ අවසාන ජවනිකාව, එම
නඩුවේ ප්‍රධාන විත්තිකාරිය වූ සෙලිනා පෙරෙරා සහෝදරිය සහ ටෙරන්ස් ද සිල්වා, ධර්මවර්ධන යන සහෝදරයන්
ද බන්ධනාගාරගත වීමෙන් අවසන් වී තිබේ.
“මේ නඩුවේ ඉතිහාසය අමුතුවෙන් මතක් කලයුතු නො වේ. පොලිස්කාරයන්ගේ මැරවරකම් ද, පොලිස් ලොක්කන්ගේ
තක්කඩිකම් ද, පොලිස් නිලධාරීන්ගේ බොරු සාක්කි කීම් ද, නඩුකාරයන්ගේ ධනපති පන්ති පක්ෂපාත අධිරාජ්‍ය
ඇට්ටඹි නඩු තීන්දු ද, මේ ආදී සියල්ලක ම මේ නඩුවේ දී ප්‍රදර්ශනය විය….” (සමසමාජ ඉතිහාසයෙන්, ibid 22 පිට) 

එහෙත් වර්තමාන අරලගලයේ වීරයන් ලෙස පුම්බනු ලැබෙන ව්‍යාජ වාම රැඩිකලුන් මෙන් නො ව, ලසසප
සටන්කරුවෝ ධනපති උසාවි හා නීති වැනි පන්ති පාලනයේ මර්ධන යන්ත්‍රයේ උපාංග ගැලවුම්කාර, නිදහස
ආරක්ෂා කරන මන්ඩල ලෙස කිසි දිනෙක ඉස්මතු නො කලහ. 
“එහිදී, සෙලිනා සහෝදරිය විසින් කම්කරු ගොවිකරු ජනයාගේ සිත්සතන් පුබුදු කරවමින් ද, උසාවිය භ්‍රාන්ත
කරමින් ද, අධිරාජ්‍යවාදීන් හා පොලිසිය වෙව්ලවමින් ද, මෙසේ ක්‍රියා කල නො හැකි ධනපති දේශපාලක දීනයන්

ලජ්ජාවට පත් කරමින් ද ස්ටැලින්වාදී අමනයන්ගේ ඊර්ෂ්‍යාවට හා ක්‍රෝධයට ඉලක්ක වෙමින් ද, මීට පෙර ලක්දිව
උසාවි ඉතිහාසයේ කිසි කලෙක සිදු නො වූ අන්දමේ සිද්ධියක මූලස්ථානය ගනිමින්, කල මා හැගි ප්‍රකාශය අද
සියලු දෙනා ම දනිති.   

“… අවසාන නඩු විභාග දිනයේ දී ද, තමා මෙම උසාවියේ දී නිදහසට කිසිවක් නො කියන බවත් ඒ වෙනුවට,
උසාවියෙන් පිට දී  තමා අධිරාජ්‍ය ක්‍රමයට හා ඔවුන්ගේ පොලිසියට විරුද්දව සටන් කරන්නට බලාපොරොත්තු
වන බවත්, ඈ කීවා ය.” ( ibid 23-24 පිටු)  
1939 දී ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරවාදී කම්කරු පන්තික පක්ෂයක් ලෙස වර්ධනය කර පැවති එම පක්ෂයේ
මූලිකත්වයෙන් 1942 ඉන්දියා, ශ්‍රී ලංකා හා බුරුම (මියන්මාර්) ට්‍රොට්ස්කිවාදීන් ඒ්කාබද්ධ කර 4වන
ජාත්‍යන්තරයේ ශාකාවක් ලෙස  ගොඩ නැගූ ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනිනිස්ස්ට් පක්ෂය (BLPI) ලංකාව මතු
නො ව ඉන්දු උප මහද්වීපයේ ම නිදහස වෙනුවෙන් කම්කරු පන්තිය වටා ගොවි ජනයා හා සෙසු පීඩිතයින් බලමුලු
ගැන්වීමේ සටන දියත් කලේ ය.

ලියොන් ට්‍රොස්කි

බ්‍රිතාන්‍ය අධිරාඅධිරාජ්‍යවාදීන්ට එරෙහි මහා දේශපාලන වැඩ වර්ජනයක් සහ බදු කුලී නො ගෙවීමේ
ගම්බද ව්‍යාපරයක් ඒකාබද්ධ කොට, ගොවි ජන කමිටු ගොඩ නගා, ඉඩම් අල්ලා ගැනීම කරා ඉදිරියට යන මෙන්
ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. අද ද වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අවසන් කිරීම බැදී ඇත්තේ
මෙබදු මහජන ක්‍රියා සමග ය.
BLPI ප්‍රමුඛ නායකයෙකු වූ කොල්වින්. ආර්. ද සිල්වා 1948 මර්තු 5 දා බෙංගාලයේ උලුබේරියාවේ පැවැත් වුන
සමස්ථ බෙංගාලි ශිෂ්‍ය සංමේලනයේ වාර්ෂික සමුලුවේ ආරම්භක දේශනය,“ඉන්දියාවේ වර්තමාන දේශපාලන 
තත්වය” යන ප්‍රස්තුතය යටතේ, පවත්වමින් කල ප්‍රකාශය තව දුරටත් වලංගු ය:
“නිදහස කුමක් ද යනු ආන්ඩු කරන්නේ කව්ද යන්න නො වේ. ප්‍රශ්නය වන්නේ පාලනය සිදු වන්නේ කාගේ, එනම්
කොයි පන්තියේ අවශ්‍යතාවන් සදහා ද යන්න යි. එසේ නො වුවහොත් දුඹුරුපාට නිලධාරි පැලැන්තියක් [විසින්] සුදු
පාට නිලධාරි පැලැන්තියක් විස්ථාපනය කර නිදහස පිලිබඳ මායාවක් ඇති කිරීමට පමනක් නො ව සැබැවින් නිදහස
තිබේ යන මායාව ද මවන්නට පුලුවන.” 
“…ඉන්දියාව තුල සිදුව ඇත්තේ… අධිරාජ්‍යවාදී සෘජු පාලන රූපය වක්‍ර පාලන රූපයක් වබට පත් කිරීම පමනකි…
“…මහජන ආරක්ෂක පනත වැනි නීතිත්, වර්ජන මර්දනයත්, කම්කරු පන්ති සටන්කාමීන් ගොදුරට ගැනීමත්, බදු
ප්‍රතිපත්ති හා එවැනි දේවලුත් මේ අතින් දැවැන්ත ලෙස අධ්‍යාපනය දෙයි. …අධිරාජ්‍යවාදයෙන් ඒකාධිකාරී
නියෝජිතකම උරුම කරගත් ධනපති පන්තියට විශේෂයෙන් රාජ්‍ය පාලනයේ දී දැන් අවශ්‍ය වන්නේ මහජන
ව්‍යාපාරය බලමුලුගැන්වීමට වඩා මර්දනය කිරීමට අවශ්‍ය වන බලතල ය. (1948, කොල්වින් ආර්. ද. සිල්වා,7, 8, 9,
පිටු, කම්කරු මාවත ප්‍රකාශනයකි) 

සිල්වා ඉතා නිවැරදිව පෙන්වා දී ඇති පරිදි, ලංකාවට “නිදහස” යෝජනා කරමින්, සෝලබරි යෝජනා සමග ගෙන ආ
1948 “බ්‍රිතාන්‍ය ආන්ඩුවේ නිදහස් පනත් කෙටුම්පත සහ එයට අනුයුක්ත කර ඇති ගිවිසුම් සේනානායක
බලමන්ඩලය සමග අධිරාජ්‍යවාදී හාම්පුතුන් ගෙන ගිය දිගු කුමන්ත්‍රනයක අවසාන අධියර ය. 
“වහල් ධනේශ්වරය තම අධිරාජ්‍යවාදී ලොක්කන්ගෙන් ඉල්ලා සිටින එකම නිදහස මෙම පනතින් ඔවුන්ට ලැබිනි.
ඔවුන්ට අවශ්‍ය නිදහස මහජනතාවගේ නිදහස නොව තමන්ගේ නිදහස ය.” (Colvin. R. De. Silva, How
England ‘frees’ a Colony, 16 February 1948)
මේ “නිදහස” උදෙසා කම්කරු පන්තියේ හා ගොවි ජනයාගේ ආර්ථික දේශපාලන නිදහස හැකි හැම අයුරින් ම පාගා
දැමිය යුතු ව පැවතුනි. සෝලබරි නිදහස් කෙටුම්පත් සැකසෙන්නේ කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන
තත්වයන් ආරක්ෂා කරන, මර්දනීය තන්ත්‍රයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සදහා පාලක කල්ලි
දෙකටම විරුද්ධව කම්කරු පන්තිය ගෙන ගිය අරගලයක තියුනුතම අවධියක දී ය. 
1947 මහා වර්ජනය එතෙක් සිදු වූ දැවැන්ත ම කම්කරු පන්ති සටනයි. රජයේ ලිපිකරු සේවා සංගමය (GCSU)
වෘත්තීය සමිති අයිතිය පිලි ගන්නා ලෙස රජයට බල කලේ ය. 

ලන්ඩනයේ විජිත කාර්යාලය වෙනුවෙන් පත් කර සිටි  ලේකම් මන්ඩලයේ ප්‍රධානියාගේ (chief secretary) මෙසනිවේදනය කලේය:  

1947 මහා වැඩවර්ජනයේ දසුනක්

“එබදු සංකීර්න හා දැවැන්ත කාරනයක් සම්න්ධයෙන් ප්‍රශ්නය සලකා බැලිය යුතු වන්නේ නව ආන්ඩුක්‍රම
ව්‍යවස්ථාව අනුව ගොඩනගන ආන්ඩුව විසිනි.”
ඒ අනුව යමින්, එවක රාජ්‍ය මන්ත්‍රන සභාවේ ප්‍රධානියා වූ ඩී.එස්.සේනනානයක තම කම්කරු වරෝධී ආස්ථානය
ප්‍රකාශ කලේ මෙසේය:

 “රාජ්‍ය සේවකයන්ට කුමන තත්වයක් යටතේවත් දේශපාලන අයිතිය හිමි නො විය යුතු අතර රජය කිසි විටෙකත්
නිල වසයෙන් වෘත්තීය සමිති පිලි නොගනු ඇත” (General Strike 70 years ago – 2017.11.29, Daily News –
උපුටා ගැනීම D.S. Senanayake,  leader of the house, Times of Ceylon- Jan 26, 1947) 

සේනානායක කම්කරු උද්ඝෝෂන මැඩීම සඳහා තම පන්තිය අතටම බලය අවශ්‍ය බව නොවලහා පැවසුවේ මේසේය:
“‘නිදහස’ පිලිබඳ පොරොන්දුව ලැබෙන තෙක්, වැඩවර්ජනය සම්බන්ධයෙන් ඇඟිල්ලක්වත් නොසොල්වමි”. (ibid)

1947 මැයි-ජුනි මහා වර්ජනය මේ සියලු ප්‍රහාර ඉදිරියේ කම්කරු පන්තියේ ‌ඓතිහාසික විප්ලවවාදී ශක්‍යතාව
පිලිබිඹු කලේ ය. එවක 21 වියැති විඝනන ලිපිකරුවෙකුව සිටි හා පසු කලෙක (1958) ජීසීඑස්යූ සභාපති තනතුර ට
පත් ටී.බී. දිසානායකගේ වාර්තාවක් මෙසේ දක්වයි:

“වැඩ වර්ජනයට එහි උච්ඡතම අවස්ථාවේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයෝ 50,000ක් සහභාගී වූහ.
වර්ජනයට නායකත්වය දුන්නේ, පොදු සේවා සංගමය (PCL), ලංකා කම්කරු සංගමය (CFL) හා ලංකා වෘත්තීය
සමිති සම්මේලනය (CTUF) යි.
“වර්ජන රැල්ල ඇති කලේ ගාලු මුවදොර පිටියේ පැවති ජන රැලිය යි. රැස්වීම ඇමතූ පීසීඑල් ප්‍රමුඛ සාමජිකයන්ට
යටත් විජිත රජය විසින් තහනම් පනවන ලදී. දහස් ගනනින් සංවිධානාත්මක කම්කරුවෝ එලියට ආහ. ජීසීඑස්යූ
නායකත්වය යටතේ රජයේ ලිපිකරුවෝ වර්ජනයට පැමිනියහ. මධ්‍යම පන්තියේ සේවකයන් එක් වූ ප්‍රථම
අවස්තාව මෙයයි.”
මෘග මහජන ආරක්ෂක පනත වර්ජනයට එරෙහිව ගෙන එන ලදී. ජුනි 5දා කම්කරුවන්ගේ පෙලපාලියට දෙමටගොඩ
දී විශාල පොලිස් බල ඇනියක් කඩා පැන බැටන් පහර දී, 25 වතාවක් වෙඩි තබා 18 දෙනෙකු තුවාල කර එක් සටන්
සගයෙකු වන වේලුපිල්ලේ කන්දසාමී මරා දැමීම ගැන දිසානායක ආවර්ජනය කරයි. වැඩ වර්ජිත කම්කරුවෝ, මිය
ගිය සගයාගේ දේහය දැවැන්ත පෙලපාලියකින් බොරැල්ල මහ රොහලේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා
ඔසවාගෙන ආ හැටි ඔහු විස්තර කරන්නේ ය:
“මැකලම් පාර [දැන් විජයවර්ධන මාවත] ජනයාගෙන් පිරී ඉතිරී තිබිනි. අගනුවර හා තදාසන්න රත්මලාන
කොලොන්නාව ප්‍රදේශවල කාර්යාල, කර්මාන්ත ශාලා, වැඩපොලවලින් අති විශාල ජනකායක්, යාපනයේ සිට
පැමින දිවිදුන් ආන්ඩුවේ ලිපිකරුවාට උපහාර දැක්වීමට පැමින සිටියහ. වර්ජකයෝ කන්ඩායම් වශයෙන් සංවිධානය වී
වාරය ලබාගෙන  දෙනට කර ගැසූහ…”(1947 General strike – Colombo, Sri Lanka, T.B.Dissanayake) 
දහස් ගනනක් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රැකියා අහිමි කරන ලදී. ඇතැම් වාර්තා පෙන්වා
දෙන්නේ සටන කුඩු කල බව වුව ද වෘත්තීය සමිති ලෙස සෑම තැනකම කම්කරුවන්ගේ සංවිධාන ගොඩ නැගීම
එතැනින් ඉදිරියට ගැනුනි.  
ලංකාවේ ආන්ඩුකාර සර් හෙන්රි මේසන් මූවර් ලියූ 1944-1948 සිය ධුර කාලය පිලිබද ලිපියක එදා පන්ති අරගල
කුඩුපට්ටම් කිරීම සඳහා මර්දක නීති සකස් කරමින් යටත්විජිත පාලකයන් සමග  ලාංකික ධනපති පන්තිය
කුමන්ත්‍රය කල ආකාරය පිලබඳව දක්වන ඇඟ හිරිවටවන සටහන මෙසේ ය: 

“මම ඒ වන විට මහනුවර සිටි අතර වහාම පියවර ගන්නා ලෙස ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා මගෙන් ඉල්ලා සිටියේය
[ජෝර්ජ් සිල්වා 1929 ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති වූ අතර නුවර ප්‍රදේශ⁣යෙන් පත්ව 1942 සිට ’47
දක්වා ලංකා රාජ්‍ය මන්ත්‍රන සභාවේ සෞඛ්‍ය ඇමති විය]. මම කොළඹට ගොස් ඇමැතිවරුන් හමුවුනා. හදිසි නීතිය
ප්‍රකාශ කර ඒකාධිපති බලතල ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු සියලු දෙනා මගෙන් ඉල්ලා සිටියෝය.  එවැනි
[මර්දන] උපකරනයක් ඉතා රහසිගතව පැවතියද ඔවුන් එය කෙසේ හෝ දැනගෙන තිබුනි.

රාජ්‍ය මන්ත්‍රන සභාව තුළ එවැනිම නීතියක් සම්මත කිරීමට ඔවුන්ට පූර්න බලතල ඇති බවත්, එවැනි
ක්‍රියාමාර්ග ගැනීමට කාලය පැමින ඇති බව සලකන්නේ නම්, අවශ්‍ය ක්‍රියාමාර්ගය තමන් විසින්ම ගැනීම
ඔවුන්ගේ සරල කාර්යභාරය සහ වගකීම බවත් මම එවිට ඔවුන්ට පෙන්වා දුන්නා.  ඔවුන් එසේ කලේ නම්, මම
ඔවුන්ට හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දැක්වීමට සූදානම් බව ද, මා සන්තකයේ ඇති කෙටුම්පත මත ඔවුන්ගේ
නීති සම්පාදනය කිරීමට ඔවුන්ට හැකි බවද දැන්වීමි. අවසානයේ ඔවුන් එසේ කල අතර, ඇත්තෙන්ම මා සන්තකයේ
තිබූ මුල් කෙටුම්පතේ තිබූ දඬුවම් වලට වඩා වැඩි දැඩි දඬුවම් අන්තර්ගත කලෝය.  එවැනි ප්‍රබල ක්‍රියාවක්
විවේචනයට ලක් වුවහොත්, පැහැදිලිවම එහි වගකීම මා පිට පැවරීම  ඔවුන්ගේ උත්සාහය විය.” ( British
Governors of Ceylon by H. A. J. Hulugalle, ANCL, Lake House, Colombo, 1983, පිට 232– උපුටා
ගැනීම, An Account of 1947 General Strike of Ceylon by T. B. Dissanayake යන libcom.org හි පල
වූ ලිපියෙන්)  

’47 මහා වැඩවර්ජනයට එරෙහිව භාවිතා කිරීමෙන් පසුව එතුවක් පටන් අද දක්වා ලංකාවේ පාලක පන්තිය
කම්කරුවන්ට, රටේ උතුරේත්, දකුනේත් තරුන තරුනියන්ට,  මාධ්‍යවේදීන්ට හා ශිෂ්‍යයන්ට එරෙහිව නිරන්තරයෙන්
යොදාගැනුනු හා ගැනෙන 1947අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනත සම්මත කරගැනුනේ ඒ ආකාරයෙනි.
අධ්රාජ්‍යවාදී ඒජන්තයෙන් ලෙස මෙසේ සුදුසුකම් සපුරා සිටි දේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තියට බලය මාරු
කරනු ලැබුනේ මෙම තත්ත්වයන් ය⁣ටතේ ය.
’50 ගනන්වල මුල සිට ම කම්කරු පන්ති ජාත්‍යන්තරවාදයේ සිට ධනපති පාර්ලිමේන්තුවාදයට නතු වෙමින් සම
සමසමාජ පක්ෂය 1964 සිරිමා බන්ඩාරනායකගේ  ධනපති සභාගයට ඇතුල් වී සිදු කල මහා පාවාදීමෙන් පසු
ලංකාවේ ධනපති පාර්ලිමේන්තුව 1972 දී ලසසපයේ මූලිකත්වයෙන්  සම්මත කල, බුද්ධාගම ප්‍රමුඛත්වයේ සැලකූ
ව්‍යවස්ථාවකින් 48 ව්‍යවස්ථාවට තවත්  සවිමත් කලේ ය. 
මෙකී ධනපති “නිදහස්” ව්‍යාපාරයේ නායකයෙකු වූ ද, ප්‍රථම  “නිදහස්” ආන්ඩුවේ මුදල් ඇමති වූ ද, එදා ආන්ඩු
පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී නායකයෙකු වූ ද, ජේ. ආර්.ජයවර්ධනගේ 1978 ආන්ඩුව, ඒකාධිපති
ජනාධිපති ව්‍යවස්ථාව මගින් අද වික්‍රමසිංහ ආන්ඩුවේ මර්දනයට අවශ්‍ය පදනම් හා පුහුනුව ලබා දුන්නේ ය.
ජේ.ආර් ජයවර්ධනගේ සහාය ලැබ දේශපාලනිකව වැඩුනු රනිල් වික්‍රමසිංහ වර්තමාන අර්බුදය පාලනය කිරීම
සදහා කැදවීම, මෘග පාලන ක්‍රමයේ අඛන්ඩතාව පිලිබද නාටකාකාර සිද්ධියකි.  

දැන් වික්‍රමසිංහ ආන්ඩුවේ සූදානම හා ක්‍රියාව බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ ඉලක්කය නැවත වේදිකාවට
කැදවා ඇත. ලෝක තත්ත්වය විසින් සංවර්ධිත අධිරාජ්‍යවාදී ආර්ථිකයක් මත යැපෙන විජිත හා අර්ධ විජිත රටවල
ධනේශ්වරය අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සමග සම්බන්ධව තිබූ කිසිම ‌ඓතිහාසික කරතව්‍යයක් විසදීමේ
ලා අසමත්ය යන ලියොන් ට්‍රොට්කිගේ සංකල්පය මත පිහිටා බොල්ශෙවික්වාදය මත පිහටා සිටි සමසමාජ පක්ෂය
පෙන්වා දුන්නේ,  “ධනපති පාලනය කෙරේ නිවැරදි ආකල්පය නම් ක්ෂමා විරහිත දැඩි විරුද්ධත්වය යි. ඒවාට අදාල
අපේ කාරයයන් වන්නේ පෙරලා දැමීම අරමුනු කොට ගෙන ඒවා ක්‍රමානුකූලව එලිදරව් කිරීමයි. නිදහසට හා
සමාජවාදයට වෙනත් මගක් නැත.” ( 1948, supra පිටුව 11)
සියලු පාවා දීම්වලට, සංශෝධනවාදයන්ට එරෙහිව ඉතා අසීරු වෛශයික කෙනේදේසි දරාගෙන 4වන
ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව බීඑල්පීඅයි අනුයන ලද ඉදිරි දර්ශන හා ක්‍රියා මාර්ගය වර්ධනය කරයි. එම

අරගලය, මෙම ධනපති රාජ්‍යය, වංචාවෙන්, දූෂනයෙන් නිදහස් කර පිරිසිදු කොට පවත්වා ගැනීමට ප්‍රතිගාමී
යෝජනා ගෙන එන සියලු ප්‍රවනතා පිටු දැකීම හා පලවා හැරීම ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed