සිංහල ධනපති පාලකයන්ගෙන් වතුකරයේ දරුවන්ට කුඩම්මාගේ සැලකිලි

ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ දල්ගස්වල ද්‍රවිඩ පාසලේ ළමුන්ට ඉගන ගැනීමට අවශ්‍ය පුටු මේස නොමැති බවත් එම පාසලේ ගුරුවරු අවට සිංහල පාසැල් ඉවතලන ලද පුටු මේස ඉල්ලා ගෙනැවිත් අලුත්වැඩියා ළමුන්ට දි ඇති බව ප්‍රදේශවාසීයෙක් අප සමග පැවැසීය .

මෙම පාසල‌ේ පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා පන්ති ඇති අතර ළමුන් 80ක් පමණ ඉගනුම ලබති .

මෙම පාසැලට දල්ගසවල ඉහල මධ්‍යම සහ පහල ප්‍රදේශ වල ළමුන් පැමිණෙන අතර ඔවුන්ගේ දෙමව්පියන් තේ,රබර්,කටුපොල් කර්මාන්ත ශාලාව සේවය කරන කම්කරුවෝ වෙති .

ඔවුන්ට දෛනිකව ලැබෙන්නේ රුපියල් 700 ත් 1000 ත් අතර සොච්චම් වැටුපකි .

කළුතර දිස්ත්‍රික්කයේ ජිවත් වන දෙමළ ජනයාගේ දරුවන්ට තමන්ගේ(දෙමළ භාෂාව ) වෙනුවට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබන්නට බලකෙරි ඇත.

දෙමළ කම්කරු ජනයාට ලැබෙන දෛනික වැටුප දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරනවා තියා එක වෙිලක් කන්න ප්‍රමානවත් වැටුපක් ලැබෙන්නේ නැත. මෙරට ජාතික ආර්ථිකයට විශාල ද්‍රායකත්වක් දක්වන වතුකරයේ දෙමළ ජනයාගේ දරුවන්ට ඉගනනීමට ඇති අයිතීය පවා මෙරට පාලකයෝ උදුරගෙන තිබේ . වතුකරයේ දෙමළ ජනයා තමන්ගේ ලේ දහඩිය වගුරුවා විදේශ විනිමය සොයා දුන්න ද ඔවුන්ගේ ළමුන්ට සිංහල පාසැල් වල පාවිච්චි කර ඉවත දමන ලද පුටු මේස පිළිසකර කර අධ්‍යාපනය ලබනට සිදු වි තිබේ . වතුකරයේ දෙමළ ජනයා මෙරට අසිතිවාසීකම් අහිමි දරිද්‍රතා රේඛාවේ අඩියේම ජිවත් වන ජනතාවකි . ඔවුන්ට කියා මේ රටේ බිම් අගලක්වත් නැති වැඩ කරන ජන කොටසකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *